Home Sinhala ලෝක ශූරයින් පරදවමින් ශ්‍රී ලංකාවට තවත් ජයක්

ලෝක ශූරයින් පරදවමින් ශ්‍රී ලංකාවට තවත් ජයක්

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

874

මේ දිනවල ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (26) පැවති තීරණාත්මක තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරගවලින් කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගෙන තරග තුනක් පරාජය වී තිබූ නිසා තරගාවලියේ ඉදිරිය ගැන බලාපොරොත්තු තබා ගැනීමට දෙපිලටම මෙම තරගය ඉතා වැදගත්.

පෙර තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ චාමික කරුණාරත්න සහ දුෂාන් හේමන්තට අද සිය ස්ථාන අහිමි වී තිබූ අතර ඒ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් සහ ලහිරු කුමාර  කණ්ඩායමට කැඳවා තිබුණා.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව – පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස් (නායක), සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, ලහිරු කුමාර, ඩිල්ෂාන් මදුශංක, කසුන් රාජිත, මහීෂ් තීක්ෂණ.
  • එංගලන්ත සංචිතය– Jonny Bairstow, Dawid Malan, Joe Root, Ben Stokes, Jos Buttler (c & wk), Liam Livingstone, Moeen Ali, Chris Woakes, David Willey, Adil Rashid, Mark Wood

අද තරගයේ කාසියේ වාසිය එංගලන්ත නායකයා විසින් දිනා ගැනීමට සමත් වූ අතර ඔහු පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

සිය නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටු කරමින් පළමු කඩුල්ල සඳහා වේගවත් ආරම්භයක් ලබා ගැනීමට එංගලන්ත ක්‍රීඩකයින්ට හැකි වූවත්, Dawid Malan ලකුණු 28කට දවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස්ට හැකි වුනා.

Joe Root හට සාර්ථක වීමට අවස්ථාවක් ලබා නොදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් දුවද්දී දැවී යාමකට හසු කර ගමින් Joe Root දවා ගන්නා විට එංගලන්ත ලකුණු පුවරුව දිස් වුනේ කඩුලු දෙකක් දැවී ලකුණු 57ක් ලෙසයි.

ලකුණු 30ක් ලබා සිටි Jonny Bairstow කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ පිටියෙන් ඉවත් වෙද්දී, නායක Jos Buttler සහ Liam Livingstone දවා ගැනීමට ලහිරු කුමාර සමත් වුනේ එංගලන්ත පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරමිනුයි.

එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 122ක් වන විට නැවත ක්‍රියාත්මක වූ මැතිව්ස් විසින් Moeen Ali ලකුණු 15කට දවා ගැනීමට සමත් වූ අතර Chris Woakes එක් ලකුණකට රාජිතගේ පන්දුවකට දැවී ගියා.

එංගලන්ත ඉනිමේ සාර්ථකම පිතිකරුවා වූ Ben Stokes ලකුණු 43ක් ලබා සිටිය දී ලහිරුගේ තෙවැනි කඩුල්ල ලෙස ක්‍රීඩා පිටියෙන් ඉවත් වූ අතර ලකුණු 2ක් ලබා සිටි Adil Rashid දැවී ගියේ කුසල් මෙන්ඩිස් ලබා ගත් අගනා දුවද්දී දැවී යාම නිසයි.

ලකුණු 5ක් ලබා සිටි Mark Wood එංගලන්ත ඉනිමේ අවසන් කඩුල්ල ලෙස මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ඒ සමඟ එංගලන්ත ඉනිම ලකුණු 156කට සීමා වුනා.

ලකුණු 157ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් පෙරේරා ලකුණු 4කට ක්‍රීඩා පිටියෙන් ඉවත් වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 9ක් වන විටයි.

ලකුණු 11ක් ලබා සිටි නායක කුසල් මෙන්ඩිස් David Willeyගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරමිනුයි.

නමුත් පසුව පිටියේ එක් වූ පැතුම් නිස්සංක සහ සදීර සමරවික්‍රම තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 137ක නොබිඳුණු සම්බන්ධතාවක් පිහිටුවමින් පන්දුවාර 25.4ක් පමණක් වැය කරමින් ජයග්‍රාහී සීමාව පසු කළා.

තරගාවලියේ අඛණ්ඩව ලබා ගත් තෙවැනි අර්ධ ශතකය වාර්තා කළ පැතුම් නිස්සංක නොදැවී ලකුණු 77ක් රැස් කළ අතර තරගාවලියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කළ සදීර නොදැවී ලකුණු 65යි.

ඒ සමඟ තරගාවලියේ ලබා ගත් දෙවැනි ජයග්‍රහණය ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුනේ තරගාවලියේ ඉදිරිය ගැන බලාපොරොත්තු ඉහළ නංවමිනුයි.

Result


England
156/10 (33.2)

Sri Lanka
160/2 (23.4)

Batsmen R B 4s 6s SR
Jonny Bairstow c Dhananjaya de Silva b Kasun Rajitha 30 31 3 0 96.77
Dawid Malan c Kusal Mendis b Angelo Mathews 28 25 6 0 112.00
Joe Root run out (Angelo Mathews) 3 10 0 0 30.00
Ben Stokes c Dushan Hemantha b Lahiru Kumara 43 73 6 0 58.90
Jos Buttler c Kusal Mendis b Lahiru Kumara 8 6 1 0 133.33
Liam Livingstone lbw b Lahiru Kumara 1 6 0 0 16.67
Moeen Ali c Kusal Perera b Angelo Mathews 15 15 1 0 100.00
Chris Woakes c Sadeera Samarawickrama b Kasun Rajitha 0 4 0 0 0.00
David Willey not out 14 17 1 1 82.35
Adil Rashid run out (Kusal Mendis) 2 7 0 0 28.57
Mark Wood st Kusal Mendis b Mahesh Theekshana 5 6 1 0 83.33


Extras 7 (b 0 , lb 3 , nb 0, w 4, pen 0)
Total 156/10 (33.2 Overs, RR: 4.68)
Bowling O M R W Econ
Dilshan Madushanka 5 0 37 0 7.40
Kasun Rajitha 7 0 36 2 5.14
Mahesh Theekshana 8.2 1 21 1 2.56
Angelo Mathews 5 1 14 2 2.80
Lahiru Kumara 7 0 35 3 5.00
Dhananjaya de Silva 1 0 10 0 10.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka not out 77 83 7 2 92.77
Kusal Perera c Ben Stokes b David Willey 4 5 1 0 80.00
Kusal Mendis c Jos Buttler b David Willey 11 12 2 0 91.67
Sadeera Samarawickrama not out 65 54 7 1 120.37


Extras 3 (b 0 , lb 0 , nb 0, w 3, pen 0)
Total 160/2 (23.4 Overs, RR: 6.76)
Bowling O M R W Econ
Chris Woakes 4 0 18 0 4.50
David Willey 5 0 30 2 6.00
Adil Rashid 4.4 0 39 0 8.86
Mark Wood 4 0 23 0 5.75
Liam Livingstone 3 0 17 0 5.67
Moeen Ali 3 0 21 0 7.00



තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව ඇති අතර එම තරගය ඇතුළු තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<