2025/26 මැලිබන් අන්තර් සමාජ රග්බි ලීගයේ මූලික වටයේ අවසන් සතියට අදාළ තරග හතරක් නිමා වූ සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා.
Havelock SC සහ ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය
මෙම තරගය හැව්ලොක් ක්‍රීඩකයින්ට ඉතා වැදගත් තරගයක් වූ අතර, ශූරතාව වෙනුවෙන් සටන් වැදෙනා අවසන් කණ්ඩායම් හතරට එක් වීමට මෙහි ජයග්‍රහණය ඔවුන්ට අතිශය වැදගත් වී තිබුණා.
තරගයේ පළමු අර්ධය තුළ හැව්ලොක් ක්‍රීඩකයින් ව අබිබවා ගිය පොලිස් ක්‍රීඩකයින් විසින් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වූ අතර, හැව්ලොක් ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 12ක් පමණයි.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ සිය සුපුරුදු රිද්මය සොයා ගැනීමට සමත් වූ හැව්ලොක් ක්‍රීඩකයින් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟ ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වූ අතරම, පොලිස් ක්‍රීඩකයින් තවදුරටත් ලකුණු හඹා යාම නතර කිරීමට ද සමත් වුනා.
Havelock SC 29 (5T, 2C) – පොලිස් ක්‍රීඩා සමාජය 17 (2T, 2C, 1P)
- තරගයේ වීරයා – චතුර ඩිල්ශාන් (Havelock SC)
ශ්‍රී ලංකා යුද හමුදාව සහ මහනුවර ක්‍රීඩා සමාජය
මෙවර ලීගයේ ප්‍රබලතම කණ්ඩායම් දෙකෙන් එකක් ලෙස නැවත ශූරතාව සොයා යන ගමනක නිරත වී සිටින මහනුවර කණ්ඩායම මෙම තරගය ද ඉතා පහසුවෙන් ජය ගැනීමට සමත් වුනා.
තරගයේ පළමු අර්ධය තුළ මහනුවර කණ්ඩායම උත්සාහක දිනුම් 05ක් සමඟ ලකුණු 29ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙම කාලය තුළ යුද හමුදාව විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි.
තරගයේ දෙවැනි අර්ධය තුළ මහනුවර ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුම් පහක් වාර්තා කිරීමට සමත් වුනේ සිය සමස්ත උත්සාහක දිනුම් සංඛ්‍යාව දහයක් කරා රැගෙන යමිනුයි.
දෙවැනි අර්ධයේ දී යුද හමුදාව රැස් කිරීමට සමත් වුනේ තවත් ලකුණු 12ක් පමණයි.
මහනුවර 62 (10T, 6C) – යුද හමුදාව 17 (3T, 1C)
තරගයේ වීරයා – ශ්‍රීනාත් සූරියබණ්ඩාර (මහනුවර)
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
CH & FC සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
නිමා වූ සතියේ ක්‍රියාත්මක වූ වඩාත් උණුසුම් තරගය ලෙස මෙය හඳුන්වා දිය හැකි. ගුවන් හමුදාව මෙම තරගයට අවතීර්ණ වන්නේ සුපිරි කණ්ඩායම් හතර අතරට එක් වීම වෙනුවෙන් ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් වූ අතර, CH & FC කණ්ඩායම තවදුරටත් සුපිරි හතර වටයේ රැඳී සිටීම වෙනුවෙන් මෙම තරගය අවතීර්ණ වුනා.
තරගයේ පළමු අර්ධය තුළ CH & FC ක්‍රීඩකයින් ඉතා විශිෂ්ට ආරම්භයක් ලබා ගනිමින් ලකුණු 17ක් රැස් කිරීමට සමත් වුනේ උත්සාහක දිනුම් 2ක් ද සමඟයි. මෙම කාලය සීමාව තුළ ගුවන් හමුදාව විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි.
කෙසේ වෙතත් තමන් තවමත් තරගය පිළිබඳ බලාපොරොත්තු අත් හැර නොමැති බව පසක් කළ ගුවන් හමුදාව විසින් තරගයේ දෙවැනි අර්ධය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරමින් තවත් ලකුණු 26ක් ලකුණු පුවරුවට එක් කළේ උත්සාහක දිනුම් 4ක් සමඟයි. මෙම කාලය තුළ CH & FC කණ්ඩායම විසින් තවත් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වුනා.
ගුවන් හමුදාවේ විශිෂ්ට උත්සාහය අවසන් මොහොතේ ව්‍යර්ථ වී ගියේ ලකුණු 02ක පරතරයකිනුයි.
CH & FC 31 (4T, 4C, 1P ) – ගුවන් හමුදාව 29 (4T, 3C, 1P)
- තරගයේ වීරයා – දේවින්ද රත්නායක (CH & FC)
Siri Lions සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය
මෙම තරග වාරය එකදු අපරාජිත කණ්ඩායමක් හෝ නොමැති වුනත්, එකදු ජයග්‍රහණයක් ලැබීමට සමත් නොවූ කණ්ඩායම් දෙකක් ද පැවතුණා. ලීගයේ මූලික වටයේ අවසන් තරගයේ දී එම කණ්ඩායම් ද්විත්වය තරග බිමට පිවිසුණේ සිය පළමු ජය ලබා ගැනීමේ අරමුණ පෙරදැරිවයි.
ඒ වෙනුවෙන් ආරම්භ වූ තරගයේ පළමු අර්ධය තුළ Siri Lions ක්‍රීඩකයින් විසින් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 10ක් ලබමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වුනා. මෙම කාලය තුළ නාවික හමුදාව විසින් ලබාගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ නාවික හමුදාව තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනේ උත්සහාක දිනුම් දෙකක් සමඟ ලකුණු 18ක් ලබා ගනිමිනුයි.
එම කාලය තුළ Siri Lions ක්‍රීඩකයින් ද තවත් ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වූ නමුත් එය ඔවුන්ගේ පළමු ජය කරා යාමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.
නාවික හමුදාව 25 (3T, 2C, 2P) – Siri Lions 20 (3T, 1C, 1P)
- තරගයේ වීරයා – දෙනුවන් වික්‍රමාරච්චි (නාවික හමුදාව)
මේ අනුව 2025/26 දේශීය රග්බි ලීගයේ මූලික වටයේ තරග මෙතැනින් අවසන් වනවා.
මේ වන විට ලීගයේ සුපිරි කණ්ඩායම් හතර ලෙස පිළිවලින් CR & FC, මහනුවර, CH & FC සහ Havelock කණ්ඩායම් ලකුණු සටහනේ පෙරමුණේ රැඳීමට සමත් වී තිබෙනවා. එමෙන්ම ඔවුන් ඉදිරියේ දී ශූරතාව වෙනුවෙන් සටන් වැදීමට නියමිතයි.
මේ අතර ගුවන් හමුදාවට අවාසනාවන්ත ලෙස සුපිරි කණ්ඩායම් හතර අතරට එක් වීමට නොහැකි වූ අතර, ඔවුන් ලකුණු සටහනේ පස් වැනි ස්ථානයේ නතර වුනා. ඉන් පසුව පිළිවලින් පොලිසිය, යුද හමුදාව, නාවික හමුදාව සහ Siri Lions කණ්ඩායම් ලකුණු සටහනේ රැඳී සිටිනවා.
ලීගයේ මීළඟ තරග එළඹෙන සිකුරාදා (30) සිට ආරම්භ වීමට නියමිතයි.
දේශීය රග්බි ලීගයේ සියලු උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<





















