වෙරළ වොලිබෝල් කාන්තා කණ්ඩායම බංග්ලාදේශයට

CAVA Beach Volleyball Tour 2022

243

දෙසැම්බර් 26 වැනිදා සිට 31 වැනිදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත CAVA Beach Volleyball තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් 26 වැනිදා දිවයිනෙන් පිටත් වීමට නියමිතයි.

තරගාවලිය නියෝජනය කරන එම කණ්ඩායම සඳහා දීපිකා බණ්ඩාර සහ චතුරිකා මධුෂානි ඇතුළත් වන අතර කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ චතුරිකා මධුෂානි හටයි.

එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ තක්ෂිලා ගුණසිංහ මෙනෙවියයි.

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම: චතුරිකා මධුෂානි (නායිකා – ශ්‍රී ලංකා යුද හමුදාව), දීපිකා බණ්ඩාර (ශ්‍රී ලංකා යුද හමුදාව), තක්ෂිලා ගුණසිංහ (පුහුණුකරු- ශ්‍රී ලංකා වරාය අධිකාරිය), සාගරී ගුණසිංහ (කණ්ඩායම් විනිසුරු)

මෙම තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<