මලගෙදරක ගිය කොදෙව් පුහුණුකරුට අකරතැබ්බයක්

226
Phil Simmons
අල්සාරි ජෝසප් (දකුණ) සහ ෆිල් සිමන්ස් 2019 වසරේ පැවති පුහුණු සැසියක් අතරතුර. ©AFP

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන ෆිල් සිමන්ස් ස්වයං නිරෝධායනයට යොමු වී තිබෙන බව Hindustan Times වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබුණි. 

විස්ඩන් 21 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුල රනින් බැබළ

කොදෙව් කණ්ඩායම එංගලන්ත ටෙස්ට් තරගාවලියට සහභාගී වීම සඳහා මේ වන විට එංගලන්තයට පැමිණ සිටින අතර පසුගිය සිකුරාදා පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීම නිසා සිමන්ස් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හි තම හෝටල් කාමරයේ ස්වයං නිරෝධායනයට ලක් වීමට සිදුව ඇත. එළඹෙන බ්‍රහස්පතින්දා කොදෙව් කණ්ඩායම හා එක්වීමට පෙර ඔහුට COVID-19 පරීක්ෂණ දෙකක් සිදු කිරීමට නියමිතය. 

බටහිර ඉන්දීය කොදෙව් ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමෙන් පසු මෙලෙස ස්වයං නිරෝධායනයට පිවිස ඇති නමුත් කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝශප් පැවසුවේ එංගලන්තයට එරෙහි ටෙස්ට් තරග තුන සඳහා තම කණ්ඩායමට සූදානම් වීමට එය බාධාවක් නොවන බවයි.  

“එය ඇත්ත වශයෙන්ම අපගේ සූදානමට බාධාවක් වෙන්නේ නැහැ” ජෝසප් සෙනසුරාදා බ්‍රිතාන්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

“අපට අපගේ කාර්‍යභාරය ඉටු කරන්න තියනවා. තරගාවලියේ ඉදිරියට යාමට අපි සූදානම් වෙන්න ඕන. අපට මෙහි ඉතා විශාල පුහුණු කාර්ය මණ්ඩලයක් සිටිනවා. ඔවුන් එකිනෙකාට ඉතා සහයෝගය දක්වමින් කටයුතු කරනවා. ඒ නිසා ෆිල් සිමන්ස්ගේ නිරෝධායනය ඇත්තටම කිසිවෙකුට ගැටලුවක් වෙන්නේ නෑ..” 

ප්‍රබල පිතිකරුවන් දෙදෙනෙක් සංචිතයෙන් ඉවත් කළේ මොන පදනමකින් ද?

Covid-19 වසංගතය නිසාවෙන් අකර්මණ්‍ය වූ ක්‍රිකට් මෙහෙයුම් පද්ධතිය

සහකාර පුහුණුකරුවන් වන රොඩි එස්ට්වික් සහ රේයාන් ග්‍රිෆිත් පුහුණුකරුවන් ලෙස කොදෙව් කණ්ඩායම සමඟින් කටයුතු කරමින් සිටී. කණ්ඩායමේ දෙවන පුහුණු කිරීමේ තරගය අධීක්ෂණය ඔවුන් විසින් සිදු කිරීමට නියමිතය. එය සඳුදා (අද) ආරම්භ වීමට නියමිතය.

කොදෙව් කණ්ඩායමේ එංගලන්ත ටෙස්ට් තරගාවලිය ජූලි 8 වැනිදා සවුත්හැම්ප්ටන් හිදී ආරම්භ වීමට නියමිතය. එයට පෙර පැවැත්වෙන අවසන් පුහුණු තරගය සඳුදා ආරම්භ වන තරගයයි.

කොදෙව් නායක ජේසන් හෝල්ඩර්, කෙමාර් රෝච් සහ ෂැනන් ගේබ්‍රියෙල් සමඟ පන්දු බලඇණියට එක්වීමට ජෝසප් බලාපොරොත්තුවෙන් සිටී. 23 හැවිරිදි ජෝශප් පසුගිය කාලය තුල එතරම් සාර්ථක නොවූවද වත්මන් රිද්මය ඔහුට දක්ෂතා දැක්වීමට ප්‍රයෝජනවත් වනු ඇති බව පුහුණුකරුවන්ගේ මතයයි.

“නිසැකවම සෙසු වේගපන්දු යවන්නන් තිදෙනාට මට වඩා බොහෝ අත්දැකීම් තියනවා,” ඔහු පැවසීය.

“මම බොහෝ විට සිතන්නේ ප්‍රතිවාදී කණ්ඩායම මාව දුර්වල පන්දු යවන්නෙක් ලෙස දකීවි කියලා. මම හිතන්නේ මගේ රාජකාරිය එම පන්දු යවන්නන්ට සහයෝගය දක්වමින් ප්‍රතිවාදීන්ට පීඩනය ලබා දීමයි.”

පාකිස්තානය කොරෝනා හැදුණු ක්‍රිකට් ක්‍රීඩකයින්ට හරියට සලකන්නේ නැහැ – ඉන්සමාම්

COVID-19 වැලඳුණු ක්‍රීඩකයින් පරිපාලනය කිරීමේ දී පාකිස්තාන ක්‍රිකට් පාලක

“මට එය වාසියක් ලෙස භාවිතා කරන්න පුළුවන්. මගේ හැකියාවන් ගැන මම දන්නවා. එංගලන්තය ඒ ගැන දන්නේ නෑ. නමුත් එක් අවස්ථාවක මම සාර්ථකව පන්දු යවන්න පටන්ගනීවි. ඊට පස්සේ මට ඕනෑම විරුද්ධවාදියෙකු අභිබවා යා හැකි බව මම දන්නවා.”

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<