Home Sinhala තියුණු සටනකට පසුව ශ්‍රී ලංකාවට අවාසනාවන්ත අවසානයක්

තියුණු සටනකට පසුව ශ්‍රී ලංකාවට අවාසනාවන්ත අවසානයක්

වයස අවුරුදු 19න් පහළ බාලිකා ලෝක කුසලානය 2023

2142
POTCHEFSTROOM, SOUTH AFRICA - JANUARY 24: Laiba Nasir of Pakistan plays a shot as Isabella Gaze of New Zealand keeps during the ICC Women's U19 T20 World Cup 2023 Super 6 match between New Zealand and Pakistan at JB Marks Oval on January 24, 2023 in Potchefstroom, South Africa. (Photo by Nathan Stirk-ICC/ICC via Getty Images)

2023 වයස අවුරුදු 19න් පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගය ඊයේ (24) දකුණු අප්‍රිකාව සමඟ Potchefstroom හිදී පැවැත්වුනා.

තියුණු තරගයකින් අනතුරුව එම තරගයෙන් එක් ලකුණක ජයක් ලබා ගත්තේ දකුණු අප්‍රිකාවයි.

කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ඔවුන්ගේ ආරම්භක පිතිකාරණියන් යුගලය ලකුණු 23ක් ඇතුළත නැවතත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට දෙව්මි විහංගා සමත් වුනා.

ඉන් අනතුරුව අංක 3 පිතිකාරිණිය ලෙස පිටියේ ස්ථාවර වුනු Kayla Reyneke පන්දු 49ක් තුල ලකුණු 43ක් ලබා ගනිමින් තරමක් මන්දගාමී තණතීරුව මත සෙමින් සීරුවේ ලකුණු රැස් කළා. එම ඉනිමට 4 පහර 2ක් ඇතුළත් වුනා.

Reyneke කඩුල්ල රැකගෙන එක් අන්තයකින් ස්ථාවර වන විට, Madison Landsman සහ Jenna Evans වේගවත් ලෙස ලකුණු ලබා ගනිමින් ඉනිමේ මැද පන්දුවාර ප්‍රමාණය තුල ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ නංවාලීමට කටයුතු කළා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා දක්ෂ පන්දු රැකීම හමුවේ අවසන් පන්දුවාර 7 තුල ලකුණු 49ක් ලබා දෙමින් ඔවුන්ගේ කඩුලු 3ක් දවාගෙන ඔවුන්ගේ අවසානය මන්දගාමී කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

අවසානයේ දී දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 134ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී විදූශිකා පෙරේරා කඩුලු 3ක් දවාගෙන දස්කම් දැක්වූවා. දෙව්මි කඩුලු 2යි.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණි නෙත්මි සේනාරත්න පන්දු 49ක් තුල ලකුණු 36ක් ලබාගෙන ශ්‍රී ලංකාවට යම් ආරම්භයක් ලබා දුන්නා.

කෙසේ නමුත් විශ්මි සහ සුමුදුගේ කඩුලු දෙක බිඳ වැටීමත් සමඟම ශ්‍රී ලංකාව යම් ආකාරයක පසුබැස්මකට ලක්වුණු නමුත්, දෙව්මි විහංගා පන්දු 23ක් තුල වේගවත් ලකුණු 37ක් ලබාගෙන ශ්‍රී ලංකා ඉනිම නැවතත් නිවැරදි මාවතකට රැගෙන ආවා. ඇයගේ එම සුපිරි ඉනිමට 4 පහර 3ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුනා.

මනුදි නානායක්කාර පන්දු 9ක දී ලකුණු 17ක් ලබා ගත්තා. මුල්පෙළ පිතිකාරිණියන් තුන්දෙනා හැරෙන්නට අනෙක් සියලුම ක්‍රීඩිකාවන් ප්‍රහාරාත්මක වේගය 100 ඉක්මවා යමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කිරීමට උත්සහ කළ නමුත් එය සාර්ථක වුනේ නැහැ.

එහි දී ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීමට අවසන් පන්දුවාරය තුල ලකුණු 12ක් ලබා ගැනීමට අවශ්‍ය තිබුණු නමුත් එහි දී දුවද්දී දැවී යාමක් ද සමඟ කඩුලු 2ක් බිඳ වැටීම ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් වුනා. අවසානයේ දී ශ්‍රී ලංකාවට එක් ලකුණක තියනු පරාජයක් උරුම වුනා.

කෙසේ නමුත් දකුණු අප්‍රිකාවට අවශ්‍ය පරිදි සිය දල ලකුණු ලබා ගැනීමේ වේගය රඳවා ගෙන මේ තරගය ජය ගැනීමට නොහැකි වුනු නිසා ඔවුන්ගේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ද මේ සමඟ බිඳ වැටුණා. පන්දු යැවීමේ දී පිතිකරණයෙන් ද දස්කම් දැක්වූ Kayla Reyneke කඩුලු 2ක් දවා ගත්තා.

Result


South Africa Women U19
134/7 (20)

Sri Lanka Women U19
133/8 (20)

Batsmen R B 4s 6s SR
Miane Smit st Sumudu Nisansala b Dewmi Vihanga 8 8 1 0 100.00
Simone Lourens b Dewmi Vihanga 14 14 2 0 100.00
Kayla Reyneke c Dulanga Dissanayke b Vidushika Perera 43 49 2 0 87.76
Madison Landsman c Rashmi Nethranjali b Harini Perera 21 12 4 0 175.00
Jenna Evans c Umaya Rathnayake b Vihara Sewwandi 22 15 3 0 146.67
Karabo Meso c Rashmi Nethranjali b Vidushika Perera 12 14 1 0 85.71
Oluhle Siyo st Sumudu Nisansala b Vidushika Perera 3 5 0 0 60.00
Anica Swart not out 7 3 1 0 233.33


Extras 4 (b 0 , lb 1 , nb 0, w 3, pen 0)
Total 134/7 (20 Overs, RR: 6.7)
Bowling O M R W Econ
Rashmi Nethranjali 3 0 30 0 10.00
Dewmi Vihanga 4 0 22 2 5.50
Vidushika Perera 4 0 25 3 6.25
Harini Perera 2 0 17 1 8.50
Vihara Sewwandi 4 0 24 1 6.00
Dulanga Dissanayke 3 0 15 0 5.00


Batsmen R B 4s 6s SR
Nethmi Senarathna st Karabo Meso b Kayla Reyneke 36 49 3 1 73.47
Sumudu Nisansala run out (Monalisa Legodi) 5 10 1 0 50.00
Vishmi Gunarathne c Simone Lourens b Madison Landsman 12 17 1 0 70.59
Dewmi Vihanga c Jenna Evans b Kayla Reyneke 37 23 3 3 160.87
Manudi Nanayakkara c Madison Landsman b Refilwe Moncho 17 9 2 1 188.89
Vidushika Perera run out (Jenna Evans) 6 4 0 0 150.00
Dulanga Dissanayke st Karabo Meso b Miane Smit 6 6 0 0 100.00
Vihara Sewwandi run out (Ayanda Hlubi) 1 1 0 0 100.00
Umaya Rathnayake not out 0 0 0 0 0.00
Rashmi Nethranjali not out 4 1 1 0 400.00


Extras 9 (b 0 , lb 4 , nb 0, w 5, pen 0)
Total 133/8 (20 Overs, RR: 6.65)
Bowling O M R W Econ
Miane Smit 4 1 13 1 3.25
Refilwe Moncho 4 0 33 1 8.25
Seshnie Naidu 4 0 31 0 7.75
Kayla Reyneke 4 0 16 2 4.00
Madison Landsman 2 0 21 1 10.50
Monalisa Legodi 2 0 15 0 7.50



2023 19න් පහළ බාලිකා විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<