ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති තවත් තරග ද්විත්වයක් පෙර දින (22) අවසන් වූ අතර එහි දී Jaffna Kings සහ Dambulla Sixers කණ්ඩායම් තම 2 වැනි ජයග්‍රහණ වාර්තා කළ අතර Galle Gallants කණ්ඩායමේ අපරාජිත කිරුළ ගිලිහී ගියා.
තරග ඊයේ (21) ආරම්භ වූ අතර එහි දී Kandy Royals ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුණා.
>>Galle Gallants දෙවැනි ජයත් ලබයි<<
7 වැනි තරගය, Jaffna Kings සහ Colombo Kaps, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Colombo Kaps
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Jaffna Kings කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 179ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Colombo Kaps කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 9ක් දැවී ලකුණු 174ක් පමණයි. ඒ අනුව මෙම තරගයෙන් Jaffna Kings කණ්ඩායමට ලකුණු 5ක ජයග්‍රහණයක් හිමි වෙනවා.
මේ ඔවුන් මෙවර තරගාවලියේ ලැබූ 2 වැනි ජයග්‍රහණයයි.
Jaffna Kings
භානුක රාජපක්ෂ (නායක), අවිශ්ක ප්‍රනාන්දු, කමිල් මිශාර (කඩුලු රකින්නා), චමිඳු වික්‍රමසිංහ, දුනිත් වෙල්ලාලගේ, David Wiese, Shakib Al Hasan, Zahoor Khan, ඩිල්ශාන් මදුශංක, ට්‍රවීන් මැතිව්, Ibrahim Zadran, Lizaad Williams.
Colombo Kaps
කමිඳු මෙන්ඩිස් (නායක), Rubin Hermann, තනුක දාබරේ, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), Ben McDermott, ශාරුජන් ශන්මුගනාදන්, මොවින් සුබසිංහ, මිලාන් රත්නායක, වනුජ සහන්, Hasan Mahmud, Shahnawaz Dahani, Mujeeb Ur Rahman.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායමේ 1 වැනි කඩුල්ලට පන්දු 53ක දී ලකුණු 65ක සබඳතාවක් එක් කරමින් ඉනිම ආරම්භ කිරීමට සමත් වෙනවා. එහි දී අවිශ්ක ප්‍රනාන්දු පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ද සහ කමිල් මිෂාර පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 39ක් ද ලබා ගත්තා.
කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ චමිඳු වික්‍රමසිංහ. ඔහු පන්දු 22ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ලබා ගන්නවා. ඊට අමතර ව Ibrahim Zadran පන්දු 17ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ද සහ දුනිත් වෙල්ලාලගේ පන්දු 13ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනිමේ දී Shahnawaz Dahani සහ Mujeeb Ur Rahman කඩුලු ද්විත්වයක් ලබා ගත් අතර ඊට අමතර ව වනුජ සහන් සහ මිලාන් රත්නායක කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Colombo Kaps කණ්ඩායමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 9ක් වෙද්දී දැවී යන අතර කණ්ඩායමට ජීවයක් එක් කළේ 5 වැනි කඩුල්ලට එක් වූ නායක කමිඳු මෙන්ඩිස් සහ ශාරුජන් ශන්මුගනාදන්.
ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට පන්දු 31ක දී ලකුණු 48ක් ලබා ගන්නවා. එහි දී කමිඳු මෙන්ඩිස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා.
ශාරුජන් ශන්මුගනාදන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 26ක්. පන්දු 17ක් වැය වූ එම ඉනිමට හතරේ පහර 3ක් ඇතුලත් වුණා.
ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ දී තරගයට ජීවය දුන් වනුජ සහන් පන්දු 15ක දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Lizaad Williams ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව ඩිල්ශාන් මදුශංක සහ ට්‍රවීන් මැතිව් කඩුලු ද්විත්වය බැගින් ද Shakib Al Hasan සහ දුනිත් වෙල්ලාගේ කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Jaffna Kings – කඩුලු 6ක් දැවී 179 (20.0) අවිශ්ක ප්‍රනාන්දු 34, කමිල් මිශාර 39, චමිඳු වික්‍රමසිංහ 43, Mujeeb Ur Rahman 2/33, Shahnawaz Dahani 2/25
Colombo Kaps – කඩුලු 9ක් දැවී 174 (20.0) කමිඳු මෙන්ඩිස් 58, ශාරුජන් ශන්මුගනාදන් 26, වනුජ සහන් නොදැවී 34, ඩිල්ශාන් මදුශංක 2/12, ට්‍රවීන් මැතිව් 2/21, Lizaad Williams 3/29
Jaffna Kings කණ්ඩායමට ලකුණු 5ක ජයක්.
තරගයේ වීරයා – චමිඳු වික්‍රමසිංහ (Jaffna Kings)
- ශ්‍රී ලංකා සහ පාකිස්තානු කාන්තාවන්ගේ සූරියවැව හටන
- Kandy Royals ක්‍රීඩකයෝ පළමු ජයග්‍රහණය වාර්තා කරයි
- Jaffna Kings සහ Colombo Kaps ජය ගනී
- මානස සහ හිරුණ ද්විත්ව ශතක සමාජයට
- LPL පිටිය කැළඹු අදියර 5ක වාර්තා
8 වැනි තරගය, Dambulla Sixers සහ Galle Gallants, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Dambulla Sixers
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Galle Gallants කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 178ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Dambulla Sixers ක්‍රීඩකයෝ තවත් පන්දු 23ක් ද ඉතිරි කර ගනිමින් කඩුලු 4ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.
ඒ අනුව කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගත් ඔවුන් මේ වාර්තා කරන්නේ තරගාවලියේ 2 වැනි ජයග්‍රහණයයි.
Dambulla Sixers
දුශ්මන්ත චමීර (නායක), නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), Sahibzada Farhan, Reeza Hendricks, පවන් රත්නායක, Marques Ackerman, Gulbadin Naib, රමේෂ් මෙන්ඩිස්, සචිත ජයතිලක, මහීෂ් තීක්ෂණ, විශ්ව ලහිරු, Fazalhaq Farooqi.
Galle Gallants
දසුන් ශානක (නායක), ලසිත් කෲස්පුල්ලේ, Sam Harper (කඩුලු රකින්නා), චරිත් අසලංක, චාමික කරුණාරත්න, සහන් ආරච්චිගේ, Mohammad Nawaz, Mehidy Hasan Miraz, දිනුර කළුපහන, Akif Javed, විජයකාන්ත වියස්කාන්ත්, ඒශාන් මාලිංග.
ජයග්‍රාහී එම ඉනිමේ නියමුවා බවට පත් වූයේ Reeza Hendricks. ඔහු තරගය ජයග්රහණයෙන් අවසන් වෙද්දී පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 64ක් ලබා සිටියා.
තරගයේ හැරවුම් ලක්ෂය බවට පත් වුයේ පවන් රත්නායකගේ ඉනිමයි. ඔහු ඒශාන් මාලිංග ගේ එක් පන්දුවාරයකට හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වූ අතර දැවී යද්දී තවත් හතරේ පහරක් ද එක් කර ගනිමින් පන්දු 11ක දී ලකුණු 29ක් ලබා සිටියා. පවන් රත්නායක හා Reeza Hendricks, 3 වැනි කඩුල්ලට පන්දු 14ක දී ලකුණු 36ක් ලබා ගන්නවා.
කෙසේ වෙතත් එම ඉනිමේ හොඳම කඩුලු අතර සබඳතාව එක් වූයේ Reeza Hendricks සහ Marques Ackerman අතරයි. ඔවුන් දෙදෙනා 4 වැනි කඩුල්ලට පන්දු 47ක දී ලකුණු 69ක් එක් කරනවා. එහි දී Marques Ackerman පන්දු 25ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ඊට එක් කරනවා.
තරගය ජයග්රහණයෙන් අවසන් වෙද්දී Reeza Hendricks සහ Gulbadin Naib එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 15ක දී නොදැවුණ ලකුනු 41ක සබඳතාවක් එක් කරනවා. එහි දී Gulbadin Naib පන්දු 6ක දී හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී චාමික කරුණාරත්න, දසුන් ශානක, ඒශාන් මාලිංග සහ Mohammad Nawaz කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Galle Gallants – කඩුලු 8ක් දැවී 178 (20.0) Sam Harper 40, චරිත් අසලංක 25, චාමික කරුණාරත්න 45, දසුන් ශානක 20, Fazalhaq Farooqi 3/39, Marques Ackerman 2/27
Dambulla Sixers – කඩුලු 4ක් දැවී 180 (16.1) Reeza Hendricks නොදැවී 64, පවන් රත්නායක 29, Marques Ackerman 35, Gulbadin Naib නොදැවී 20
Dambulla Sixers කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
තරගයේ වීරයා – Reeza Hendricks (Dambulla Sixers)
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (23) Kandy Royals සහ Colombo Kaps අතර තරගය දිවා කාලයේ දී ද Galle Gallants සහ Jaffna Kings අතර තරගය රාත්‍රී කාලයේ දී ද රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















