Jaffna Kings සහ Colombo Kaps ජය ගනී

LPL 2026

22
Cricket

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී ඊයේ (19) නිමා වූ අතර එහි දී මෙවර තරගාවලියේ තම පළමු ජයග්‍රහණ වාර්තා කිරීමට Jaffna Kings සහ Colombo Kaps කණ්ඩායම් සමත් වුණා.

>>Galle Gallants දෙවැනි ජයත් ලබයි<<

4 වැනි තරගය, Dambulla Sixers සහ Jaffna Kings, කොළඹ, SSC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Jaffna Kings

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Dambulla Sixers කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 130ක් ලබා ගත් අතර එම ඉලක්කය තවත් පන්දු 6ක් ඉතිරි ව සපුරා ගනිමින් තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වෙනවා.

Dambulla Sixers

 

දිනේෂ් චන්දිමාල් (නායක), Sahibzada Farhan, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), Reeza Hendricks, පවන් රත්නායක, Marques Ackerman, රමේෂ් මෙන්ඩිස්, Gulbadin Naib, මහීෂ් තීක්ෂණ, දුශ්මන්ත චමීර, විශ්ව ලහිරු, අකිල දනංජය.

 

Jaffna Kings

 

භානුක රාජපක්ෂ (නායක), කමිල් මිෂාර, අවිශ්ක ප්‍රනාන්දු, Ibrahim Zadran, චමිඳු වික්‍රමසිංහ, David Wiese, දුනිත් වෙල්ලාලගේ, Shakib Al Hasan, Piyush Chawla, ඩිල්ශාන් මදුශංක, ට්‍රවීන් මැතිව්.

ජයග්‍රාහී එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක භානුක රාජපක්ෂ. ඔහු තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 61ක් ලබා ගත්තා.

ඊට අමතර ව Ibrahim Zadran පන්දු 25කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දුශ්මන්ත චමීර ලකුණු 29කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව මහීෂ් තීක්ෂණ සහ විශ්ව ලහිරු කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Dambulla Sixers කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ පවන් රත්නායක. ඔහු පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 27ක් ලබා ගන්නවා.

ඊට අමතර ව නිරෝෂන් දික්වැල්ල පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Lizaad Williams සහ ‍ට්‍රවීන් මැතිව් කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව Shakib Al Hasan කඩුලු 2ක් ද, ඩිල්ශාන් මදුශංක සහ දුනිත් වෙල්ලාලගේ කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Dambulla Sixers – සියලුම දෙනා දැවී 130 (19.3) නිරෝෂන් දික්වැල්ල 23, පවන් රත්නායක 27, Shakib Al Hasan 2/12, Lizaad Williams 3/14, ට්‍රවීන් මැතිව් 3/19
  • Jaffna Kings – කඩුලු 5ක් දැවී 133 (19.0) Ibrahim Zadran 21, භානුක රාජපක්ෂ නොදැවී 61, දුශ්මන්ත චමීර 2/29

Jaffna Kings කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

තරගයේ වීරයා – භානුක රාජපක්ෂ (Jaffna Kings)

5 වැනි තරගය, Colombo Kaps සහ Kandy Royals, කොළඹ, SSC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Colombo Kaps

ප්‍රතිවාදීන් කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Kandy Royals ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 179ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Colombo Kaps ක්‍රීඩකයෝ ඉනිමේ තවත් කඩුලු 6ක් ඉතිරි කර ගනිමින් ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.

Colombo Kaps

 

කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), Rubin Hermann, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, Ben McDermott, ජනිත් ලියනගේ, James Neesham, මල්ෂ තරුපති, වනුජ සහන්, බිනුර ප්‍රනාන්දු, Hasan Mahmud, Mujeeb Ur Rahman.

 

Kandy Royals

 

ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් පෙරේරා, ලහිරු උදාර, Sediqullah Atal, Dale Phillips, Moeen Ali, Vijay Shankar, වනිඳු හසරංග, දුශාන් හේමන්ත, ගරුක සංකේත්, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු.

ජයග්‍රාහී Colombo Kaps කණ්ඩායමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුනු 8කට සීමා වෙනවා. ඒ අතර කුසල් මෙන්ඩිස් ද ආබාධිත තත්ත්වයට පත් ව පිටියෙන් ඉවත් වීම ඔවුන්ට තවත් දරා ගත නොහැකි පාඩුවක් වෙනවා.

කෙසේ වෙතත් 3 වැනි කඩුල්ලට පන්දු 29ක දී ලකුණු 48ක සබඳතාවක් එක් කළ Ben McDermott සහ කමිඳු මෙන්ඩිස් කණ්ඩායමේ ගමන් මඟ වෙනස් කරනවා. ඊට කදිම සහයෝගයක් එක් කරන ජනිත් ලියනගේ සහ James Neesham තරගය ජයග්‍රහණයෙන් අවසන් කරද්දී 5 වැනි කඩුල්ලට පන්දු 60ක දී නොදැවුණ ලකුණු 115ක සබඳතාවක් එක් කරනවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ ජනිත් ලියනගේ. ඔහු පන්දු 32කට හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා ගන්නවා. ඊට අමතර ව James Neesham පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 48ක් ලබා ගත්තා.

ඊට අමතර ව කමිඳු මෙන්ඩිස් පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ද සහ Ben McDermott පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා. කඩුලු දවා ගැනීමේ දී වනිඳු හසරංගට ලකුණු 29කට කඩුලු 2ක් හිමි වූ අතර ඊට අමතර ව ඇන්ජලෝ මැතිව්ස් සහ නුවන් තුෂාර අතරේ කඩුල්ල බැගින් බෙදී යනවා.

පළමුවෙන් පන්දුවට පහර දුන් Kandy Royals කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ ලහිරු උදාර. ඔහු පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා.

ඊට අමතර ව නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 41ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 45ක් ද සහ Moeen Ali පන්දු 17ක දී හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 45ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී බිනුර ප්‍රනාන්දු ලකුණු 45කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව Hasan Mahmud ලකුණු 31කට කඩුලු 3ක් ද සහ James Neesham ලකුණු 42කට කඩුලු 2ක් ද දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Kandy Royals– සියලුම දෙනා දැවී 179 (20.0) ලහිරු උදාර 52, ඇන්ජලෝ මැතිව්ස් 45, Moeen Ali 41, බිනුර ප්‍රනාන්දු 4/45, Hasan Mahmud 3/31, James Neesham 2/42
  • Colombo Kaps – කඩුලු 4ක් දැවී 182 (19.4) කමිඳු මෙන්ඩිස් 26, Ben McDermott 22, ජනිත් ලියනගේ නොදැවි 53, James Neesham නොදැවී 48, වනිඳු හසරංග 2/29

Colombo Kapsකණ්ඩායමට කඩුලු 5ක ජයක්.

තරගයේ වීරයා – ජනිත් ලියනගේ (Colombo Kaps)

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (20) නිවාඩු දිනය වන අතර නැවත තරගාවලිය ආරම්භ වෙන්නේ මේ මස 21 වැනි දින රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. එහි දී Dambulla Sixers සහ Kandy Royals කණ්ඩායම් තරග වැදීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<