20න් පහළ SAFF කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

SAFF වයස අවුරුදු 20න් පහළ පාපන්දු ශූරතාවය

281

ජූලි මාසය අවසානයේ දී ආරම්භ වීමට නියමිත SAFF වයස අවුරුදු 20න් පහළ පාපන්දු ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා 20න් පහළ සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයේ නායකත්වය තේශාන් තුෂ්මික හට හිමි වෙද්දී, උපනායකත්වය හිමිව ඇත්තේ Mohamed Kalik හටයි. එම නම් කළ සංචිතයට අතිරේක ක්‍රීඩකයින් 7 දෙනෙකු ද ඇතුළත්.

මෙවර SAFF 20න් පහළ පාපන්දු ශූරතාවය ජූලි 25 වැනිදා සිට අගෝස්තු 05 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින සහ නේපාලය තරග වැදීමට නියමිත අතර ලීග් ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ දී සියලු කණ්ඩායම් අනෙක් කණ්ඩායම් සමඟින් තරග වැදීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් පිරිසකගෙන් යුත් කණ්ඩායමක් තෝරා ගනිමින් ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබා දුන් අතර ඔවුන් මෙරට දේශීය පාපන්දු පිටියේ ප්‍රබල කණ්ඩායම් ද්විත්වයක් සමඟ පුහුණු තරග ද්විත්වයක් ද ක්‍රීඩා කළා.

තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම: තේෂාන් තුෂ්මික (නායක), Mohamed Kalik (උපනායක), ඩෙරික් ප්‍රනාන්දු, Mohamed Shuaib, සමුනු කග්ගොඩආරච්චි, නික්ශාන් ඇන්තනී, නිමේෂ් තිවංක, මොහොමඩ් ශාකීල්, Muhammedhu Munsif, නදීම් අහමඩ්, Mohamed Ihsan, Mohamed Thilham, Firas Zeer, මොහොමඩ් හෆීල්, පැතුම් ගිම්හාන්, මොහොමඩ් රිකාස්, ශේන් භානුක, මදූෂ සංදීප, Suthakar Renodkilaiman, නවෝද් ලක්ෂිත, Shahil Shiyan, ජෙරාඩ් ජෙරොම්, ජූඩ් රෝජන්

අතිරේක ක්‍රීඩකයින්: තාරුක අශාන්ත, Arulanatham Sebastyarul, මොහොමඩ් තාරික්, සචින් විමුක්ති, මධුවන්ත පෙරේරා, එරූෂ රුවන්ක, Sajaad Jazook

කණ්ඩායමේ පුහුණුකරුවන්: Rajamani Devasagayam (ප්‍රධාන පුහුණුකරු), Augustine George (සහය පුහුණුකරු), සමන් දයාවංශ (ගෝල රැකීමේ පුහුණුකරු), රවීන් රාජකරුණා (කළමනාකරු), Eesaa Ibrahim (යෝග්‍යතා පුහුණුකරු)

තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගී වන තරග කාලසටහන,

  • ජූලි 25 – බංග්ලාදේශය සමඟ
  • ජූලි 27 – නේපාලය සමඟ
  • ජූලි 29 – ඉන්දියාව සමඟ
  • ජූලි 31 – මාලදිවයින සමඟ

තරගාවලියේ සියලූම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<