හිරුණි දෙවන වේගවත්ම කාලය වාර්තා කරයි

153

වසරක පමණ විවේකයකින් පසුව මැරතන් පිටියට පිවිසි ශ්‍රී ලාංකික ක්‍රීඩිකා හිරුණි විජයරත්න ඊයේ (06) ස්පාඤ්ඤයේ පැවති Valencia මැරතන් තරගයේ දී සිය දෙවන වේගවත්ම කාලය මෙන්ම මෙරට ක්‍රීඩිකාවක් වාර්තා කළ දෙවන වේගවත්ම කාලය වාර්තා කිරීමට සමත් විය.

එම තරගාවලියේ කාන්තා මැරතන් තරගය පැය 2:36:16ක කාලයකින් අවසන් කළ හිරුණි විජයරත්න තරගකරුවන් 47ක් අතුරින් 32 දෙවැන්නා ලෙස අවසන් කිරීමට සමත් වූ අතර එම කාලය මෙරට මැරතන් ඉතිහාසයේ කාන්තාවක් වාර්තා කළ දෙවන කාලය ලෙස ද සටහන් වී තිබුණි.

තවත් මලල ක්‍රීඩා පුවත්:

එමෙන්ම මෙරට මැරතන් ජාතික වාර්තාවට ද හිමිකම් කියන හිරුණි විජයරත්න ඊයේ තරගයෙන් පසු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසු තමන් සහභාගි වූ මුල්ම මැරතන් තරගය මෙය බවත්, තමන් බලාපොරොත්තු වූ දස්කම් දැක්වීමට නොහැකි වූ නමුත් මෙය පෞද්ගලික වශයෙන් තමන් ලැබූ ජයක් බවයි.

At last, I ran my first marathon since winning the South Asian Games? It wasn’t all that I had hoped for, but it was a…

Posted by Hiruni Wijayaratne on Sunday, 6 December 2020

මීට අමතරව ලොව පුරා විශාල අවධානයක් දිනා ගත් මෙම මැරතන් තරගාවලියේ කාන්තා අදියර පැය 2:17:16ක කාලයකින් අවසන් කළ එම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන Peres Jepchirchir නව තරගාවලි වාර්තාවක් ද සමඟින් ජය ගැනීමට සමත් වූ අතර එම කාලය කාන්තා මැරතන් ඉතිහාසයේ වේගවත්ම කාලය ලෙස ද සටහන්ව තිබුණි.

එමෙන්ම තරගාවලියේ වඩාත්ම අවධානය දිනා ගත් පිරිමි කාණ්ඩයේ මැරතන් තරගය පැය 2:03:00ක කාලයකින් අවසන් කල කෙන්යානු ජාතික Evans Chebet තරගය ජය ගැනීමට සමත් විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<