ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්වලටත් T10 තරගාවලියක්

ආරාධිත පාසල් T10 විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2023

458

නාලන්ද විද්‍යාලයීය ආදි ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන 2023 ආරාධිත පාසල් T10 විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් 10 සහ 11 දෙදින පුරාවට ක්‍රීඩාංගණ 4ක දී පැවැත්වීමට නියමිතයි.

එය ශ්‍රී ලංකාව තුල පාසල් කණ්ඩායම් රැසක් එක්කර ගනිමින් පැවැත්වෙන පළමු T10 ක්‍රිකට් තරගාවලියයි.

Photos – Inaugural Inter schools U -19 Invitational T-10 Cricket Tournament-2023 Press Conference

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ එක්දින පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ පළමු ස්ථාන දිනා ගත් පාසල් 16 සහ Tier B කොටසේ පළමු ස්ථාන 16 දිනා ගත් පාසල් 16 මේ තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතයි.

අප්‍රේල් 10 සහ 11 පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ තරග CCC, NCC, MCA සහ ඩී. එස්. සේනානායක විදුහල් පිටියේ දී පැවැත්වීමට නියමිතයි. මූලික වටයේ දී තරග 16ක් පැවැත්වෙන අතර එය අවසානයේ දී කණ්ඩායම් 16ක් පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා ගන්නවා.

මේ සඳහා ජාතික මට්ටමේ විනිසුරුවරුන් සහ නිවේදකයන් ද සහභාගි කරගැනීමට නියමිත බව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේ දී අනාවරණය කර අතර මෙම තරගාවලියේ තරග සැකැස්ම සඳහා වන කුසපත් ඇදීම ඉදිරියේ දී සිදු කිරීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ වත්මන් සභාපති වන නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<