චාමික සහ චමීරව IPL කණ්ඩායම්වලින් නිදහස් කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

381

ඉන්දීය ප්‍රිමියර් ලීග් 2023 තරග වාරය වෙනුවෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව්දෙනෙකු තව දුරටත් සිය කණ්ඩායම්වල රඳවා තබා ගැනීමට කණ්ඩායම් තුනක් විසින් තීරණය කර තිබෙනවා.

පසුගිය වසරේ (2022) IPL තරග වාරයේ දී පිට පිට තෙවැනි වරටත්  play-offs තරග වටයට දක්වා පැමිණීමට සමත් වූ Royal Challengers Bangalore කණ්ඩායම විසින් ගියවර ඔවුන්ගේ ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස කටයුතු කළ වනිඳු හසරංගව තවදුරටත් තම කණ්ඩායමේ රඳවා තබා ගැනීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය තරගාවලියේ දෙවැනියට වැඩිම කඩුලු ලාභියා බවට ද පත් වීමට සමත් වූ හසරංග තරග 16ක් තුල දී කඩුලු 26ක් බිඳ හෙළීමට සමත් වුනේ 16.53ක සාමාන්‍යයක් ද රඳවා තබා ගනිමිනුයි.

Royal Challengers Bangalore විසින් හසරංගට අමතරව Faf du Plessis, Glenn Maxwell, Josh Hazlewood, Finn Allen සහ David Willey යන විදේශීය ක්‍රීඩකයින්ව ද තව දුරටත් සිය කණ්ඩායාමේ රඳවා තබා ගැණීමට තීරණය කර තිබෙනවා.

මේ අතර පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානය අතරතුර නැවත වරක් ආබාධයකට ලක් වූ ශ්‍රී ලාංකේය වේගපන්දු යවන දුෂ්මන්ත චමීර ව Lucknow Super Giants කණ්ඩායමෙන් නිදහස් කර ඇති බව ද වාර්තා වනවා.

එමෙන්ම Kolkata Knight Riders විසින් ගියවර තෝරා ගත් චාමික කරුණාරත්නව ද මෙවර සිය කණ්ඩායමෙන් නිදහස් කර තිබෙනවා. ඉන්දීය රුපියල් ලක්ෂ පනහක මුදලකට ගියවර චාමික ව Kolkata Knight Riders විසින් මිල දී ගත්ත ද, ඔහුට එකදු තරගයක් හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වුනේ නැහැ.

ගියවර IPL තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් තෝරා ගත් ක්‍රීඩකයින් හය දෙනාගෙන් මෙවර නිදහස් කළ ක්‍රීඩකයින් වන්නේ මොවුන් දෙදෙනායි.

ඒ අනුව වයස අවුරුදු 19ක් පමණක් වන නවක වේගපන්දු යවන්නකු වන මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ යන දෙදෙනා Chennai Super Kings විසින් රඳවා ගැනීමට තීරණය කර ඇති අතර, Punjab Kings ද තව දුරටත් භානුක රාජපක්ෂව සිය කණ්ඩායමේ රඳවා තබා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කණ්ඩායම් මගින් නිදහස් කළ මෙන්ම, තවදුරටත් රඳවා තබා ගත් ක්‍රීඩක ලැයිස්තුව පහතින් දැක්වෙනවා.

Mumbai Indians

  • නිදහස් කළ ක්‍රීඩකයින්: Kieron Pollard, Anmolpreet Singh, Aryan Juyal, Basil Thampi, Daniel Sams, Fabian Allen, Jaydev Unadkat, Mayank Markande, Murugan Ashwin, Rahul Buddhi, Riley Meredith, Sanjay Yadav, Tymal Mills
  • වර්තමාන සංචිතය: Rohit Sharma (C), Tim David, Ramandeep Singh, Tilak Varma, Suryakumar Yadav, Ishan Kishan, Tristan Stubbs, Dewald Brevis, Jofra Archer, Jasprit Bumrah, Arjun Tendulkar, Arshad Khan, Kumar Kartikeya, Hrithik Shokeen, Jason Behrendorff, Akash Madhwal

Sunrisers Hyderabad

  • නිදහස් කළ ක්‍රීඩකයින්: Kane Williamson, Nicholas Pooran, Jagadeesha Suchith, Priyam Garg, Ravikumar Samarth, Romario Shepherd, Saurabh Dubey, Sean Abbott, Shashank Singh, Shreyas Gopal, Sushant Mishra, Vishnu Vinod
  • වර්තමාන සංචිතය: Abdul Samad, Aiden Markram, Rahul Tripathi, Glenn Phillips, Abhishek Sharma, Marco Jansen, Washington Sundar, Fazalhaq Farooqi, Kartik Tyagi, Bhuvneshwar Kumar, T Natarajan, Umran Malik

Chennai Super Kings

  • නිදහස් කළ ක්‍රීඩකයින්: Dwayne Bravo, Robin Uthappa, Adam Milne, Hari Nishaanth, Chris Jordan, Bhagath Varma, KM Asif, Narayan Jagadeesan
  • වර්තමාන සංචිතය: MS Dhoni (C), Devon Conway, Ruturaj Gaikwad, Ambati Rayudu, Subhranshu Senapati, Moeen Ali, Shivam Dube, Rajvardhan Hangargekar, Dwaine Pretorius, Mitchell Santner, Ravindra Jadeja, Tushar Deshpande, Mukesh Chowdhary, Matheesha Pathirana, Simarjeet Singh, Deepak Chahar, Prashant Solanki, Maheesh Theekshana

Kolkata Knight Riders

  • නිදහස් කළ ක්‍රීඩකයින්: Pat Cummins, Sam Billings, Aman Khan, Shivam Mavi, Mohammad Nabi, Chamika Karunaratne, Aaron Finch, Alex Hales, Abhijeet Tomar, Ajinkya Rahane, Ashok Sharma, Baba Indrajith, Pratham Singh, Ramesh Kumar, Rasikh Salam, Sheldon Jackson
  • වර්තමාන සංචිතය: Shreyas Iyer (C), Nitish Rana, Rahmanullah Gurbaz, Venkatesh Iyer, Andre Russell, Sunil Narine, Shardul Thakur, Lockie Ferguson, Umesh Yadav, Tim Southee, Harshit Rana, Varun Chakravarthy, Anukul Roy, Rinku Singh

Gujarat Titans

  • නිදහස් කළ ක්‍රීඩකයින්: Rahmanullah Gurbaz, Lockie Ferguson, Dominic Drakes, Gurkeerat Singh, Jason Roy, Varun Aaron
  • වර්තමාන සංචිතය: Hardik Pandya (C), Shubman Gill, David Miller, Abhinav Manohar, Sai Sudharsan, Wriddhiman Saha, Matthew Wade, Rashid Khan, Rahul Tewatia, Vijay Shankar, Mohammed Shami, Alzarri Joseph, Yash Dayal, Pradeep Sangwan, Darshan Nalkande, Jayant Yadav, R Sai Kishore, Noor Ahmad

Lucknow Super Giants

  • නිදහස් කළ ක්‍රීඩකයින්: Andrew Tye, Ankit Rajpoot, Dushmantha Chameera, Evin Lewis, Jason Holder, Manish Pandey, Shahbaz Nadeem
  • වර්තමාන සංචිතය: KL Rahul (C), Ayush Badoni, Karan Sharma, Manan Vohra, Quinton de Kock, Marcus Stoinis, Krishnappa Gowtham, Deepak Hooda, Kyle Mayers, Krunal Pandya, Avesh Khan, Mohsin Khan, Mark Wood, Mayank Yadav, Ravi Bishnoi

Royal Challengers Bangalore

  • නිදහස් කළ ක්‍රීඩකයින්: Jason Behrendorff, Aneeshwar Gautam, Chama Milind, Luvnith Sisodia, Sherfane Rutherford
  • වර්තමාන සංචිතය: Faf du Plessis (C), Virat Kohli, Suyash Prabhudessai, Rajat Patidar, Dinesh Karthik, Anuj Rawat, Finn Allen, Glenn Maxwell, Wanindu Hasaranga, Shahbaz Ahmed, Harshal Patel, David Willey, Karn Sharma, Mahipal Lomror, Mohammed Siraj, Josh Hazlewood, Siddarth Kaul, Akash Deep

Rajasthan Royals

  • නිදහස් කළ ක්‍රීඩකයින්: Anunay Singh, Corbin Bosch, Daryl Mitchell, James Neesham, Karun Nair, Nathan Coulter-Nile, Rassie van der Dussen, Shubham Garhwal, Tejas Baroka
  • වර්තමාන සංචිතය: Sanju Samson (C), Yashasvi Jaiswal, Shimron Hetmyer, Devdutt Padikkal, Jos Buttler, Dhruv Jurel, Riyan Parag, Prasidh Krishna, Trent Boult, Obed McCoy, Navdeep Saini, Kuldeep Sen, Kuldip Yadav, R Ashwin, Yuzvendra Chahal, KC Cariappa

Delhi Capitals

  • නිදහස් කළ ක්‍රීඩකයින්: Shardul Thakur, Tim Seifert, Ashwin Hebbar, Srikar Bharat, Mandeep Singh
  • වර්තමාන සංචිතය: Rishabh Pant (C), David Warner, Prithvi Shaw, Ripal Patel, Rovman Powell, Sarfaraz Khan, Yash Dhull, Mitchell Marsh, Lalit Yadav, Axar Patel, Anrich Nortje, Chetan Sakariya, Kamlesh Nagarkoti, Khaleel Ahmed, Lungi Ngidi, Mustafizur Rahman, Aman Khan, Kuldeep Yadav, Praveen Dubey, Vicky Ostwal

Punjab Kings

  • නිදහස් කළ ක්‍රීඩකයින්: Mayank Agarwal, Odean Smith, Vaibhav Arora, Benny Howell, Ishan Porel, Ansh Patel, Prerak Mankad, Sandeep Sharma, Writtick Chatterjee
  • වර්තමාන සංචිතය: Shikhar Dhawan (C), Shahrukh Khan, Jonny Bairstow, Prabhsimran Singh, Bhanuka Rajapaksa, Jitesh Sharma, Raj Bawa, Rishi Dhawan, Liam Livingstone, Atharva Taide, Arshdeep Singh, Baltej Singh, Nathan Ellis, Kagiso Rabada, Rahul Chahar, Harpreet Brar

2023 IPL  තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<