කනිෂ්ඨ ලෝක ශූරතාවයට සුදුසුකම් ලැබීමේ කාලසීමාව නිකුත් වෙයි

128

කොරෝනා වසංගතය නිසාවෙන් ලබන වසර (2021) දක්වා කල් දැමූ ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව සඳහා ඉදිරිපත් කළ නව සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව සඳහා ලෝක මලල ක්‍රීඩා සංගමයේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව මීට පෙර 2019 ඔක්තෝබර් 01 සිට 2020 අප්‍රේල් 05 වැනිදා දක්වා ලබා දී තිබූ සුදුසුකම් ලබාගැනීමේ කාලසීමාව අවලංගු වන අතර තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට 2020 දෙසැම්බර් 01 සිට 2021 අගෝස්තු 08 වැනිදා දක්වා කාලසීමාව වෙන් කිරීමට කටයුතු කර ඇත.

එනමුත් පැරණි සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාවේ දී දස්කම් දැක්වූ ලෝක ශ්‍රේණිගත කිරීම් හී ඉහළින් සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මෙම තරගාවලිය සඳහා ඇතුළත් වීමට අවස්ථාව හිමිවන අතර පසුගිය තරගාවලියේ ශූරතා දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ද wild card අවස්ථාවකින් තරගාවලියට එක්වීමට අවස්ථාව හිමි වේ.

තවත් මලල ක්‍රීඩා පුවත්:

මෙම වසරේ ජූලි 07 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මලල ක්‍රීඩා කනිෂ්ඨ ලෝක ශූරතාව කොරෝනා වසංගත තත්වය නිසාවෙන් ලබන වසරේ (2021) අගෝස්තු 17 වැනිදා සිට 22 වැනිදා දක්වා ගිම්හාන ඔලිම්පික් උළෙලෙන් පසුව පැවැත්වීමට සංවිධායකයින් තීරණය කරන ලදි.

මීට අමතරව 2022 වසරේ පැවැත්වීමට නියමිතව ඇති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ද සුදුසුකම් ලැබීමේ කාලසීමාවන් කිහිපයකට ලෝක මලල ක්‍රීඩා සංගමයේ අනුමැතිය හිමිව තිබුණි.

>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්නමලල ක්රීඩා පිටුවට <<