Home Sinhala ඇෆ්ගනිස්ථානයට අමිහිරි පරාජයක් උරුම කරමින් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ඇෆ්ගනිස්ථානයට අමිහිරි පරාජයක් උරුම කරමින් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

351

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද (7) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති තෙවැනි එක්දින තරගය කඩුලු 9කින් ජය ගත් ශ්‍රී ලංකාව 2-1ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගන්නට සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. පළමු තරග දෙකම එකම තණතීරුවක පැවැත්වුණු නමුත්, මේ තරගය අලුත්ම තණතීරුවක ක්‍රියාත්මක වුනා.

ශ්‍රී ලංකාව සිය ජයග්‍රාහී කණ්ඩායමේ වෙනස්කමක් සිදු කරමින් කසුන් රාජිත වෙනුවට ලහිරු කුමාර කණ්ඩායමට කැඳවා තිබුණු අතර ඇෆ්ගනිස්ථානය සිය ප්‍රධානතම දඟපන්දු තුරුම්පුව වන Rashid Khan සහ Gulbadin Naib කණ්ඩායමට කැඳවා තිබෙන්නේ Noor Ahmad සහ Azmatullah Omarzai වෙනුවටයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම

ශ්‍රී ලංකාව – Dimuth Karunaratne, Pathum Nissanka, Kusal Mendis (wk), Charith Asalanka, Sadeera Samarawickrama, Dasun Shanaka (c), Dhananjaya de Silva, Wanindu Hasaranga, Maheesh Theekshana, Dushmantha Chameera, Lahiru Kumara

ඇෆ්ගනිස්ථානය – Rahmanullah Gurbaz (wk), Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi (c), Najibullah Zadran, Mohammad Nabi, Mujeeb Ur Rahman, Rashid Khan, Fazalhaq Farooqi, Gulbadin Naib, Farid Malik

සුපුරුදු පරිදි ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් Rahmanullah Gurbaz සමඟ Ibrahim Zadran ආරම්භක පිතිකරුවෙන් ලෙස පිටියට අවතීර්ණ වුනු නමුත්, Gurbaz හට මේ තරගාවලිය ඉතාමත් අසාර්ථක තරගාවලියක් (තරග තුනේ දී ලකුණු 14, 2, 8) බවට පත් කරමින් ලහිරු කුමාරගේ බවුන්සර් පන්දුවක් හමුවේ දැවී ගියා.

ඉන් නොනැවතුණු ශ්‍රී ලංකා ආරම්භක වේගපන්දු යවන්නන් යුගලය වුනු චමීර සහ කුමාර ඇෆ්ගනිස්ථාන මුල්පෙළට දැඩි පීඩනයක් එල්ල කරමින් ඔවුන්ගේ මුල් කඩුලු 4 ලකුණු 48ක් තුල දවා ගන්නට සමත් වුනා.

පළමු Powerplay අවස්ථාව අවසන් වන විට ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 54ක් ලබාගෙන කඩුලු දැවී යාම අතින් අසීරු මට්ටමක සිටි නමුත් පන්දුවාරයකට දල ලකුණු ලබා ගැනීමේ වේගය හොඳ මට්ටමක තිබුණා.

ඇෆ්ගනිස්ථාන ඉනිම අසීරු අවස්ථාවෙන් මුදා ගැනීමට උපරිම වෙහෙස දරූ Mohammad Nabi සහ Najibullah Zadran පන්දු 24ක් තුල ලකුණු 24ක සබඳතාවයක් ගොඩනංවා තිබිය දී චමීර Najibullahගේ කඩුල්ල දවා ගනිමින් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට රැගෙන ආවා.

ඔවුන්ගේ අවසන් කඩුලු 5 ලකුණු 44ක් තුල දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා.  එය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් අඩුම එක්දින ලකුණු ප්‍රමාණය වුනු අතර 2017 වසරට පසුව ඔවුන් ලබා ගත් අඩුම එක්දින ලකුණු ප්‍රමාණය ද වුනා. තවද එය ඇෆ්ගනිස්ථානය එක්දින තරගයක පළමුව පන්දුවට පහර දීමේ දී ලබා ගත් අඩුම ලකුණු ප්‍රමාණය ද වුනා.

පළමු තරගයේ දී ලකුණු 98ක් සහ දෙවැනි තරගයේ දී අර්ධ ශතකයක් ලබාගෙන තරගාවලිය පුරාවට ශ්‍රී ලංකාවට හිසරදයක් වුනු Ibrahim Zadran හට මේ තීරණාත්මක තරගයේ දී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 22ක් පමණක් වන අතර ඔහුගේ ප්‍රබල කඩුල්ල ලහිරු කුමාර විසින් දවා ගත්තා.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 63කට කඩුලු 4ක් දවා ගනිමින් සුපිරි පන්දුකරණයක නිරත වුනු අතර වනිඳු හසරංග කඩුලු 3ක් දවා ගන්නා විට, ආබාධයකට පසුව රාජිත වෙනුවට කණ්ඩායමට පැමිණි ලහිරු කුමාර කඩුලු 2ක් දවාගෙන දස්කම් දැක්වූවා.

ලකුණු 117ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු නිස්සංක සහ කරුණාරත්න පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 84ක සුපිරි සහ වේගවත් ආරම්භක සබඳතාවයක් ලබා දෙමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය පහසු කළා.

ඒ සඳහා වැඩි දායකත්වය දැක්වූ නිස්සංක සිය 7 වැනි එක්දින අර්ධ ශතකය ලබා ගනිමින් පන්දු 34ක් තුල ලකුණු 51ක් ලබා ගත් අතර පන්දු 32ක් තුල සිය අර්ධ ශතකය සපුරා ගැනීමට ඔහු සමත් වුනා.

එසේම නොදැවී ලකුණු 56*ක් ලබාගෙන නොකඩවා දෙවැනි අර්ධ ශතකය ලබා ගත් කරුණාරත්න සිය 8 වැනි එක්දින අර්ධ ශතකය ලබා ගත්තේ පන්දු 45ක් තුල 4 පහර 7ක් එල්ල කරමින්. මෙන්ඩිස් නොදැවී ලකුණු 11*ක් ලබා ගත්තා.

අවසානයේ දී පන්දුවාර 16ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ශ්‍රී ලංකාව මේ ඉලක්කය හඹා ගොස් ඉතාමත් පහසුවෙන් තරගය ජය ගත්තා. ඇෆ්ගනිස්ථානය 2023 ICC ලෝක කුසලානය සඳහා සෘජුව සුදුසුකම් ලබාගෙන තිබෙන කණ්ඩායමක් වන අතර ඔවුන්ට එරෙහිව ලබා ගත් මේ තරගාවලි ජයග්‍රහණය එළඹෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා යන ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් හොඳ මානසික සහනයක්.

අවසන් එක්දින තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත් දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා සම්මාන ද දිනා ගත්තා.

Result


Sri Lanka
120/1 (16)

Afghanistan
116/10 (22.2)

Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz c Chamika Karunaratne b Lahiru Kumara 8 10 2 0 80.00
Ibrahim Zadran b Lahiru Kumara 22 21 4 0 104.76
Rahmat Shah c Kusal Mendis b Dushmantha Chameera 7 11 1 0 63.64
Hashmatullah Shahidi c Kusal Mendis b Dushmantha Chameera 4 3 1 0 133.33
Mohammad Nabi lbw b Dushmantha Chameera 23 23 2 0 100.00
Najibullah Zadran c Wanindu Hasaranga b Dushmantha Chameera 10 13 2 0 76.92
Gulbadin Naib c Dhananjaya de Silva b Mahesh Theekshana 20 21 4 0 95.24
Rashid Khan lbw b Wanindu Hasaranga 2 8 0 0 25.00
Mujeeb ur Rahman c Kusal Mendis b Wanindu Hasaranga 0 4 0 0 0.00
Fazal Haq Farooqi lbw b Wanindu Hasaranga 4 15 1 0 26.67
Fareed Ahmad not out 13 7 0 1 185.71


Extras 3 (b 0 , lb 1 , nb 2, w 0, pen 0)
Total 116/10 (22.2 Overs, RR: 5.19)
Fall of Wickets 1-13 (1.6) Rahmanullah Gurbaz, 2-27 (4.3) Rahmat Shah, 3-31 (4.6) Hashmatullah Shahidi, 4-48 (8.4) Ibrahim Zadran, 5-72 (12.4) Najibullah Zadran, 6-77 (14.1) Mohammad Nabi, 7-80 (15.4) Rashid Khan, 8-92 (17.2) Mujeeb ur Rahman, 9-103 (20.4) Gulbadin Naib, 10-116 (22.2) Fazal Haq Farooqi,

Bowling O M R W Econ
Dushmantha Chameera 9 0 63 4 7.00
Lahiru Kumara 5 0 29 2 5.80
Mahesh Theekshana 4 0 16 1 4.00
Wanindu Hasaranga 4.2 1 7 3 1.67


Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Gulbadin Naib 51 34 8 2 150.00
Dimuth Karunaratne not out 56 45 7 0 124.44
Kusal Mendis not out 11 17 1 0 64.71


Extras 2 (b 0 , lb 1 , nb 0, w 1, pen 0)
Total 120/1 (16 Overs, RR: 7.5)
Fall of Wickets 1-84 (10.1) Pathum Nissanka,

Bowling O M R W Econ
Fazal Haq Farooqi 4 0 33 0 8.25
Fareed Ahmad 1 0 8 0 8.00
Mujeeb ur Rahman 2 0 18 0 9.00
Rashid Khan 4 0 21 0 5.25
Gulbadin Naib 2 0 19 1 9.50
Mohammad Nabi 3 0 20 0 6.67



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<