රාගම සහ හලාවත මේරියන්ස් ජය ලබයි

රාගම සහ හලාවත මේරියන්ස් ජය ලබයි

282

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තවත් තරග හතරක් අද (17) දින නිමාවට පත් වූ අතර ඉන් තරග දෙකක් පූර්ණ ප්‍රතිඵල සහිතව අවසන් වූයේ රාගම ක්‍රිකට් සමාජයට සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට ග්‍රහණ හිමිකර දෙමිනි. ඊට අමතරව පලිහ වටයේ තරග තුනක දෙවන දිනය ද අද දින නිමාවට පත් විය.

ශානකගේ ශතකයට ධනංජයගෙන් කඩුලු වැස්සක්

සුපිරි 8 වටයේ තරග 

සී. සී. සී. සහ සැරසන්ස් අතර තරගයේ අද දිනය ආරම්භ වන විට සී. සී. සී. කණ්ඩායම පෙරමුණේ සිටියේ ලසිත් අබේරත්න රැස්කර ගත් නොදැවුනු ශතකය සවියක් කරගෙනය. එම ඉනිම සඳහා හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. කඩුලු 7ක් දැවී ලකුණු 351ක් රැස්කර ගත් සී. සී. සී. කණ්ඩායම සිය ඉනිම අත්හිටුවන ලද්දේ සැරසන්ස් කණ්ඩායම සඳහා ලකුණු 311ක ඉලක්කයක් ලබා දෙමිනි.

සැරසන්ස් නායක මිලින්ද සිරිවර්ධන හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 151ක් රැස්කර ගනිමින් නායකත්වයේ ඉනිමක් දියත් කළ අතර ප්‍රමෝද් මදුවන්ත ලකුණු 54ක් රැස්කර ගත්තේය. අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව නිමා වුවත් සැරසන්ස් කණ්ඩායම පළමු ඉනිමේ ජය තහවුරු කර ගන්නා ලදි.

ජයග්‍රහණ වලින් අවසන් වූ තරග දෙකට අමතරව සුපිරි අට වටයේ අනෙක් තරග දෙකද ඉතාමත් තියුණු සහ උණුසුම් මුහුණුවරක් ගත්තේය. එන්. සී. සී. සහ බී. ආර්. සී. තරගයේ දෙවන ඉනිම තුළද භානුක රාජපක්ෂ ශතකයක් වාර්තා කරගැනීම නිසා ඒ තරගයේ උණුසුම තව තවත් වැඩි විය. භානුකගේ එම ඉනිම සඳහා හතරේ පහර 5ක් සහ හයේ පහර 8ක් ඇතුළත් වූ අතර පන්දු 98ක දී රැස්කර ගත් එම ලකුණු 110 නිසාවෙන් බී. ආර්. සී. දෙවන ඉනිම ලකුණු 240ක් දක්වා වර්ධනය විය.

ලකුණු 282ක ඉලක්කයක් හඹා ගිය එන්. සී. සී. කණ්ඩායමේ සුපුරුදු ලකුණු මැෂිම බවට පත්වූ ලහිරු උදාර හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් එල්ල කරමින් පන්දු 64ක දී ලකුණු 93ක් රැස්කර ගත්තේ සාර්ථක අඩිතාලමක් සිය කණ්ඩායමට සකස් කර දෙමිනි.

කෙසේ නමුත් දුවිඳු තිලකරත්න ක්‍රියාත්මක කළ දක්ෂ පන්දු යැවීම (පළමු ඉනිමේ කඩුලු 6ක් සහ දෙවන ඉනිමේ කඩුලු 7ක්) ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ එක් තරගයක දී දැක්වූ හොඳම පන්දු යැවීමේ දස්කම බවට පත්විය. එම දස්කම නිසා එන්. සී. සී. ජය මාවත ඇහිරී යන ලද්දේ සුපිරි අට වටයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය තවදුරටත් එන්. සී. සී. සතුකරමිනි. එහි පළමු තැන සිටින්නේ සී. සී. සී. කණ්ඩායමයි.

මේරියන්ස් සහ යුද හමුදාව අතර තරගයේ දී මේරියන්ස් දෙවන ඉනිම වෙනුවෙන් කසුන් විදුර රැස්කර ගත් ලකුණු 73 නිසාවෙන් මේරියන්ස් කණ්ඩායමට නැවතත් තරගයට අවතීර්ණ වීමට හැකියාව ලැබුනි. එහිදී දකුණතින් පා දඟපන්දු යවන සීකුගේ ප්‍රසන්න කඩුලු 6ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

යුද හමුදා ආරම්භක පිතිකරු අශාන් රන්දික ලකුණු 133ක් රැස්කර ගනිමින් ලකුණු 295ක් හඹා ගිය යුද හමුදා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ හතරේ පහර 9ක් සහ හයේ පහර 10ක් එල්ල කරමිනි. අශාන් ඒ ලකුණු 133 රැස්කර ගැනීම සඳහා වැය කළේ පන්දු 84ක් පමණි. කෙසේ නමුත් නිමේෂ් විමුක්ති හා එක්වූ නායක ශෙහාන් ජයසූරිය යුද හමුදා දෙවන ඉනිම සුන් කරමින් කඩුලු 4 බැඟින් දවා ගැනීම නිසා යුද හමුදා කණ්ඩායමට පහසුවෙන් හඹා යාමට තිබූ ඉලක්කය වෙත යාමට නොහැකි විය.

සී. සී. සී. සහ සැරසන්ස් 

සී. සී. සී. පළමු ඉනිම – 142 (40.4): මිනෝද් භානුක 92, කසුන් රාජිත 5/63, සාලිය සමන් 3/33. 

සැරසන්ස් පළමු ඉනිම – 183 (49.3): මිලින්ද සිරිවර්ධන 89, ලහිරු ගමගේ 5/29. විශ්ව ප්‍රනාන්දු 3/37. 

සී. සී. සී. දෙවන ඉනිම – 351/7d (81): ලසිත් අබේරත්න 101*, ලහිරු මධුසංක 63, කසුන් රාජිත 4/104. 

සැරසන්ස් දෙවන ඉනිම – 283/6 (81): මිලින්ද සිරිවර්ධන 151, ප්‍රමෝද් මදුවන්ත 54, විශ්ව ප්‍රනාන්දු 3/38. 

තරගයේ පළමු ඉනිමේ ජය සැරසන්ස් කණ්ඩායමට. 

>>සී. සී. සී සහ සැරසන්ස් තරගයේ සේයා රූ<< 


එන්. සී. සී. සහ බී. ආර්. සී. 

බී. ආර්. සී. පළමු ඉනිම – 316 (83.3): භානුක රාජපක්ෂ 115, දුවිඳු තිලකරත්න 53*, අශේන් ඩැනියල් 4/93. 

එන්. සී. සී. පළමු ඉනිම – 275 (65.2): චාමික කරුණාරත්න 93, ලහිරු උදාර 90, දුවිඳු තිලකරත්න 6/63. 

බී. ආර්. සී. දෙවන ඉනිම – 240 (58.5): භානුක රාජපක්ෂ 110, ලහිරු කුමාර 4/76. 

එන්. සී. සී. දෙවන ඉනිම – 227/9 (44): ලහිරු උදාර 93, ඇන්ජලෝ පෙරේරා 37, දුවිඳු තිලකරත්න 7/55. 

තරගයේ පළමු ඉනිමේ ජය බී. ආර්. සී කණ්ඩායමට. 


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය 

රාගම පළමු ඉනිම – 258 (63): සමින්ද ප්‍රනාන්දු 73, නිශාන් මධුෂ්ක 57, අකිල දනංජය 4/24. 

කෝල්ට්ස් පළමු ඉනිම – 163 (57.3): සන්තුෂ් ගුණතිලක 33, ප්‍රභාත් ජයසූරිය 27, ශසික දුල්ෂාන් 6/45. 

රාගම දෙවන ඉනිම – 220 (65.2): රොෂේන් සිල්වා 67, ලහිරු තිරිමාන්න 63, ප්‍රභාත් ජයසූරිය 5/69. 

කෝල්ට්ස් දෙවන ඉනිම – 212 (55.5): සධීර සමරවික්‍රම 69, අවිශ්ක ප්‍රනාන්දු 44, කල්හාර සේනාරත්න 3/28, ඉශාන් ජයරත්න 3/31, අමිල අපොන්සු 3/48.

රාගම  කණ්ඩායමට ලකුණු 103ක ජයක් හිමි විය. 

>>කෝල්ට්ස් සහ රාගම තරගයේ සේයා රූ<< 


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය 

හලාවත මේරියන්ස් පළමු ඉනිම – 269 (82.3): ශෙහාන් ජයසූරිය 95, පුලින තරංග 41, ඕෂද ප්‍රනාන්දු 38, අසේල ගුණරත්න 3/37, දුශාන් විමුක්ති 3/90. 

යුද හමුදා පළමු ඉනිම – 216 (70): දිනේෂ් චන්දිමාල් 62, අසේල ගුණරත්න 43, අසිත ප්‍රනාන්දු 4/71. 

හලාවත මේරියන්ස් දෙවන ඉනිම – 241 (63): කසුන් විදුර 73, සීකුගේ ප්‍රසන්න 6/101. 

යුද හමුදා දෙවන ඉනිම – 249 (36.3): අශාන් රන්දික 133, නිමේෂ් විමුක්ති 4/23, ශෙහාන් ජයසූරිය 4/66. 

හලාවත මේරියන්ස් කණ්ඩායමට ලකුණු 45ක ජයක් හිමි විය. 

>>හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ යුද හමුදා තරගයේ සේයා රූ<< 

තවත් ක්‍රිකට් පුවත්: 


පලිහ තරග

බදුරලිය ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය 

බදුරලිය පළමු ඉනිම – 267 (84.5): දුනිත් ජයතුංග 57, සාලින්ද උෂාන් 51, දමිත් පෙරේරා 43, උපුල් ඉන්ද්‍රසිරි 5/65. 

මීගමුව පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 328/7 (98.5): ඩිල්ශාන් මුණවීර 91, මාධව වර්ණපුර 72*, ඇන්ජලෝ ජයසිංහ 66, දුශාන් හේමන්ත 3/61. 


එස්. එස්. සී. සහ ලංකන් ක්‍රිකට් සමාජය 

එස්. එස්. සී. පළමු ඉනිම – 332 (76.2): දසුන් ශානක 112, සම්මු අශාන් 54, චානක රුවන්සිරි 3/53, කේෂාන් විජේරත්න 3/93, දුනිත් වෙල්ලාලගේ 3/97. 

ලංකන් පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 308/5 (93): චානක රුවන්සිරි 151*, ගීත් කුමාර 60. 


මුවර්ස් ක්‍රීඩා සමාජය සහ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය 

මුවර්ස් පළමු ඉනිම – 206 (71.2): නිපුන් කරුණානායක 44, දිනුක ඩිල්ශාන් 43, ධනංජය ද සිල්වා 7/59. 

ටැමිල් යුනියන් පළමු ඉනිම – 178 (52): ධනංජය ද සිල්වා 95*, ප්‍රවීන් ජයවික්‍රම 5/53. 

මුවර්ස් දෙවන ඉනිම – 171 (46.1): පබසර වඩුගේ 44, කවිෂ්ක අංජුල 43, අයන සිරිවර්ධන 42. 

ටැමිල් යුනියන් දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 20/1 (8): 

ටැමිල් යුනියන් කණ්ඩායමට ජයග්‍රහණ සඳහා තවත් ලකුණු 180ක් අවශ්‍යයි. 

තරගාවලියේ විශේෂ වීඩියෝ, සේයා රූ, ලකුණු සටහන් ඇතුළු සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<