එංගලන්තයට යන කොදෙව් ටෙස්ට් සංචිතයට නවකයින් කිහිපයක්

1632

එළඹෙන ජූලි 8 වැනිදා ආරම්භ වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් තරග වදිනු ලබන ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් සංචිතය අද (3) නිල වශයෙන් මාධ්‍යයට නිකුත් විය. 

එංගලන්ත පුහුණු සංචිතයෙන් ප්‍රබලයින් හැලෙයි

කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සිටින ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙක් වන ඩැරන් බ්‍රාවෝ, ශිම්රොන් හෙට්මියර් සහ කීමෝ පෝල් යන ක්‍රීඩකයින් මේ එංගලන්ත සංචාරය සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඒ නිසාවෙන් නවක මුහුණු කිහිපයක්ම සංචිතය සඳහා එක් කිරීමට කොදෙව් ක්‍රිකට් තේරීම් කමිටුවට සිදුව ඇත.

කෙමර් හෝල්ඩර් සහ නක්රුමා බොනර් මේ ක්‍රීඩකයින් 14 දෙනා අතර සිටින නවක ක්‍රීඩකයින් දෙදෙනා වන අතර කෙමර් කිසිදු තරග රටාවක් තුල තවමත් කොදෙව් ජාතික කණ්ඩායම නියෝජනය කර නොමැත. නමුත් බොනර් කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග දෙකක් ක්‍රීඩා කර තිබේ. 

කෙමර් හෝල්ඩර් 2016 වසරේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී කොදෙව් කණ්ඩායම නියෝජනය කළ අතර දේශීය ක්‍රිකට් පිටිය තුල ද ඉතාමත් හොඳ දස්කම් දක්වා තිබෙන වේගපන්දු යවන්නෙක් ලෙස ඔහුව හඳුන්වා දීමට හැකිය. පසුගිය වසරේ පවතී දේශීය ක්‍රිකට් තරගාවලිය තුල 18.91ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමින් කඩුලු 36ක් දවාගෙන ඇත.

වයස අවුරුදු 31ක් වන නක්රුමා බොනර් මේ වන විට පළමු පෙළ ක්‍රිකට් තරග 69ක් සඳහා ක්‍රීඩා කර තිබෙන අතර එහි දී ඔහු රැස් කරගෙන තිබෙන ලකුණු ගණන 3321ක්. එසේම අවසන් වරට පැවති දේශීය ක්‍රිකට් තරගාවලිය තුල ලකුණු 523ක් ලබාගෙන තිබෙන ඔහු පා දඟපන්දු යවමින් කඩුලු 45ක් ද දවාගෙන දස්කම් දක්වා තිබෙන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස සංචිතයට එකතු වේ. 

කුසල් මෙන්ඩිස් අලුත් ජර්සි නම්බරේ රහස හෙළි කරයි

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය යෝජනා කර ඇති අන්දමට ජූලි 8, ජූලි 16 හා ජූලි 24 ටෙස්ට් තරග ආරම්භ කිරීමට නියමිත අතර තරග පැවැත්වෙන්නේ Ageas Bowl හා ලැන්කෂයර් ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් ක්‍රීඩාංගණවලයි. 

තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ මැයි සහ ජුනි යන මාසවල දී වුවත් අනපේක්ෂිත ලෙස සිදු වූ කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසා තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වූ නමුත් මේ වන විට එම තත්වය බොහෝ දුරට පාලනය වී තිබෙන නිසා ICC සහ එරට රජයන් විසින් ලබා දී තිබෙන මාර්ගෝපදේශ අනුව යමින් මේ තරගාවලිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

විශ්වාසදායී ආරංචි මාර්ගවලට අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගාවලිය ආරම්භයට මසකට පමණ පෙර එනම් ජුනි මස 9 වැනිදා එංගලන්තයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින්නේ දින 14ක නිරෝධායන කාලයට සහ ඔවුන්ගේ පුහුණු වීම් වලට කාලය ද වෙන්කරවා ගැනීමේ අරමුණ ඇතිවයි. 

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් සංචිතය: ජේසන් හෝල්ඩර් (නායක), ජර්මයින් බ්ලැක්වුඩ්, නක්රුමා බොනර්, ක්‍රේග් බ්‍රැත්වයිට්, ශිම්රන් බෘක්ස්, ජෝන් කැම්බල්, රොස්ටන් චේස්, රහකීම් කෝර්න්වෝල්, ෂේන් ඩෝරිච්, කෙමර් හෝල්ඩර්, ශායි හෝප්, අල්සාරි ජෝශප්, රේමන් රීෆර්, කෙමාර් රෝච්

අතිරේක ක්‍රීඩකයින් – සුනිල් ඇම්බ්‍රිස්, ජෝෂුවා ඩා සිල්වා, ෂැනන් ගේබ්‍රියෙල්, කියොන් හාඩිං, කයිල් මේයර්ස්, ප්‍රෙස්ටන් මැක්ස්වින්, මාකිනෝ මින්ඩ්ලි, ෂේන් මොස්ලි, ඇන්ඩර්සන් ෆිලිප්, ඔෂේන් තෝමස්, ජොමෙල් වොරිකන්

තරග කාලසටහන 

  • පළමු ටෙස්ට් තරගය – ජූලි 8-12 – Ageas Bowl පිටියේ දී 
  • දෙවන ටෙස්ට් තරගය – ජූලි 16-20 – ලැන්කෂයර් හිදී 
  • තෙවන ටෙස්ට් තරගය – ජූලි 24-28 – ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් හිදී 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<