මීගමුව සහ Java Lane ගෝල 5ක ජයක් ලබද්දී SLBTත් ජයග්‍රහණ අතරට

ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

163

දිවයිනේ ක්‍රීඩාංගණ 3ක දී අද (23) පැවති ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ 6 වැනි සතියේ දෙවැනි දිනයේ තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට SLTB, Java Lane සහ Negombo Youth සමත් වුනා.

ඔවුන් හමුවේ පිළිවෙළින් පරාජය වුනේ Solid, New Start සහ Saunders ක්‍රීඩා සමාජයි.

Solid SC සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල කණ්ඩායම

කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගය ගෝල 3-2ක් ලෙස අවසන් වුනේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල (SLTB) ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කරමින්.

තරගාරම්භයේ දී ම SLTB ක්‍රීඩකයින් අතින් සිදු වූ අත්වැරදීමකින් Solid ක්‍රීඩා සමාජයට Own Goal අවස්ථාවකින් ලකුණු හිමි වූ නමුත් ඉන් මිනිත්තු 4ක් ගත වන විට SLTB ලකුණු පුවරුව සක්‍රීය කරන්නට Vijesundaram Yugesh සමත් වුනා.

ඉන් අනතුරුව තරගයේ පෙරමුණ SLTB වෙත ලබා දෙමින් තවත් ගෝලයක් වාර්තා කරන්නට 22 වැනි මිනිත්තුවේ දී Shakeer Ahmedh සමත් වුනා. ඉන් අනතුරුව ප්‍රථම අර්ධයේ නිමාවට පෙර සිය දෙවැනි ගෝලයත් වාර්තා කරමින් ලකුණු පුවරුව 3ක් දක්වා ඉහළ දමන්නට SLTB ක්‍රීඩක Yugesh සමත් වුනා. ඒ 28 වැනි මිනිත්තුවේ දීයි.

ගෝල 3-1ක් ලෙස අවසන් වූ ප්‍රථම අර්ධයෙන් පසුව දෙවැනි අර්ධයේ අවසානයට ලං වන තෙක් කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කරන්නට අසමත් වූ නමුත් Solid ක්‍රීඩක නිශාන්ත හඳුන්නෙත්ති විසින් 90 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනා. නමුත් එය තරගයේ තීරණය වෙනස් කරන්නට සමත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Solid SC 2 – 3 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල කණ්ඩායම

ගෝල ලාභීන්:

  • Solid – නිශාන්ත හඳුන්නෙත්ති (90’)
  • SLTB – Mohamed Mishal (10’ – OG), Vijesundaram Yugesh (14’ & 28’), Shakeer Ahmedh (22’)

Java Lane SC සහ New Star SC

ගෝල 5-2ක් ලෙස සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයේ ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුනේ Java Lane ක්‍රීඩකයින් විසිනුයි.

තරගයේ ප්‍රථමයෙන් ලකුණු රැස් කිරීම ආරම්භ කළේ New Star ක්‍රීඩකයින් විසිනුයි. 21 වැනි මිනිත්තුවේ දී පන්දුව සාර්ථකව ගෝලය තුළට යොමු කරන්නට සමීර ක්‍රිශාන්ත සමත් වූ අතර ඉන් මිනිත්තු 10ක් ගත වෙද්දී New Star ලකුණු පුවරුව දෙගුණ කරන්නට Mohamed Shakir සමත් වුනා.

ඒ අනුව ගෝල 2-0ක් ලෙස ප්‍රථම අර්ධය අවසන් වුනේ Java Lane ක්‍රීඩකයින් විසින් කිසිදු ගෝලයක් වාර්තා නොකරමිනුයි.

ඒ පීඩනයත් සමඟ දෙවැනි අර්ධයට පිවිසි Lava Lane ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් ලකුණු වාර්තා කරන්නට සමත් වුනා.

48 වැනි මිනිත්තුවේ දී අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පැමිණි Mohamed Rizkhan විසින් පළමු Java Lane ගෝලය වාර්තා කළා. ඉන් අනතුරුව නවීන් ජූඩ් විසින් ලකුණු පුවරුව දෙගුණ කරන්නට සමත් වුනා. ඒ 51 වැනි මිනිත්තුවේ දීයි.

ඉන් අනතුරුව Java Lane ක්‍රීඩක Mohamed Safran විසින් Lava Lane වෙනුවෙන් තෙවැනි ගෝලය රැස් කළ අතර 73 වැනි මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කරන්නට Oluwaseeun Olawale සමත් වුනා.

ඉන්පසුව තරගය අවසානයේ අතිරේක කාලයේ දී Mohamed Abdullah විසින් 5 වැනි ගෝලය Lava Lane වෙත එකතු කළේ දැවැන්ත ජයග්‍රහණයක් කරා කණ්ඩායම රැගෙන යමිනුයි.

අවසන් ලකුණු තත්වය:  Java Lane SC 5 -2 New Star SC

ගෝල ලාභීන්:

  • Java Lane – Mohamed Rizkhan (48’), නවීන් ජූඩ් (51’), Mohamed Safran (68’), Oluwaseeun Olawale (73’P), Mohamed Abdullah (90+1)
  • New Star – සමීර ක්‍රිශාන්ත (21’)”, Mohamed Shakir (31’)

Negombo Youth FC සහ Saunders SC

Saunders ක්‍රීඩකයින් පරාජය කරමින් ගාල්ලේ දී ගෝල 5-2ක ජයග්‍රහණයක් වාර්තා කරන්නට මීගමුව ක්‍රීඩකයින් සමත් වුනා.

16 වැනි මිනිත්තුවේ දී මීගමුව ක්‍රීඩක Anthony Ikwebuo විසින් වාර්තා කළ ගෝලයත් සමඟින් ලකුණු පුවරුව ක්‍රියාත්මක වූ අතර 31 වැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුව දෙගුණ කරන්නට මීගමුව ක්‍රීඩක සඳුන් නිරෝෂාන් සමත් වුනා.

ඉන් අනතුරුව මීගමුව ලකුණු පුවරු 3ක් දක්වා ඉහළ දමමින් සිය දෙවැනි ගෝලය වාර්තා කරන්නට Ikwebuo සමත් වුනා. ඒ 28 වැනි මිනිත්තුවේ දීයි.

මෙතෙක් වේලා නිහඬව සිටි Saunders ක්‍රීඩකයින් ලකුණු රැස් කිරීම ආරම්භ කළේ 35 වැනි මිනිත්තුවේ දීයි. නාලක කන්නංගර විසින් වාර්තා කළ ගෝලයත් සමඟින් ප්‍රථම අර්ධය නිමා වුනේ ගෝල 3-1ක් ලෙසයි.

දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව 54 වැනි මිනිත්තුවේ දී සිය දෙවැනි ගෝලය වාර්තා කරන්නට සඳුන් සමත් වුනේ ලකුණු පුවරුව 4-1ක් දක්වා ඉහළ දමමිනුයි.

ඉන් අනතුරුව ඊට අභියෝග කළ Saunders නායක උදාර ඉන්දීවර විසින් 67 වැනි මිනිත්තුවේ දී ගෝලයක් ලකුණු පුවරුවට එක් කළ අතර තරගයේ නිමාවට පෙර අතිරේක මිනිත්තුවේ දී Ikwebuo විසින් සිය ගෝල ත්‍රිත්වය සපුරා ගනිමින් ගෝලයක් වාර්තා කළේ ගෝල 5-2ක ජයග්‍රහණයක් මීගමුවට දිනා දෙමින්.

අවසන් ලකුණු තත්වය: Negombo Youth FC 5- 2 Saunders SC

ගෝල ලාභීන්:

  • Negombo Youth – Anthony Ikwebuo (16’, 28’ & 90+1’), සඳුන් නිරෝෂාන් (31’ & 54’)
  • Saunders – නාලක කන්නංගර (35’), උදාර ඉන්දීවර (67’)

තරගාවලියේ තවත් තරග කිහිපයක් පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

ශූරයින්ගේ ලීගයේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<