Home Sinhala එකම තරගයක ශතක දෙකක් මඟ හැරෙද්දී පළමු වෙඩිල්ල ඇෆ්ගනිස්ථානයෙන්

එකම තරගයක ශතක දෙකක් මඟ හැරෙද්දී පළමු වෙඩිල්ල ඇෆ්ගනිස්ථානයෙන්

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

503
Afghanistan tour of Sri Lanka 2023

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන ජාත්‍යන්තර එක්දින තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (2) සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. එම තරගයෙන් කඩුලු 6ක ජයක් හිමිකර ගත් ඇෆ්ගනිස්ථානය 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ දිනා ගන්නට සමත් වුනා. 

දින 1192කට පසුව සූරියවැව දී එක්දින ජාත්‍යන්තර තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වුනු අතර එහි දී කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථානය පළමුව පන්දු රැකීමට තීරණය කළා. 

මේ තරගයේ දී වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහ දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුශාන් හේමන්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත් අතර සංචිතය තුල සිටින අත්දැකීම් බහුලතම වේගපන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර නොමැතිව ශ්‍රී ලංකාව මේ තරගයට අවතීර්ණ වීම තරමක් විශ්මයජනක සිදුවීමක් වුනා. 

>>Photos – Afghanistan tour of Sri Lanka 2023 | 1st ODI<< 

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්, 

ශ්‍රී ලංකාව – Dimuth Karunaratne, Kusal Mendis, Pathum Nissanka, Charith Asalanka, Angelo Mathews, Dasun Shanaka (capt.), Dhananjaya de Silva, Dushan Hemantha, Kasun Rajitha, Lahiru Kumara, Matheesha Pathirana 

ඇෆ්ගනිස්ථානය – Rahmanullah Gurbaz, Ibrahim Zadran, Rahman Shah, Hashmatullah Shahidi (capt.), Najibullah Zadran, Mohammed Nabi, Azmatullah Omarzai, Mujeeb Ur Rahman, Noor Ahmad, Fazalhaq Farooqi, Fareed Ahmad 

වසර දෙකකට වැඩි කාලකයට පසුව ශ්‍රී ලංකා ජාතික එක්දින කණ්ඩායමට පැමිණි දිමුත් කරුණාරත්න හට ලකුණු 4කට දැවී යන්නට සිදු වුනේ මේ ක්‍රීඩාංගණය තුල දිමුත්ගේ සිව්වැනි (මීට පෙර ඉනිම තුනේ දී – 0,4,1) එක්දින ජාත්‍යන්තර අසාර්ථක ඉනිමක් බවට පත්කරමිනි.

කරුණාරත්නගේ දැවී යාමට පසුව මෙන්ඩිස් (ලකුණු 11), නිස්සංක (ලකුණු 38) සහ අද දිනයේ සිය උපන් දිනය සමරන මැතිව්ස් (ලකුණු 12) යන ක්‍රීඩකයින්ගේ කඩුලු 3 ලකුණු 78ක් තුල බිඳ දැමීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් සමත් වුනා.

පන්දුවාර 19කුත් පන්දු 2ක් අවසානයේ ලකුණු 84කට කඩුලු 4ක් බිඳ වැටී තිබුණු අවස්ථාවේ පිටියේ එක්වුණු අසලංක සහ ධනංජය ද සිල්වා යන දකුණත් පිතිකරුවන් යුගලය පන්දු 108ක් තුල ලකුණු 99ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ඉනිමේ මැදපෙළ ස්ථාවර කිරීමට සමත් වීම නිසාවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 250 සීමාව ඉක්මවා යන්නට අවශ්‍ය අඩිතාලම සකස් වුනා.

එය ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගයක ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු අතර ගොඩනැංවුණු තෙවැනි හොඳම සබඳතාවය වුනා. 

එහි දී සිය 9 වැනි අර්ධ ශතකය ලබා ගත් ධනංජය ද සිල්වා සිය අර්ධ ශතක සම්පූර්ණ කළ සැණින් පිටියෙන් ඉවත් කිරීමට Mohammad Nabi සමත් වුනු අතර ඔහුගේ ඉනිම 4 පහර 5කින් වර්ණවත් වුනා. නායක දසුන් ශානක ලකුණු 17යි.

සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ දුශාන් හේමන්ත සහ අසලංක එක්ව ශ්‍රී ලංකා ඉනිම තුල ගොඩනැංවුණු දෙවැනි හොඳම සබඳතාවය 7 වැනි කඩුල්ල වෙනුවෙන් නිර්මාණය කරමින් පන්දු 35ක් තුල ලකුණු 48ක සබඳතාවයක් ගොඩනැංවූවා. හේමන්ත පන්දු 20ක් තුල ලකුණු 22ක් තරමක වේගවත් ඉනිමක් දියත් කරමින් සිටියදී දැවී ගියා. 

සිය දෙවැනි එක්දින ශතකය අභියස සිටි අසලංක ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයේ දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවීම නිසා ලකුණු 91කට දැවී ගිය අතර ඔහු මේ තරගයේ දී ලබා ගත්තේ සිය 8 වැනි එක්දින අර්ධ ශතකයයි. අසලංකගේ ඉනිම පන්දු 95ක් තුල 4 පහර 12කින් වර්ණවත් වුනා. 

අවසානයේ දී ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුල සියල්ලන්ම දැවී ලකුණු 268ක් ලබා ගත් අතර මේ ලකුණු පුවරුව ගොඩනැංවීමේ දී 4 පහර 21ක්, 6 පහරක්, නිලකුණු පන්දු 153ක්, ලකුණු 1 අවස්ථාවන් 96ක්, ලකුණු 2 අවස්ථාවන් 18ක්, ලකුණු 3 අවස්ථාවන් 2ක් සහ අතිරේක ලකුණු 17ක් ඇතුලත් වුනා. 

පන්දු යැවීමේ දී Farooqi සහ Fareed Ahmad යන වමත් වේගපන්දු යවන්නන් දෙදෙනා කරුණාරත්න, මෙන්ඩිස්, මැතිව්ස් සහ හේමන්ත යන ක්‍රීඩකයින් දවාගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන්ව පීඩනයට හසු කළා. 

ලකුණු 269ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරුවන් වුනු Ibrahim Zadran සහ Rahmanullah Gurbazගේ සබඳතාවය ලකුණු 25කට සීමා කරන්නට කුමාර සමත් වුනා. පළමු Powerplay අවස්ථාව ලැබෙන පන්දුවාර 10 තුල කඩුල්ලක් පමණක් දැවී ලකුණු 45ක් ලබා ගත් ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාව හා සමාන වුනු ආරම්භයක් ලබා ගත්තා.

Rahmat Shah සහ Ibrahim Zadran යන දෙදෙනා ඇෆ්ගනිස්තානය වෙනුවෙන් එක්දින ක්‍රිකට් පිටියේ ගොඩනැංවූ තෙවැනි ශතක සබඳතාවය අද දිනයේ දී ද ශ්‍රී ලංකාවට එරෙහිව ගොඩනැංවූවා. මේ තරගයේ දී ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 149ක් තුල ලකුණු 146ක සුපිරි සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් යොමු කළා.

එම සබඳතාවය අවසන් කරමින් ලකුණු 98ක් ලබාගෙන සිය සිව්වැනි ශතකය ආසන්නයේ සිටි Zadranගේ කඩුල්ල රාජිත විසින් දවා ගත්තේ කෙටි වේගවත් පන්දුවකට පුල් පහරකට ආරාධනා කරමින් වුවත්, එය සාර්ථකව ස්ථානගත කරගැනීමට ඔහු අපොහොසත් වීම නිසා එතුවක් වෙලාවක් ඉවසිල්ලෙන් ගොඩනැංවූ ඉනිම අවසන් වුනා. පන්දු 98ක් තුල වාර්තා වුනු Zadranගේ ඉනිමට 4 පහර 11ක් සහ 6 පහර 2ක් ඇතුලත් වුනා. 

අංක 3 පිතිකරු ලෙස සාර්ථක වුනු Rahmat Shah සිය 23 වැනි එක්දින ශතකය වාර්තා කර ගත් අතර පන්දු 80ක් තුල වාර්තා වුනු එම ඉනිමට 4 පහර 3ක් ඇතුලත් වුනා. නායක Hashmatullah Shahidi ලකුණු 38යි. අවසානයේ දී ඔවුන් පන්දුවාර 46කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් දැවී සිය ඉලක්කය සපුරාගත්තේ ඉතාමත් පහසුවෙන් තරගය ජයගෙනයි. පන්දු යැවීමේ දී රාජිත කඩුලු 2ක් දවාගන්නා විට, ලහිරු කුමාර සහ මතීෂ පතිරණ එක් කඩුල්ල බැගින් දවා ගත්තා. 

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය මේ මස 4 වැනිදා මේ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත අතර එහි තරග තොරතුරු ද ඔබ වෙතට රැගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


Sri Lanka
268/10 (50)

Afghanistan
269/4 (46.5)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Hashmatullah Shahidi b Mujeeb ur Rahman 38 59 5 0 64.41
Dimuth Karunaratne c Rahmat Shah b Fazal Haq Farooqi 4 6 1 0 66.67
Kusal Mendis c Rahmat Shah b Fazal Haq Farooqi 11 17 2 0 64.71
Angelo Mathews c Rahmanullah Gurbaz b Fareed Ahmad 12 21 0 0 57.14
Charith Asalanka run out (Rahmanullah Gurbaz) 91 95 12 0 95.79
Dhananjaya de Silva b Mohammad Nabi 51 59 5 0 86.44
Dasun Shanaka b Noor Ahmad 17 16 1 0 106.25
Dushan Hemantha c Noor Ahmad b Fareed Ahmad 22 20 1 1 110.00
Lahiru Kumara not out 4 5 0 0 80.00
Kasun Rajitha b Azmatullah Omarzai 0 1 0 0 0.00
Matheesha Pathirana run out (Hashmatullah Shahidi) 1 2 0 0 50.00


Extras 17 (b 0 , lb 2 , nb 1, w 14, pen 0)
Total 268/10 (50 Overs, RR: 5.36)
Fall of Wickets 1-6 (2.2) Dimuth Karunaratne, 2-38 (8.2) Kusal Mendis, 3-61 (14.4) Angelo Mathews, 4-84 (19.2) Pathum Nissanka, 5-183 (37.1) Dhananjaya de Silva, 6-215 (42.5) Dasun Shanaka, 7-263 (48.4) Dushan Hemantha, 8-264 (49.1) Charith Asalanka, 9-264 (49.2) Kasun Rajitha, 10-268 (49.6) Matheesha Pathirana,

Bowling O M R W Econ
Fazal Haq Farooqi 9 0 58 2 6.44
Azmatullah Omarzai 8 1 35 1 4.38
Fareed Ahmad 8 0 43 2 5.38
Mujeeb ur Rahman 10 1 45 1 4.50
Noor Ahmad 8 0 54 1 6.75
Mohammad Nabi 7 0 31 1 4.43


Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz b Lahiru Kumara 14 23 2 0 60.87
Ibrahim Zadran c Sadeera Samarawickrama b Kasun Rajitha 98 98 11 2 100.00
Rahmat Shah c Dhananjaya de Silva b Matheesha Pathirana 55 80 3 0 68.75
Hashmatullah Shahidi c Kusal Mendis b Kasun Rajitha 38 47 4 0 80.85
Mohammad Nabi not out 27 28 4 0 96.43
Najibullah Zadran not out 7 6 1 0 116.67


Extras 30 (b 1 , lb 6 , nb 1, w 22, pen 0)
Total 269/4 (46.5 Overs, RR: 5.74)
Fall of Wickets 1-25 (5.2) Rahmanullah Gurbaz,

Bowling O M R W Econ
Kasun Rajitha 10 0 49 2 4.90
Lahiru Kumara 4.3 1 21 1 4.88
Matheesha Pathirana 8.5 0 66 1 7.76
Dasun Shanaka 4.3 0 32 0 7.44
Dushan Hemantha 9 0 50 0 5.56
Dhananjaya de Silva 10 0 44 0 4.40