කොරෝනා බලපෑම නිසා IPL කල්‍ යන ලකුණු

84

මේ වන විට ලොව පුරා පැතිර යමින් පවතින කොරෝනා හෙවත් COVID – 19 ලොව පුරා ක්‍රීඩා ඉසව් රැසකට බලපෑම් එල්ල කිරීමට හේතුවී ඇත. මෙම රෝග තත්වය නිසා එළඹෙන මාර්තු 29 වැනිදා ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද තරමක අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත. 

ඊයේ (11) රැස්වූ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම කොරෝනා වයිරසය වසංගත තත්වයක් ලෙස නම් කිරීමත් සමඟින් රටවල් කීපයක් තම ගුවන් තොටුපලවල් සඳහා විශේෂ නීති රැසක් පනවා ඇත. 

කොරෝනා ඔරවද්දී තෝමසුවෝ සටන්කාමි තරගයකට මඟ විවර කරයි

ලොව පැරණිතම වාර්ෂික මහා ක්‍රිකට් තරග අතර දෙවැනි ස්ථානය මෙන්ම 1879 වසරේ සිට …

ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉරණම මාර්තු 14 වැනිදා පැවැත්වීමට නියමිත තරගාවලියේ පාලක සභාව සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) COVID-19 (නව කොරෝනා වයිරස්) වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු වී තිබේ. 

මෙවර තරගාවලිය පැවැත්වීමට තීරණය කළ ද ඒ සඳහා විදේශීය ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය සැක සහිත ය. ඉන්දීය රජය විසින් රාජ්‍ය තාන්ත්‍රික, නිල, රැකියා සහ වෙනත් වර්ග හැර අනෙකුත් සියලුම වීසා බලපත්‍ර අප්‍රේල් 15 වැනිදා දක්වා අත්හිටුවා තිබේ.

ඉන් ප්‍රිමියර් ලීග් වැනි ක්‍රීඩා ඉසව් සඳහා ඉන්දියාවට පැමිණෙන විදේශීය ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට සාමාන්‍යයෙන් නිකුත් කරන්නේ බී ක්‍රීඩා වීසා බලපත්‍රයකි. එම බලපත්‍රය ද මෙම නීති හමුවේ අත්හිටුවා ඇත්ද යන්න තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත. 

බ්‍රහස්පතින්දා සිඩ්නි නුවර පැවති නවසීලන්තයට එරෙහිව පළමු එක්දින තරගයට පෙර ඕස්ට්‍රේලියානු නායක ආරොන් ෆින්ච් කියා සිටියේ කොරෝනා වයිරස් තත්ත්වය නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිදුවන වෙනස්කම් පිළිබඳව හෝ වෙනත් කිසිදු ප්‍රවෘත්තියක් තමාට දැනු ම්දී නොමැති බවයි. ෆින්ච් 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය. 

“තරග නිලධාරීන් ක්‍රීඩකයින් යාවත්කාලීන කරන ආකාරය දෙස බලන විට එය ඉතා හොඳ මට්ටමක පවතිනවා. එය ඉදිරියට යන ඕනෑම දෙයකට බලපානවා.” යනුවෙන් ෆින්ච් පැවසීය. “අපි හෙට තරගය ගැන අවධානය යොම. කරලා තියෙන්නේ. මම දන්නවා එය වසංගතයක් වන විට මේ තත්ත්වය දුෂ්කර බව. එය දැඩි වනු ඇත. කණ්ඩායම්, ක්‍රීඩකයන් සහ ක්‍රීඩාංගණ සඳහායම්  යම් සීමාවන් පැනවෙනු ඇත”

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් වෙනුවෙන් ක්‍රීඩා කරන නවසීලන්ත නායක කේන් විලියම්සන් පැවසුවේ වර්තමාන තත්වය තුළ සංචාරය කිරීම පිළිබඳව ප්‍රවේසම් වීම වැදගත් බවයි.

“නිවසේ දී හොඳ සනීපාරක්ෂාව සහ දේවල් නඩත්තු කිරීම  පිළිබඳව වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් ඊමේල් ගණනාවක් ලැබී තියෙනවා” ඔහු පැවසීය. “මේ මොහොතේ එය ලොව පුරා සැලකිලිමත් වන කරුණක්. මේ වන විට අනෙක් රටවල් මේ තත්ත්වය බොහෝ සෙයින් බලපා ඇත. කිසිවෙකුට මේ තත්ත්වයයෙන් නිදහස් වෙන්න අවස්ථාවක් නෑ. ලොව පුරා සංචාරය කිරීමට පෙර අපි ඉතා ප්‍රවේසම් විය යුතුයි.”

සරා පිටියේ දී එංගලන්ත පිතිකරුවන් සුවපහසු ගමනක

ටෙස්ට් තරගාවලියක් සඳහා මෙරටට පැමිණි එංගලන්ත පිළ අද (12) තම දෙවැනි පුහුණු තරගයට මුහුණ දීම ….

“හිස් ක්‍රීඩාංගණයක ක්‍රීඩා කිරීම අමුතු දෙයක් වනු ඇති බවට සැකයක් නැත” ෆින්ච් පැවසුවේ ප්‍රේක්ෂකයන් නොමැතිව ක්‍රීඩා කිරීමේ තත්ත්වය පිළිබඳව විමසීමේ දීය. “අපි ඕස්ට්‍රේලියාවේ දී ක්‍රීඩා කරන විට ඒ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන සහයෝගයට අපි පුරුදු වෙලා තියනවා.”

COVID-19 යනු ශ්වසන රෝගයක් වන අතර එය ස්පර්ශයෙන් බෝවන රෝගයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම තත්ත්වය ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගිය බදාදා විශේෂ නිවේදනයක් නිකුත් කළේය. මෙම වෙයිරස් තත්ත්වය නිසා 4,300කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති අතර මේ වන විට රටවල් 118ක් තුළ 120,000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිති.

මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසා ඇත්තේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර බ්‍රහස්පතින්දා ධර්මශාලා සිට ඇරඹෙන තරග තුනේ එක්දින තරගාවලියට කිසිදු බලපෑමක් සිදු නොවන බවත්, කණ්ඩායම්, ක්‍රීඩකයින් ඇතුළු සියලුම පාර්ශවකරුවන්ට මෙන්ම ගුවන් සේවකයන්ට, හෝටල් සේවකයන්ට පුළුල් ලෙස මේ තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම පිළිබඳව දැනුවත් කර ඇති බවයි. 

තවදුරටත් අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසා සිටියේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය විසින් පෞද්ගලික සනීපාරක්ෂාව අනුගමනය කිරීම සහ කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ ඇත්නම් හුදකලා වීම පිළිබඳව සියලු වේදිකා හරහා පුළුල් ලෙස දැනුවත් කිරීම් සිදුකර ඇති බවයි. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් දැමීමට හෝ ප්‍රේක්ෂකයන් නොමැතිව (Closed Doors) ක්‍රීඩා කිරීමට ඇති විකල්පය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් ආයතනය තවමත් සාකච්ඡා කර නොමැති අතර ඒ පිළිබඳව ඉන්දීය රජය උපදෙස් ලබා දෙන තෙක් ඔවුන් අවසන් තීරණය ගැනීමට රැඳී සිටී. 

එංගලන්ත තරග සංචාරය තුල සෙල්ෆි හා සමරු සටහන් තහනම් වෙයි

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරය එළඹෙන මාර්තු මස 19 වැනිදා ආරම්භ වීමට නියමිතය…

ඉන්දීය රජය මේ වන විටත් මහජනයාට රැස්වීම් වළක්වා ගන්නා ලෙස දන්වා ඇති අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් වැනි විශාල මහජන සහභාගිත්වයක් ඇති තරගාවලි පිළිබඳව ද ඔවුන් අනතුරු අඟවා ඇත. COVID-19 නව කොරෝනා වයිරස් රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සමූහ රැස්වීම් අඩු කරන ලෙස ලොව පුරා සිටින විශේෂඥයන් උපදෙස් දී තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පිළිබඳව අවසන් තීරණය හෙට (13) රැස්වන විශේෂ කමිටුව විසින් ගැනීමට නියමිතය. නමුත් ආරංචි මාර්ග පවසන ආකාරයට මෙම තරගාවලිය ප්‍රේක්ෂකයන් නොමැතිව පැවැත්වීමට වඩා ඉඩක් ඇති අතර විදෙස් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය මත තරගාවලිය කල්දැමීමට ද ඉඩක් පවතී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<