එළඹෙන ජූලි මාසය අවසානයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන Colombo Strikers කණ්ඩායමේ පුහුණුකරුවන් නම් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියා පුහුණුකරු Simon Helmot ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර සහය පුහුණුකරු ලෙස ජෙරම් ජයරත්න සහ වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් කටයුතු කරනවා.
ලීග් ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන Simon Helmot, කොළඹ කණ්ඩායමට එක් වීම පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,
“මම Colombo Strikers සමඟ වැඩ කරන්න ඉතා ආසාවෙන් බලාගෙන ඉන්නවා. මම මෙම තරගාවලියේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන පළවෙනි වතාව වගේම, බලාගෙන ඉන්නවා තරගාවලිය ආරම්භ කරන තුරු. කණ්ඩායමට දැනටමත් ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඉන්නවා වගේම ක්‍රීඩක වෙන්දේසියෙන් හොඳ කණ්ඩායමක් ගොඩනගන්න අපි බලාපොරොත්තු වෙනවා.”
ලෝක ක්‍රිකට් පිටියේ බිහි වූ ප්‍රබල පන්දු යවන්නෙකු වන චමින්ද වාස් සිය තනතුර ගැන අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,
“මගේ උපන් නගරය කොළඹට ඉතා ආසන්න එකක්. ඒ නිසා මගේ හදවත එම නගරයට ගොඩක් සමීපයි. ඒ නිසා කොළඹ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වෙන්න ලැබුණ එක මට විශාල සතුටක්. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය යොවුන් ක්‍රීඩකයින්ට හොඳ අවස්ථාවක් වගේම එම දක්ෂ තරුණ ක්‍රීඩකයින් සමඟ වැඩ කිරීම ඉතා උද්වේගකර දෙයක් වෙයි.”
- ජයසූරියට LPL හි විශේෂ වගකීමක්
- ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව තාක්ෂණික කමිටුවක්
- Ace Capital සහ Colts අවසන් පූර්ව වටයට
- මංගල LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි
- ඉතිහාසගත වන LPL සිව්වැනි අදියරේ වෙන්දේසියට දිනය තීන්දුයි
ඊට අමතරව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජෙරම් ජයරත්න මහතා ප්‍රකාශ කළේ,
“නව වරලත් කණ්ඩායමක් සමඟ එක් වීමට ලැබීම සෑමවිටම උද්වේගකර දෙයක්. අපිට දැනටමත් හොඳ දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙක් වෙන චාමික කරුණාරත්න සහ මතීෂ පතිරණ ඉන්නවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා ක්‍රීඩක වෙන්දේසියේ දී හොඳ දේශීය ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ලබා ගන්න. ඒ වගේම වෙන්දේසියෙන් පසු අපි සමඟ එක් වෙන යෞවනයන් සමඟ වැඩ කරන්න මම බලාපොරොත්තු වෙනවා.”
කොළඹ කණ්ඩායමේ ප්‍රධාන විදෙස් ක්‍රීඩකයා වන Babar Azam ද කණ්ඩායමට එක් වීම පිළිබඳ සිය අදහස් පල කර තිබුණා.
“Colombo Strikers ශක්තිමත් පුහුණුකාර මණ්ඩලයක් කණ්ඩායමට එකතු කරලා තියෙන්නේ. අපි තරගාවලියේ ඉදිරියට යද්දී ඔවුන්ගේ අත්දැකීම් ඉතා වැදගත් වෙයි. මම ඒ හැම පුහුණුකරුවෙක් එක්කම වැඩ කරලා මගේ උපරිමය කණ්ඩායමට දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”
කොළඹ නගරය කේන්ද්‍ර කර ගත් මෙම කණ්ඩායමේ හිමිකාරිත්වය Sagar Khanna විසින් දරන අතර කණ්ඩායමේ පුහුණුකරුවන් පිළිබඳ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ,
“අපිට ඉතා හොඳ පුහුණුකාර මණ්ඩලයක් පත් කරන්න අවශ්‍ය වුනා වගේම දැන් අපිට ඉන්නවා Simon Helmot, චමින්ද වාස් සහ ජෙරම් ජයරත්න යන පුහුණුකරුවන්. ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුල සහ ප්‍රවීණ පුහුණුකරුවන් අපිට ඉන්න නිසා ඔවුන් කණ්ඩායම නිවැරදි මාර්ගයේ අරගෙන යයි.”
මෙම කණ්ඩායමේ Strength and Conditioning පුහුණුකරු ලෙස Azharuddin Qureshi කටයුතු කරද්දී, භෞතික චිකිත්සකයන්ගේ ප්‍රධානියා ලෙස Saif Hasan Naqvi කටයුතු කරනවා.
2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<