ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව තාක්ෂණික කමිටුවක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

909

ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා නව තාක්ෂණික කමිටුවක් පත් කිරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

මෙම තාක්ෂණික කමිටුවේ සභාපති ධුරය සඳහා බන්දුල දිසානායක මහතා පත් කර තිබෙන අතර ටිරෝන් විජේවර්ධන මහතා සාමාජිකයෙකු මෙන්ම ලේකම් ලෙස කටයුතු කරනවා.

එමෙන්ම තරගාවලිය සඳහා නම් කළ මෙම තාක්ෂණික කමිටුවේ අනෙක් සාමාජිකයින් ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක තරංග පරණවිතාන සහ ශේන් ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති රීති අනුගමනය කරමින් සහ ඒවාට යටත්ව මෙම තරගාවලිය පැවැත්වීමට සහතික කිරීම මෙම තාක්ෂණික කමිටුවේ කාර්යභාරය වෙනවා.

නව තාක්ෂණික කමිටුව,

  • බන්දුල දිසානායක – සභාපති
  • ශේන් ප්‍රනාන්දු – සාමාජික
  • තරංග පරණවිතාන – සාමාජික
  • ටිරෝන් විජේවර්ධන – ලේකම්

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 30 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජුනි 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සහ තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<