Serendib ක්‍රීඩකයින්ට ජයග්‍රාහී සති අන්තයක්

ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

223
Champions League 2022 week 6

ශූරයින්ගේ ලීගයේ 6 වැනි සතියේ අවසන් දිනය අද (24) ක්‍රියාත්මක වූ අතර එහි දී Serendib ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කරද්දී Police සහ Pelicans අතර තරගය සමව අවසන් වුනා.

කෙසේ නමුත් අද පැවැත්වීමට නියමිතව තිබූ Crystal Palace FC සහ Moragasmulla SC අතර තරගය ක්‍රීඩාංගණයේ අයහපත් තත්වය නිසාවෙන් පසුවට කල් දැමුණා.

Police SC සහ Pelicans SC

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය අවසන් වුනේ ගෝල 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරවයි.

Police ක්‍රීඩකයින් වෙත ලැබුණු දඬුවම් පහරක් Mohamed Sajid විසින් සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කරමින් පොලිස් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් වුනා. ඒ තරග ආරම්භයෙන් 19 වැනි මිනිත්තුවේ දීයි. එම ලකුණත් සමඟින් ගෝල 1-0ක් ලෙස ප්‍රථම අර්ධය නිමා වුනේ පොලිස් ක්‍රීඩකයින් පෙරමුණ ගනිමින්.

දෙවැනි අර්ධය ආරම්භ වී 52 වැනි මිනිත්තුවේ දී පොලිස් ක්‍රීඩක Thamil Selvan විසින් සිදු වූ අත්වැරදීමකින් Pelicans ලකුණු පුවරුව ක්‍රියාත්මක වුනේ Own Goal අවස්ථාවකිනුයි. කෙසේ නමුත් ඉන් අනතුරුව Pelicans ක්‍රීඩක Nafshan Mohamed විසින් 79 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් ගෝල සංඛ්‍යාව 2ක් දක්වා ඉහළ දමන්නට සමත් වුනා.

කෙසේ නමුත් පොලිස් ක්‍රීඩකයින් අතින් සිදු වූ වරදේ හානිය අවම කර ගනිමින් තරගය සමව නිමා කරන්නට මධුක සිරිවර්ධනට හැකි වුනේ තරගයේ අවසන් මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමත් සමඟිනුයි.

අවසන් ලකුණු තත්වය: Police SC 2 – 2 Pelicans SC

ගෝල ලාභීන්:

  • Police – Mohamed Sajid (19’P), Thamil Selvan (52’ OG), මධුක සිරිවර්ධන (90+1’)
  • Pelicans – Nafshan Mohamed (79’)

Serendib SC සහ Super Sun SC

ගෝල 2-1ක් ලෙස Super Sun ක්‍රීඩකයින් පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට Serendib ක්‍රීඩකයින් සමත් වුනේ කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දීයි.

තරගය ආරම්භ වී මිනිත්තු 5ක් යන විට ක්‍රියාත්මක වූ Serendib ක්‍රීඩක Mohamed Issadeen විසින් ප්‍රථම ගෝලය වාර්තා කළා. එම ගෝලයට අභියෝග කරමින් ප්‍රතිවාදීන් Super Sun ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කළේ 12 වැනි මිනිත්තුවේ දීයි. එහි හිමිකාරයා වුනේ Mohamed Sajan. ඉන්පසුව ප්‍රථම අර්ධය නිමා වන තෙක් ගෝල වාර්තා වුනේ නැහැ.

ජයග්‍රහණය දෙපිලටම විවර කරමින් ආරම්භ වූ දෙවැනි අර්ධයේ දී Serendib ලකුණු පුවරු 2ක් දක්වා ඉහළ දමමින් ජයග්‍රාහී බලාපොරොත්තු කණ්ඩයමට ගෙන ඒමට Quatry Prince සමත් වුනේ 62 වැනි මිනිත්තුවේ දීයි.

ඒ සමඟින් ඔවුන් ප්‍රතිවාදීන්ට ලකුණු ලබා ගන්නට ඉඩක් නොතබමින් තරගය අවසන් කළේ ගෝල 2-1ක් ලෙස තරගය ජයග්‍රහණය කරමිනුයි.

අවසන් ලකුණු තත්වය: Serendib SC 2 – 1 Super Sun SC

ගෝල ලාභීන්:

  • Serendib – Mohamed Issadeen (5’), Quatry Prince (62’)
  • Super Sun – Mohamed Sajan (12’)

ශූරයින්ගේ ලීගයේ 7 වැනි තරග සතිය එළඹෙන සතියේ දී ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සියලුම පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<