2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (30) පැවති තීරණාත්මක තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් වුනා.
තරගාවලියේ මේ දක්වා කණ්ඩායම් දෙකම තරග දෙක බැගින් ජයග්‍රහණය කර තිබූ නිසා අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තබා ගැනීමට නම් මෙම තරගය දෙපිලටම ඉතාම වැදගත් වුනා.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය සඳහා වෙනස්කම් දෙකක් සහිතව අවතීර්ණ වූ අතර ආබාධයකට ලක් වූ ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර සහ කුසල් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න කණ්ඩායමට කැඳවා තිබුණා.
තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්,
- ශ්‍රී ලංකාව– පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් (නායක), සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ඩිල්ෂාන් මදුශංක.
- ඇෆ්ගනිස්තානය – Rahmanullah Gurbaz, Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi(c), Azmatullah Omarzai, Ikram Alikhil, Mohammad Nabi, Rashid Khan, Mujeeb Ur Rahman, Naveen-ul-Haq, Fazalhaq Farooqi.
ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක සම්බන්ධතාව ලකුණු 22කට සීමා කරමින් දිමුත් ලකුණු 15කට දවා ගැනීමට Fazalhaq Farooqiට හැකි වුනේ ඇෆ්ගනිස්තානයට හොඳ ආරම්භයක් ලබා දෙමිනුයි.
නමුත් පසුව කඩුල්ලේ එක් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 61ක සම්බන්ධතාවක් පිහිට වූ අතර ලකුණු 46ක් ලබා සිටි පැතුම් අවාසනාවන්ත ලෙස දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 84ක් වන විටයි.
ශ්‍රී ලංකා ලකුණු පුවරුව 139ක් වන විට ලකුණු 39ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් සහ ලකුණු 36ක් ලබා සිටි සදීර සමරවික්‍රම දවා ගැනීමට Mujeeb Ur Rahmanට හැකි වුනේ ඇෆ්ගනිස්තානය නැවත තරගයට අවතීර්ණ කරමිනුයි.
ධනංජය ද සිල්වා ලකුණු 14කට සහ චරිත් අසලංක ලකුණු 23කට දවා ගැනීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ට හැකි වුනේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු හයක් දැවී ලකුණු 180ක් බවට පත් කරමිනුයි.
ශ්‍රී ලංකා පසුපෙළ ශක්තිමත් කරමින් මහීෂ් තීක්ෂණ අගනා ලකුණු 29ක් රැස් කිරීමට සමත් වූ අතර මැදපෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් පන්දු 26කට මුහුණ දෙමින් ලකුණු 23ක් රැස් කළා.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 49.3ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 241ක් රැස් කළේ ඇෆ්ගනිස්තානයට ලකුණු 242ක ඉලක්කයක් ලබා දෙමිනුයි.
- ලහිරු කුමාර ලෝක කුසලානයෙන් ඉවතට
- පරාජිත මඟ වලකාලීමේ මං සොයන නෙදර්ලන්ත තරගයට පෙර
- ලෝක ශූරයින් පරදවමින් ශ්‍රී ලංකාවට තවත් ජයක්
- ලෝක කුසලානයේ අඩක් අවසන්; ශ්‍රී ලංකාව තවමත් සටනේ
- මැතිව්ස් සහ චමීර ඉන්දියාවට!
242ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට ඩිල්ෂාන් මදුශංක සමත් වූවත්, දෙවැනි කඩුල්ල සඳහා Ibrahim Zadran සහ Rahmat Shah එක්ව ලකුණු 72ක සම්බන්ධතාවක් ගොඩනැගුවා.
ලකුණු 39ක් ලබා සිටි Ibrahim Zadran ලකුණු 39කට ඩිල්ෂාන්ගේ පන්දුවක් හමුවේ ක්‍රීඩා පිටියෙන් ඉවත් වූවත්, අගනා ඉනිමක් ක්‍රීඩා කළ Rahmat Shah පන්දු 74කට මුහුණ දෙමින් ලකුණු 62ක් රැස් කළේ තරගයේ වැඩි ගෞරව ඇෆ්ගනිස්තානයට දිනා දෙමිනුයි.
අගනා ඉනිම් ක්‍රීඩා කරමින් ඇෆ්ගනිස්තාන නායක Hashmatullah Shahidi සහ Azmatullah Omarzai වාර්තා කළ අර්ධ ශතක සමඟ පන්දුවාර 45.2ක් අවසානයේ ජයග්‍රාහී සීමාව පසු කළා.
ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 111ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ නැගූ අතර මෙම ජයග්‍රහණය සමඟ ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට අඛණ්ඩව තරග දෙකක් ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්තානයට හැකි වුනා.
[insert_php] $contents = file_get_contents(“https://stats.thepapare.com/cricket/embed/match_result/afghanistan-vs-sri-lanka-icc-cricket-world-cup-30th-match”); echo $contents;[/insert_php]
මෙම තරගයේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<