LPL පිටිය කැළඹු අදියර 5ක වාර්තා

LPL 2026

9
LPL 2026

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හෙවත් LPL ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියර මේ සිකුරාදා (17) ආරම්භ වීමට නියමිතයි.

මෙවර ද සුපුරුදු ලෙසින් ම කණ්ඩායම් 5ක් එක් ව පැවැත්වෙන මෙම තරගාවලිය අගෝස්තු 8 වැනිදා දක්වා ක්‍රීඩාංගණ 4ක දී පැවැත්වීමට යෝජිත අතර තරගාවලියේ සමාරම්භක තරගය කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

>>2026 LPL තරග කාලසටහන ප්‍රකාශයට පත් කරයි<<

මේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් නිමා වූ තරගාවලියන් මඟින් එක් වූ සුවිශේෂී කඩඉම් පිළිබඳ ව තැබෙන සටහනක්.

LPL තරගමාලාවේ මෙතෙක් ආ ගමන් මඟ
Season Result Runners-up Venue Player of the season
2020 Jaffna Stallions කණ්ඩායමට ලකුණු 53ක ජයක් Galle Gladiators සූරියවැව වනිඳු හසරංග
2021 Jaffna Kings කණ්ඩායමට ලකුණු 23ක ජයක්. Galle Gladiators සූරියවැව අවිශ්ක ප්‍රනාන්දු
2022 Jaffna Kings කණ්ඩායමට කඩුලු 2ක ජයක්. Colombo Stars කොළඹ සදීර සමරවික්‍රම
2023 B-Love Kandy කණ්ඩායමට කඩුලු 5ක ජයක්. Dambulla Aura කොළඹ වනිඳු හසරංග
2024 Jaffna Kings කණ්ඩායමට කඩුලු 9ක ජයක්. Galle Marvels කොළඹ Rilee Rossouw
  • ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුවිශේෂී කඩඉම්

240/4 (20.0): තරගමාලාවේ ඉනිමක වැඩිම ලකුණුලාභී කණ්ඩායම වෙන්නේ Jaffna Kings කණ්ඩායමයි. ඔවුන් 2022 වසරේ දී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී  Dambulla Aura කණ්ඩායමට එරෙහි ව මෙම දක්ෂතාව දක්වනවා.

69/10 (14.1):  Dambulla Giants කණ්ඩායම 2021 වසරේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී Jaffna Kings කණ්ඩායම හමුවේ ලත් මෙම ලකුණු සංඛ්‍යාව තරගමාලාවේ මෙතෙක් කණ්ඩායමක් දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වෙනවා.

454: තරගමාලාවේ මෙතෙක් කණ්ඩායම් ද්විත්වයක් එක් ව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු එකතුව වෙන්නේ මෙයයි. 2024 වසරේ දී රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එක් වූ මෙම ලකුණු සංඛ්‍යාවට Jaffna Kings කණ්ඩායම කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු 224 ද සහ Kandy Falcons කණ්ඩායම කඩුලු 3ක් දැවී ලබා ගත් ලකුණු 230 ද ඇතුලත් වුණා.

140: තරගමාලාවේ මෙතෙක් කණ්ඩායම් දිවිත්වයක් එක් ව වාර්තා කරන ලද අඩු ම ලකුණු එකතුව වෙන්නේ මෙයයි. 2021 වසරේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී වාර්තා වූ මෙම තරගයේ දී Dambulla Giants කණ්ඩායම සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 69 සහ ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායම කඩුලු 3ක් දැවී ලබා ගත් ලකුණු 71ක ද ඊට ඇතුලත් වුණා.

109 runs: තරගමාලාවේ වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය වාර්තා කිරීමේ ගෞරවය හිමි වෙන්නේ Kandy Falcons කණ්ඩායමටයි. ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන්නේ  2022 වසරේ දී Colombo Stars කණ්ඩායමට එරෙහිව සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී යි.

1544: ලංකා ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ මෙතෙක් වැඩිම ලකුණුලාභී පිතිකරුවා බවට පත් ව සිටින්නේ අවිශ්ක ප්‍රනාන්දු.

LPL තරග පිටියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා
  Player Mat Inns NO Runs HS Ave 100 50 4s 6s
1 අවිශ්ක ප්‍රනාන්දු 50 48 4 1544 100 35.09 1 14 133 78
2 කුසල් මෙන්ඩිස් 47 47 4 1395 105* 32.44 1 9 132 52
3 දිනේෂ් චන්දිමාල් 49 48 7 1356 89 33.07 0 7 144 46
4 Rahmanullah Gurbaz 43 43 1 1015 73 24.16 0 7 92 65
5 ඇන්ජලෝ මැතිව්ස් 45 41 9 944 73* 29.50 0 3 81 37

119 : මෙතෙක් තරගමාලාවේ ඉනිමක වැඩිම ලකුණුලාභියා බවට පත් ව සිටින්නේ පැතුම් නිස්සංක. ඔහු 2024 වසරේ දී Jaffna Kings කණ්ඩායම නියෝජනය කරමින් Kandy Falcons කණ්ඩායමට එරෙහි ව මෙම දක්ෂතාව සිදු කරනවා. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක ඔහුගේ එම ඉනිම පන්දු 59කින් සමන්විත වූ අතර ඊට  හතරේ පහර 16ක් සහ හයේ පහර 4ක් එක් ව තිබුණා.

LPL තරගමාලා ඉතිහාසයේ හොඳම ඉනිම් 10 වාර්තා කළ පිතිකරුවෝ
  Player Team Runs Balls 4s 6s Opposition Ground Year
1 පැතුම් නිස්සංක Jaffna Kings 119 59 16 4 Kandy Falcons දඹුල්ල 2024
2 Laurie Evans Colombo Kings 108* 65 9 5 Jaffna Stallions සූරියවැව 2020
3 Rilee Rossouw Jaffna Kings 108* 50 12 6 Colombo Strikers දඹුල්ල 2024
4 Rilee Rossouw Jaffna Kings 106* 53 9 7 Galle Marvels කොළඹ 2024
5 කුසල් මෙන්ඩිස් Jaffna Kings 105* 54 12 5 Kandy Falcons කොළඹ 2024
6 Tim Seifert Galle Marvels 104* 63 12 6 Jaffna Kings දඹුල්ල 2024
7 Babar Azam Colombo Strikers 104 59 8 5 Galle Titans පල්ලෙකැලේ 2023
8 Andre Fletcher Kandy Falcons 102* 67 11 3 Colombo Stars සූරියවැව 2022
9 කුසල් පෙරේරා Dambulla Sixers 102* 52 10 5 Jaffna Kings සූරියවැව 2024
10 අවිශ්ක ප්‍රනාන්දු Jaffna Kings 100 64 10 4 Dambulla Giants සූරියවැව 2021

2x100s : තරගමාලාවේ මෙතෙක් වැඩිම ශතකලාභියා වෙන්නේ Jaffna Kings කණ්ඩායම නියෝජනය කළ දකුණු අප්‍රිකාවේ Rilee Rossouw.

15x50s : තරගමාලාවේ වැඩිම අර්ධ ශතකලාභී ක්‍රීඩකයා වෙන්නේ අවිශ්ක ප්‍රනාන්දු.

78x6s : අවිශ්ක ප්‍රනාන්දු තරගමාලාවේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් ව සිටිනවා.

144x4s : තරගමාලාවේ වැඩිම හතරේ පහර ලබා ගත් ක්‍රීඩකයා බවට පත් වෙන්නේ දිනේෂ් චන්දිමාල්.

476 : එක් තරගාවලියක් තුළ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා බවට පත් වෙන්නේ දනුශ්ක ගුණතිලක. ඔහු 2020 තරගාවලියේ දී Galle Gladiators කණ්ඩායම නියෝජනය කරමින් මෙම දක්ෂතාව සිදු කරනවා.

72 : ලංකා ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ මෙතෙක් වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා බවට පත් ව සිටින්නේ වනිඳු හසරංග.

LPL තරග පිටියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් 5 දෙනා
  Players Mat Inns Overs Md Runs Wkts Best 4 5
1 වනිඳු හසරංග 50 50 181.0 3 1178 72 6/09 3 1
2 නුවන් ප්‍රදීප් 34 33 113.4 1 1066 51 3/20 0 0
3 නුවන් තුෂාර 36 36 126.3 1 1047 49 5/13 1 1
4 මහීෂ් තීක්ෂණ 38 38 150.0 1 1037 43 4/25 1 0
5 බිනුර ප්‍රනාන්දු 28 28 102.5 5 740 41 4/22 1 0

6/09 (3.2) : තරගමාලාවේ මෙතෙක් වාර්තා වූ හොඳම පන්දු යැවීමේ හිමිකාරීත්වය වනිඳු හසරංග සතු වෙනවා. ඔහු 2023 වසරේ දී B-Love Kandy කණ්ඩායම නියෝජනය කරමින් Jaffna Kings කණ්ඩායමට එරෙහි ව මෙම දක්ෂතාව සිදු කරන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

LPL තරගමාලා ඉතිහාසයේ හොඳම පන්දු යැවීම් 5 වාර්තා කළ පන්දු යවන්නෝ
  Player Team O M R W Opp Ground Year
1 වනිඳු හසරංග B-Love Kandy 3.2 0 9 6 Jaffna Kings කොළඹ 2023
2 ජෙෆ්රි වැන්ඩර්සේ Colombo Stars 4.0 1 25 6 Kandy Warriors කොළඹ 2021
3 නුවන් තුෂාර Galle Gladiators 3.5 0 13 5 Jaffna Kings සූරියවැව 2021
4 කසුන් රාජිත Colombo Stars 4.0 0 22 5 Dambulla Aura පල්ලෙකැලේ 2022
5 Mohammad Amir Galle Gladiators 4.0 0 26 5 Colombo Kings සූරියවැව 2020

19 : එක් තරගාවලියක් තුළ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා බවට පත් වෙන්නේ වනිඳු හසරංග. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ 2023 තරගාවලියේ දී B-Love Kandy කණ්ඩායම නියෝජනය කරමිනුයි.

30 : තරගමාලාවේ මෙතෙක් වැඩිම දවා ගැනීම් ප්‍රමාණයකට සහභාගී වූ කඩුලු රකින්නා බවට පත් වෙන්නේ නිරෝෂන් දික්වැල්ල. ඔහුගේ මේ දවා ගැනීම් අතර උඩ පන්දු 23ක් සහ කඩුලු බිඳ දැමීම් 7ක් ඇතුලත්.

10 : එක් තරගාවලියක් තුළ වැඩිම දවා ගැනීම් ප්‍රමාණයකට එක් වූ කඩුලු රකින්නා බවට පත් වෙන්නේ සදීර සමරවික්‍රම. ඔහු 2022 තරගාවලියේ දී Jaffna Kings කණ්ඩායම නියෝජනය කරමින් මෙම දක්ෂතාව සිදු කරන අතර එහි දී ඔහු උඩ පන්දු 8ක් සහ කඩුලු බිඳ දැමීම් 2ක් සිදු කරනවා.

34 : මෙතෙක් තරගමාලාවේ වැඩිම උඩ පන්දු ප්‍රමාණයක් රැක ගත් ක්‍රීඩකයා බවට පත් වෙන්නේ වනිඳු හසරංග.

10 : එක් තරගාවලියක දී වැඩිම උඩ පන්දු ප්‍රමාණයක් රැක ගත් ක්‍රීඩකයා බවට පත් වෙන්නේ 2023 වසරේ දී Jaffna Kings කණ්ඩායම නියෝජනය කළ දකුණු අප්‍රිකාවේ David Miller.

185* : තරගමාලාවේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සතු වෙන්නේ Jaffna Kings කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහ Rilee Rossouw වෙතයි. ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන්නේ 2024 තරගාවලියේ දී Galle Marvels කණ්ඩායමට එරෙහි ව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී 2 වැනි කඩුල්ල වෙනුවෙනුයි.

49 : තරගමාලාවේ වැඩිම තරග සංඛ්‍යාවකට නායකත්වය දුන් ක්‍රීඩකයා බවට පත් වෙන්නේ තිසර පෙරේරා. ඔහු මෙම ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වෙන්නේ Colombo Strikers, Jaffna Kings සහ jaffna stallions කණ්ඩායම් හා එක් වෙමිනුයි.

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<