Video – “200+ක ඉලක්කයක් දෙන්න පුළුවන් නම් හොඳ අභියෝගයක් දෙන්න පුළුවන් ” – ලසිත් ඇඹුල්දෙණිය

2296

සංචාරක එංගලන්තය සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර ගාල්ලේ දී පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ දෙවන තරගයේ තුන්වැනි දිනය අද (24) නිමා වුනේ ශ්‍රී ලංකාවට තරගය පිළිබඳව යම් බලාපොරොත්තුවක් ඉතිරි කරදෙමින්.

Sri Lanka Cricket Media Unit

දිනයේ නිමාව සනිටුහන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරනු ලබන එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 339ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 42ක් පසුපසින් සිටියා.

තරගයට පසුව එංගලන්ත මුල් ඉනිමේ දැනට කඩුලු 7ක් දවාගෙන තිබෙන ලසිත් ඇඹුල්දෙණිය මෙසේ තරගය පිළිබඳව අදහස් පැවසුවා.

Rootගේ 200 යන පාර වැහෙද්දී ඇඹුල්දෙණිය හොඳම දස්කම් අතරට

>>Sri Lanka v England 2021<<