පාකිස්තානයට යන ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි

2
Sri Lanka T20

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් පාකිස්තානයේ සිදු කිරීමට නියමිත විස්සයි විස්ස තරග සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය කුසල් මෙන්ඩිස් හට හිමි වී ඇති අතර, යොවුන් ක්‍රීඩක සිනෙත් ජයවර්ධනට ජාතික කණ්ඩායම වෙත සිය මංගල කැඳවීම ලැබී තිබීම විශේෂත්වයක්.

එමෙන්ම 2026 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන සහන් ආරච්චිගේ හට ද ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට මංගල කැඳවීම හිමි වී තිබෙනවා.

මේ අතර විජයකාන්ත් වියස්කාන්ත් සහ චමිඳු වික්‍රමසිංහ හට ද නැවත වරක් විස්සයි විස්ස සංචිතයට කැඳ වීම් ලැබී තිබෙනවා. කෙසේ වෙතත් එංගලන්තය සමඟ තරගාවලිය ක්‍රීඩා කළ පැතුම් නිස්සංක, චරිත් අසලංක, ජනිත් ලියනගේ සහ තරිඳු රත්නායක මෙන්ම ආබාධයකට ලක් වී සිටින වනිඳු හසරංග ද ආබාධයක් නිසා මෙම සංචිතයට ඇතුළත් වී නැහැ.

පාකිස්තානයට යන ශ්‍රී ලංකා සංචිතය:

 

කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, සිනෙත් ජයවර්ධ, ලහිරු උදාර, සහන් ආරච්චිගේ, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, චමිඳු වික්‍රමසිංහ, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත්, බිනුර ප්‍රනාන්දු, නුවන් තුශා, එශාන් මාලිංග සහ දුශ්මන්ත චමීර (ශාරීරික යෝග්‍යතාව මත)

මෙම කණ්ඩායම හෙට (04) ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත අතර, දෙරට අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 09, 11 සහ 13 යන දිනවල දී රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<