2018/19 ‘Dialog’ රග්බි ලීගයට සියල්ල සූදානමින්

375

ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම අනුග්‍රාහකයා වන ‘Dialog Axiata PLC’ සමාගම අඛණ්ඩව 7 වන වසරටත් ‘Dialog’ රග්බි ලීග් තරගාවලියට ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දෙන අතර මෙවර තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමට පැවති මාධ්‍ය සාකච්ඡාව පසුගිය දා (05) සවස කොළඹ පිහිනුම් සමාජ පරිශ්‍රයේ දී පැවැත්විය.

එළඹෙන නොවැම්බර් මස 09 වන දින ආරම්භ වන 2018/19 තරග වාරය සඳහා වන ‘Dialog’ රග්බි ලීග් තරගාවලියත් සමඟ නැවතත් ශ්‍රී ලාංකේය රග්බි ක්‍රීඩාලෝලීන් හට සති 20ක කාලයක් පුරාවට අතිශය තරගකාරී තරග රැසක පහස විඳගන්නට අවස්ථාව උදාවේ.

උත්කර්ෂවත් රග්බි තරගාවලියේ කාලසටහන එලි දකී

2018/19 ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලිය නොවැම්බර් මස 9 වැනිදා ආරම්භ ….

තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සංවිධානය කරනු ලැබූ නිළ මාධ්‍ය සාකච්ඡාව ඊයේ සවස කොළඹ පිහුණුම් පරිශ්‍රයේ දී පැවති අතර ඒ සඳහා තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම්, සංවිධායක මණ්ඩලය, තරග විනිශ්චයකාරවරුන්ගේ සංගමය, මාධ්‍ය ආයතන සහ විශේෂයෙන්ම ගරු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා යන අය එක්වූහ.

තවදුරටත් මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රග්බි ආයතනයේ (SLR) ගරු සභාපති ලසිත ගුණරත්න, ශ්‍රී ලංකා රග්බි ආයතනයේ උප සභාපති රිස්වි ඉල්යාස් සහ ‘Dialog Axiata’ ආයතනයේ අලෙවිකරණ අංශයේ සන්නාම සහ මාධ්‍ය පිළිබඳ සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක යන මහත්වරු ද එක්වූහ.    

කණ්ඩායම්වලට විදේශීය ක්‍රීඩකයින් ඇතුළත් කර ගැනීම පිළිබඳව ඇති රෙගුලාසි සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ උප සභාපති රිස්වි ඉල්යාස් මහතා ප්‍රකාශ කර සිටියේ එක් තරගයක් සඳහා කණ්ඩායමකින් තරග ආරම්භක ලැයිස්තුවෙන් හෝ ආදේශකයක් ලෙස හෝ ඇතුළත් කළ හැක්කේ එක් විදේශීය ක්‍රීඩකයෙක් පමණක් වන බවයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ මෙම වසරේ සැලැස්ම සාර්ථක වුවහොත් ලබන වසරේ සිට කණ්ඩායම් 8 සඳහාම විදේශීය ක්‍රීඩකයින් නැවතත් ඇතුළත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රග්බි ආයතනය සලකා බලන බවයි.

අඛණ්ඩව පස්වැනි තරගාවලි ජය සොයා යන මහනුවර ක්‍රීඩකයෝ

ශ්‍රී ලංකාවේ පැරණිතම මෙන්ම ප්‍රබලතම ක්‍රීඩා සමාජයක් වන මහනුවර ක්‍රීඩා සමාජය මෙවර…

මෙම අවස්ථාව සඳහා එක්වෙමින් අදහස් දැක්වූ ගරු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ‘Dialog Axiata PLC’ සමාගම රග්බි ක්‍රීඩාවට පමණක් නොව ශ්‍රී ලංකාව තුළ ඇති අනෙකුත් ක්‍රීඩා රාශියකට ලබා දෙන අනුග්‍රාහකත්වය සහ සහයෝගය පිළිබඳව ඔවුන්ට සිය ස්තුතිය පළකර සිටියේ ය.

“Dialog ආයතනය මගේ ජීවිතය පහසු කරනවා!” සිනහ මුසු මුහුණකින් ඔහු මෙහි දී පැවසීය.

>> මාධ්‍ය හමුවේ ඡායාරූප ඇල්බමය <<

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව කෙරෙහි ක්‍රීඩා අමාත්‍යංශය සතු කාර්යභාරය පිළිබඳව මෙහි දී පැන නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ගරු සභාපති ලසිත ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩා අමාත්‍යංශය ඔවුන්ට අවශ්‍ය සෑම අවස්ථාවක දී ම අවශ්‍ය සහයෝගය ලබා දෙන බැවින් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සඳහා නිසි පද්ධතියක් සකස් කිරීමට හැකි වනු ඇති බවට ඔහු තුළ දැඩි විශ්වාසයක් ඇති බවයි.

එමෙන්ම මෙහි දී අදහස් දැක්වූ ‘Dialog Axiata’ ආයතනයේ අලෙවිකරණ අංශයේ සන්නාම සහ මාධ්‍ය පිළිබඳ සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ නම ඉහළට රැගෙන යා හැකි ඕනෑම ක්‍රීඩාවකට, ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට අවශ්‍ය සහයෝගය ‘Dialog’ ආයතනය කිසිදු පැකිළීමකින් තොරව ලබා දීමට සූදානමෙන් පසුවන බවයි.  

තරුණ ජවය සමඟින් පොලිස් ක්‍රීඩා සමාජය අඳුරු මතක මකා දමන්නට සූදානම්

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ආරම්භ වීම සඳහා තවත් ඇත්තේ දින දහයකටත් …

මෙම අවස්ථාව සඳහා තරගාවලිය සඳහා සහභාගී වන සියලුම කණ්ඩායම්වල ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ කළමනාකාරවරුන් ද එක්ව සිටි අතර මාධ්‍ය සාකච්ඡාව අවසානයේ ඔවුන් සංවිධායක මණ්ඩලය සමඟ සුහද පිළිසඳරක නිරත විය.

‘Dialog’ රග්බි ලීග් තරගාවලිය අවසානයේ සුපුරුදු පරිදි ‘Dialog’ ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලිය ද පැවැත්වෙන අතර මෙම තරගාවලි සියල්ල පිළිගත් ලෝක රග්බි නීති රීති වලට අනුකූලව පවත්වනු ලබයි.

2018/19 ‘Dialog’ රග්බි ලීග් තරගාවලියේ සියලුම තරගවල සජීවී ආවරණය සඳහා ThePapare.com සමඟින් රැඳී සිටින්න.  

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<