Rohit Sharma තවත් සුවිශේෂී කඩඉමක් පසුකරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

215

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 6,000 පසු කරමින් තවත් සුවිශේෂී කඩඉමක් සම්පූර්ණ කිරීමට Mumbai Indians නායක Rohit Sharmaට ඊයේ (18) හැකි වුනා.

Sunrisers Hyderabad සමඟ පැවති තරගයේ දී ඔහු එම සීමාව පසු කළ අතර ඔහුට පෙර එම කඩඉම සම්පූර්ණ කර තිබුණේ Virat Kohli, David Warner සහ Shikhar Dhawan පමණක් වීම විශේෂත්වයක්.

ලකුණු 6844ක් රැස් කර Virat Kohli එම ක්‍රීඩකයින් අතර පෙරමුණේ පසු වෙද්දී, Shikhar Dhawan ලකුණු 6477ක් සහ David Warner ලකුණු 6109 රැස් කිරීමට සමත්ව තිබෙනවා.

Rohit Sharmaට එම ලකුණු සීමාව පසු කිරීමට ඉනිම් 232ක් වැය වූ අතර Washington Sundarට එරෙහිව පිට පිට හතරේ පහරවල් දෙකක් එල්ල කරමින් ඔහු එම සුවිශේෂී කඩඉම සම්පූර්ණ කළා.

පෙර තරගයේ දී ආදේශක ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ Sharma ඊයේ තරගයේ දී වේගවත් ආරම්භයක් ලබා ගනිමින් පන්දු 18කට මුහුණ දෙමින් ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වුනා.

ඊයේ තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට එක් වෙමින් Jason Behrendorff වෙනුවට Duan Jansen ආදේශ කරන බව තහවුරු කරමින් Rohit Sharma ප්‍රකාශ කළේ,

Jansen සෑම විටම තරග ක්‍රීඩා කරන්න යොදාගන්නයි සිටියේ. ඒත් කලින් තරගයට පෙර ඔහු සම්පූර්ණ සුවයෙන් සිටියේ නැහැ. ඔහු දැන් සම්පූර්ණ සුවය ලබලයි ඉන්නේ. පන්දු යැවීම ගැන ගත්තොත් අපි ඒ ගැන ලොකු අවධානයක් දීලා තියෙනවා.

ගොඩක් නවක ක්‍රීඩකයින් සහ ළාබාල ක්‍රීඩකයින් ඉතා පීඩනයක් සහිත අවස්ථාවලට හුරු වෙමින් ඉන්නේ. ඔවුන් අන්තිම තරග දෙකෙහි හොඳින් ක්‍රීඩා කළා. ඒ වගේම ඔවුන් පෙන්නුවා ඔවුන්ට පීඩනය ඉතා හොඳින් හසුරුවන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම හොඳ සලකුණක්.”

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත ThePapare.com ඔස්සේ නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

Hindustan times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<