Ace Capital සහ Colts අවසන් පූර්ව වටයට

අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලිය 2023

501

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරග කිහිපයක් අද (07) නිමාවට පත්වුනා.

එම තරගවලින් ජයග්‍රහණ ලබා ගෙන Ace Capital CC සහ Colts CC අවසන් පූර්ව වටයට පිවිසෙද්දී, Sebastiantes C & AC සහ Nugegoda S & WC කණ්ඩායම් ජයග්‍රාහීව තරගාවලිය අවසන් කරන්න සමත් වුනා.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සඳහා පැවති තීරණාත්මක තරගයෙන් Tamil Union ක්‍රීඩකයින් DLS න්‍යාය යටතේ කඩුලු 3කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට Ace Capital ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගයේ වැඩි ගෞරව Tamil Union ක්‍රීඩකයින් දිනා සිටියත්, වර්ෂාව නිසා ඔවුන්ගේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අවසන් වුනේ අවාසනාවන්ත ලෙසයි.

Ace Capital වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ තනුක දාබරේ පන්දු 26ක් තුළ හයේ පහර 5ක් සමඟ වේගවත් ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වූ අතර Tamil Union ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 13කට කඩුලු 3ක් දවා ගත්තා.

අඩු ලකුණක් සඳහා පැවති තියුණු තරගයකින් පසු ප්‍රබල Colts පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගන්නට Sebastiantes ක්‍රීඩකයින්ට හැකි වූවත්, දල ලකුණු වේගය මත අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ Colts කණ්ඩායමයි.

Colts වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය ලකුණු 30කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වෙද්දී, Sebastiantes වෙනුවෙන් චාමිකර එදිරිසිංහ සහ ශෂ්‍රීක පුස්සේගොල්ල කඩුලු දෙක බැගින් දවා ගත්තා.

දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් Badureliya ක්‍රීඩක රනේෂ් සිල්වා නොදැවී ලකුණු 93ක් රැස් කළත්, DLS න්‍යාය මත කඩුලු දෙකකින් තරගය ජය ගැනීමට සිංහල ක්‍රීඩා සමාජයට හැකි වුනා.

Ace Capital CC සහ Tamil Union C & AC

  • Tamil Union– 163/8 (20): ලසිත් අබේරත්න 30, සලිඳු පතිරණ 29, රවිඳු ප්‍රනාන්දු 27, වනුජ සහන් 2/17.
  • Ace Capital– 125/7 (14.3): තනුක දාබරේ 59, සිතාර හපුහින්න 30, විජයකාන්ත් වියස්කාන්ත් 3/13.

Ace Capital ක්‍රීඩකයින්ට කඩුලු 3ක ජයක්.

Sebastiantes C & AC සහ Tamil Union C & AC

  • Sebastiantes– 142/9 (20): ලොහාන් ද සොයිසා 35, අභිෂේක් ලියනාරච්චි 23, අකිල ධනංජය 4/30.
  • Colts– 111/7 (20): ශෙරාන් ෆොන්සේකා 45, මුදිත ලක්ෂාන් 31, චාමිකර එදිරිසිංහ 2/22.

Sebastiantes කණ්ඩායමට ලකුණු 27ක ජයක්.

BadureliyaSC සහ SSC

  • Badureliya– 175/5 (20): රනේෂ් සිල්වා 93*, රොහාන් සංජය 28, ශෙහාන් හසරංග 1/16.
  • SSC– 150/8 (16.5): රනුද සෝමරත්න 35, අවිශ්ක ප්‍රනාන්දු 30, ශෙවෝන් ඩැනියල් 30.

SSC ක්‍රීඩකයින්ට කඩුලු 2ක ජයක්.

Ragama CC සහ Nugegoda S & WC

  • Ragama– 133 (20): බිනුර ප්‍රනාන්දු 54, සංජය චතුරංග 33, චලන ද සිල්වා 3/16.
  • Nugegoda–137/5 (19.2): තරිඳු කෞෂාල් 35, රහල් ගුණසේකර 24.

Nugegoda කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

ඒ සමඟ මෙවර අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලියේ අවසන් පූර්ව වටයට සඳහා සුදුසුකම් ලබා ගැනීමට Moors SC, NCC, Ace Capital සහ Colts කණ්ඩායම් සමත් වුනා.

අවසන් පූර්ව වටයේ තරග කාලසටහන

  • ජුනි 09 –NCC සහ Moors SC
  • ජුනි 09 – Colts CCසහ Ace Capital CC

අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලියේ තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<