කණ්ඩායම් 8ක් අපරාජිත වෙද්දී සහිරා විද්‍යාලයට අනපේක්ෂිත පරාජයක්

353
U18 7s 2017

සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය ඊයේ (7) ආරම්භ වුනේ කොළඹ තුරඟ තරග රග්බි ක්‍රීඩාංගණයේ දීයි.

කාණ්ඩ 8ක් යටතේ පාසල් 24ක සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබූ මෙම තරගාවලියේ ප්‍රධානතම වැදගත්කම වන්නේ මේ වසරේ අවසන් භාගයේ දී පැවැත්වීමට නියමිත ආසියානු වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සුදුස්සන් තෝරා ගැනීමට රග්බි තේරීම් කමිටුවට ලැබෙන හොඳම අවස්ථාව මෙය වීම හේතුවෙනුයි.

යොවුන් රග්බි ශූරයින්ට අනුශූරතාවය

වයස අවුරුදු 20න් පහළ ආසියානු යොවුන් සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට…

කෙසේ වෙතත් කොළඹ ඉසිපතන, ගල්කිස්ස සාන්ත තෝමස් සහ බම්බලපිටිය සාන්ත පීතර විදුහල් මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් නොවු අතර තරග කාලසටහන සකස් කිරීමෙන් පසු ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, කිංග්ස්වුඩ් විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කරන ලදි.

මේ අනුව තරගාවලියේ ප්‍රබලයන් ලෙස සැලකුණු ගල්කිස්ස විද්‍යා විද්‍යාලය පළමු තරගයේ දී ම මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 62 – 00ක දැවැන්ත පරාජයක් අත්කර දීමට සමත් වූ අතර ඔවුන් සිය දෙවන තරගයේ දී කොළඹ මහානාම විද්‍යාලයටත් එවැනිම අමතක නොවන පාඩමක් ඉගැන්වූයේ ලකුණු 76 – 00ක් ලෙසයි.

පානදුර රාජකීය විද්‍යාලය ලකුණු 67 – 00ක් ලෙස සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය 26 – 12ක් ලෙස පරාජය කළ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය ද අපරාජිතව දිනය අවසන් කරන්නට සමත් විය.

පළමු දිනයේ සුවිශේෂී දස්කම ලෙස පෙන්වා දිය හැක්කේ ප්‍රබල කණ්ඩායමක් ලෙස බොහෝ දෙනාගේ අවධානය දිනා සිටි කොළඹ සහිරා විද්‍යාලය ලකුණු 12 – 07ක් ලෙස පරාජය කරන්නට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සමත් වීමයි.

මෙම තරගය සහ තියුණු සටනකින් පසු ලකුණු 24 – 24ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වූ කොළඹ මහානාම සහ මාතලේ සාන්ත තෝමස් විද්‍යාල අතර තරගය හැරුණු විට අන් සියලු තරග ඒක පාර්ශවීය සටන් ලෙස හැඳින්විය හැක.

කොළඹ රාජකීය, මහනුවර ත්‍රිත්ව, මරදාන සාන්ත ජෝසප් විදුහල්වලට මෙන්ම පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ද ක්‍රීඩා කිරීමට ලැබුණේ එක් තරගය බැගින් පමණක් වන අතර ඔවුන් එම තරග ජය ගැනීමට සමත් වීමත් ඔවුන්ට නියමිත අනෙක් තරගවල දී නිතරග ජය හිමි කර ගැනීමත් සමඟ අදාළ කාණ්ඩවල පෙරමුණ ගන්නට එම කණ්ඩායම්වලට හැකියාව ලැබුණි.

ගල්කිස්ස විද්‍යා, කටුගස්තොට සාන්ත අන්තෝනි, කොළඹ වෙස්ලි සහ ඩී. එස්. සේනානායක විදුහල් ඔවුන්ට නියමිත තරග දෙකම ජය ගනිමින් අදාළ කාණ්ඩවල පෙරමුණ ගැනීමට සමත් විය.

දෙවන දිනයේ අර්ධ අවසන් පූර්ව තරග කාලසටහන

කුසලාන අර්ධ අවසන් පූර්ව තරග

  • පෙ.ව. 08.40 ගල්කිස්ස විද්‍යා – කොළඹ වෙස්ලි විද්‍යාලය
  • පෙ.ව. 09.00 මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය – කොළඹ රාජකීය විද්‍යාලය
  • පෙ.ව. 09.20 කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය – කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය
  • පෙ.ව. 09.40 පිළියන්දල ම. ම. වි. – මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

බඳුන අර්ධ අවසන් පූර්ව තරග

  • පෙ.ව. 10.00 මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය – කොළඹ ලුම්බිණි විද්‍යාලය
  • පෙ.ව. 10.20 කොළඹ නාලන්ද විද්‍යාලය – මොරටු මහා විද්‍යාලය
  • පෙ.ව. 10.40 මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය – කුරුණෑගල මලියදේව විද්‍යාලය
  • පෙ.ව. 11.00 කොළඹ සහිරා විද්‍යාලය – කොළඹ ආනන්ද විද්‍යාලය

පළමු දිනයේ තරග ප්‍රතිඵල

කණ්ඩායම 01 ලකුණු ලකුණු කණ්ඩායම 02 ජයග්‍රහණය
ගල්කිස්ස විද්‍යා විද්‍යාලය 52 00 මාතලේ ශා. තෝමස් විද්‍යාලය ගල්කිස්ස විද්‍යා විද්‍යාලය
කොළඹ වෙස්ලි විද්‍යාලය 19 05 ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය කොළඹ වෙස්ලි විද්‍යාලය
මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය 26 05 කොළඹ නාලන්ද විද්‍යාලය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය
කොළඹ රාජකීය විද්‍යාලය 53 00 මොරටු මහා විද්‍යාලය කොළඹ රාජකීය විද්‍යාලය
කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය 67 00 පානදුර රාජකීය විද්‍යාලය කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය
ඇහැලියගොඩ ම. ම. වි. 00 33 කුරුණෑගල මලියදේව විද්‍යාලය කුරුණෑගල මලියදේව විද්‍යාලය
කොළඹ සහිරා විද්‍යාලය 07 12 පිළියන්දල ම. ම. වි. පිළියන්දල ම. ම. වි..
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය 34 05 කොළඹ ආනන්ද විද්‍යාලය මහනුවර ත්‍රිත්ව විද්‍යාලය
කොළඹ මහානාම විද්‍යාලය 24 24 මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය Draw
කොළඹ ලුම්බිණි විද්‍යාලය 43 07 ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය කොළඹ ලුම්බිණි විද්‍යාලය
ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය කොළඹ නාලන්ද විද්‍යාලය (නිතරග ජයක්) කොළඹ නාලන්ද විද්‍යාලය
මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය මොරටු මහා විද්‍යාලය (නිතරග ජයක්) මොරටු මහා විද්‍යාලය
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය 66 00 පානදුර රාජකීය විද්‍යාලය මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය
කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය 59 00 කුරුණෑගල මලියදේව විද්‍යාලය කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය
මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පිළියන්දල ම. ම. වි. (නිතරග ජයක්) පිළියන්දල ම. ම. වි..
මහනුවර ධර්මරාජ විද්‍යාලය කොළඹ ආනන්ද විද්‍යාලය (නිතරග ජයක්) කොළඹ ආනන්ද විද්‍යාලය
ගල්කිස්ස විද්‍යා විද්‍යාලය 76 00 කොළඹ මහානාම විද්‍යාලය ගල්කිස්ස විද්‍යා විද්‍යාලය
කොළඹ වෙස්ලි විද්‍යාලය 31 17 කොළඹ ලුම්බිණි විද්‍යාලය කොළඹ වෙස්ලි විද්‍යාලය
මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය (නිතරග ජයක්) මරදාන ශා. ජෝසප් විද්‍යාලය
කොළඹ රාජකීය විද්‍යාලය මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය (නිතරග ජයක්) කොළඹ රාජකීය විද්‍යාලය  
කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය 26 12 මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය
ඇහැලියගොඩ ම. ම. වි. 00 47 කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය
කොළඹ සහිරා විද්‍යාලය මොරටුව වේල්ස් කුමර විද්‍යාලය (නිතරග ජයක්) කොළඹ සහිරා විද්‍යාලය
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මහනුවර ධර්මරාජ විද්‍යාලය (නිතරග ජයක්) මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට