සිම්බාබ්වෙන් පළමු දිනයේම අභියෝගයක්

574
Sri Lanka Development vs Zimbabwe
2015 ඔක්තෝම්බර් මාසයේ පාකිස්තානය සමඟින් පැවති තරගයකදි බ්‍රයන් චැරී පිතිකරණයේ යෙදෙමින් ©AFP

දකුණු අප්‍රිකානු තරගාවලිය නිමාවූ විගස ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම අතර තවත් එවන් වූ තරගාවලියක් ආරම්භ කරමින් පළමු සිව්දින තරගයේ පළමු දිනය ඊයේ (28) හරාරේ හිදී පැවැත්විණි.

පසුගිය ලිපි: හේලිස් හා කැන්රිච් ජයගනී

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායම වෙත ලබාදෙන ලදි. එම ඇරයුම පිළිගෙන පළමුව පිටියට පැමිණි නායක බ්‍රයන් චැරී හා චාල්ස් කුංජේ පළමු කඩුල්ල සඳහා ලකුණු 131 දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.එම සබඳතාවය අවසන් කරමින් චැරී 4 පහරවල් 8ක් සමඟ ලකුණු 76ක් ලබාසිටියදී දවාලීමට සමත් විය.

දෙවන කඩුල්ල ලෙස 4 පහරවල් 6ක් සමඟ ලකුණු 53ක් ලබාසිටි කුංජේව දවාලීමට චරිත් අසලංක සමත් විය. එවිට ලකුණු පුවරුව ලකුණු 149ක් ලෙස සටහන්ව තිබිණි. එසේ ස්ථාවරව තිබූ ඉණිම කඩුලු 4කට ලකුණු 167ක් දක්වා සටහන් කරමින් පෙර තිබූ ප්‍රබල බව යම්තාක් හෝ අඩුකර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

ජෝයිලෝඩ් ගුම්බි හා ටැරිසායි මුසකන්ඩා ලකුණු 84ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් තරමක් හෝ බිදවැටුනු ඉණිම යලිත් ගොඩනැංවීමට සමත් විය.

ටැරිසායි මුසකන්ඩා 4 පහරවල් 5ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 61ක් ලබාගත් අතර එම සබඳතාවය නිමාවන විට සිම්බාබ්වේ කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු  251ක් ලෙස සටහන්ව තිබුනි. හයවැනි කඩුල්ල ලෙස ගුම්බි 4 පහරවල් 5ක් සමඟ ලකුණු 47ක් ලබා සිටියදී දිනයේ අවසන් කඩුල්ල ලෙස දැවීයන ලදි.

දිනය නිමාවන විට ලුකේ ජොන්ග්වේ 4 පහරවල් 2ක් සමඟ ලකුණු 22*ක් හා කාල් මුම්බා එක් 4 පහරක් සමඟ ලකුණු 9*ක් ලබා සිටින ලදි.

සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම – 302-06 (86) බ්‍රයන් චැරී 76, ටැරිසායි මුසකන්ඩා 61, චාල්ස් කුංජේ 53, ජෝයිලෝඩ් ගුම්බි 47, චරිත් අසලංක 2/73

අද (29) පළමු සිව්දින තරඟයේ දෙවන දිනයයි.

තවත් පුවත් සඳහා පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට