මහිත්ගෙන් වාර්තාගත ඉනිමක්; ධර්මරාජ සහ පීතරයින් මවිත වෙයි

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2023

279

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් සහ සම්ප්‍රදායික තරග කිහිපයක් අද (13) ක්‍රියාත්මක වුනා.

එහි දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට එරෙහිව කඩුලු 9ක පහසු ජයක් ලබා ගන්නට තර්ස්ටන් විද්‍යාලය සමත් වීම දිනයේ වාර්තා වුනු එකම පූර්ණ තරග ප්‍රතිඵලය වුනා.

දෙදින සාම්ප්‍රදායික සුහද තරගයක් ලෙස ක්‍රියාත්මක වුනු මේ තරගයේ දී තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් විහස් තෙව්මික ඉනිම් දෙකේ දී ම කඩුලු 10ක දස්කමක් පෙන්නුම් කරන විට, ඔහුට සහය වුනු තනුග පලිහවඩන ඉනිම් දෙක තුල කඩුලු 8ක දස්කමක් දැක්වූවා. ඒ අනුව මාරිස් ස්ටෙල්ලා ඉනිම් දෙකේ දැවී ගිය කඩුලු 20න් කඩුලු 18කම දවා ගත්තේ විහස් සහ තනුග විසින් වීම කැපී පෙනුණා.

මහදේවන් සතාසිවම් අභියෝගතා කුසලානය වෙනුවෙන් සාන්ත තෝමස් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය අතර පැවැත්වෙන මේ තරගයේ පළමු දිනය තුල ශතකයක් ලබාගෙන වාර්තාගත ඉනිමක් දියත් කිරීමට මහිත් පෙරේරා සමත් වුනා.

අංක 6 පිතිකරු ලෙස ක්‍රීඩා කළ ඔහු 4 පහර 18ක් සහ 6 පහර 2ක් සමඟ ලකුණු 152*ක් ලබා ගත් අතර සෙනේෂ් හෙට්ටිආරච්චි මැදපෙළ සවිමත් කරමින් අර්ධ ශතකයක් ලබා ගත්තා. මහිත් දියත් කළ ඉනිම වෙස්ලි – සාන්ත තෝමස් දෙදින තරග ඉතිහාසය තුල ක්‍රීඩකයෙක් ඉනිමක දී ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස ද වාර්තා පොත් අලුත් කළා.

සාන්ත තෝමස් – වෙස්ලි තරගයේ දෙවැනි දිනය හෙට (14) උදෑසන 9.15 සිට සජීව ලෙස ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්.

එසේම සාන්ත ජෝසප් – රාජකීය සම්ප්‍රදායික තරගයේ පළමු දිනය අවසන් වන විට, සාන්ත ජෝසප් විද්‍යාලය ඉතාමත් හොඳ ස්ථාවර මට්ටමක සිටි අතර හිරාන් ජයසුන්දර ලබා ගත් ශතකය (ලකුණු 152) ද දිනයේ කැපී පෙනුණු දක්තාවයක් වුනා.

තර්ස්ටන් විද්‍යාලය සහ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 144 (56.1) සදෙව් රත්නායක 37, නෙතුම් බස්නායක 32*, තනුග පලිහවඩන 5/40, විහස් තෙව්මික 4/55 & 89 (33.5) හසිඳු පෙරේරා 19, විහස් තෙව්මික 6/32, තනුග පලිහවඩන 3/36.

තර්ස්ටන් විද්‍යාලය – 165 (55) උදීප එදිරිසිංහ 37, තේනුක දේවප්‍රිය 25, හසිඳු පෙරේරා 4/47, ශේන් ආධිත්‍ය 3/41, නෙතුම් බස්නායක 2/10 & 70/1 (9.5) ශානික්‍ය දේශප්‍රිය 54*

තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 9ක ජයක්


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය

සාන්ත තෝමස් විද්‍යාලය – 312/6d (81): මහිත් පෙරේරා 152*, සෙනේෂ් හෙට්ටිආරච්චි 66, රොමේෂ් මෙන්ඩිස් 37, චාරුක පීරිස් 32, සනිතු අමරසිංහ 2/53.

වෙස්ලි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 76/0 (17) සනිතු අමරසිංහ 34*


සාන්ත ජෝසප් විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 336/4 (103) හිරාන් ජයසුන්දර 156*, මුදිත දිසානායක 73, නරේන් මුරලිදරන් 47, අනුෂ් පොලොන්නෝවිට 2/16.


සාන්ත පීතර විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය

සාන්ත පීතර විද්‍යාලය – 67 (29) කවිඳු ඉඳුවර 3/26, දිනුක තෙන්නකෝන් 2/01, තීරක රණතුංග 2/06, මනුල කුලරත්න 2/26.

ත්‍රිත්ව විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 285/6 (71) දිනූශ පීරිස් 70, සුපුන් වඩුගේ 65, මනුල කුලරත්න 55, කුසල් විජේතුංග 45, නිමුතු ගුණවර්ධන 3/32.


ධර්මරාජ විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය

ධර්මරාජ විද්‍යාලය – 97 (44.5) මිනොද් කල්දේරා 6/32, සජිත විතානගේ 2/11.

නාලන්දා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 166/6 (53) යසිරු සමරකෝන් 49, සදෙව් සමරසිංහ 45, පුලිඳු පෙරේරා 2/07, කලන හේරත් 2/20, තිසරු වන්නිනායක 2/62.


මහානාම විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය (Tier A කොටසේ තරගයක්)

මහානාම විද්‍යාලය – 211 (58.1) අංජල බණ්ඩාර 57, කවිඳු අමාමෙත් 41, මනුජ චන්තුක 5/52, සංදීෂ් ප්‍රනාන්දු 3/41.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 111/4 (41) සනේෂ් ප්‍රනාන්දු 35, අදීෂ් අල්මේදා 35, මහේන් සිල්වා 25*, විරංග යෙශාන් 2/27


ලුම්බිණි විද්‍යාලය සහ දේවපතිරාජ විද්‍යාලය (Tier B කොටසේ තරගයක්)

ලුමිබිණි විද්‍යාලය  – 217 (65.4) සහන් කෞශල්‍ය 62, ධනිත සන්දෙත් 49, ඉරුෂික තිමිර 4/68, පූජිත් වත්සුක 4/79.

දේවපතිරාජ විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 149/4 (33): පවන් සංදේශ් 90, මලිත් කවිඳු 2/28.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<