ජාතික පාපන්දු සංචිතයට ක්‍රීඩිකාවන් තෝරා ගැනීම ඇරඹේ

SAFF කාන්තා පාපන්දු ශූරතාවය 2022

230

2022 වසරේ දී පැවැත්වීමට නියමිත SAFF කාන්තා පාපන්දු ශූරතාවය සඳහා සහභාගී වන, ශ්‍රී ලංකා ජාතික කාන්තා පාපන්දු සංචිතයට ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් මේ වන විට භාර දිය හැකි.

සුදුස්සන් තෝරා ගැනීම අදියර දෙකක් යටතේ පැවැත්වීමට නියමිත අතර, පළමු අදියර ජූලි 26 සහ 27 දිනවල වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා සහභාගී විය හැක්කේ ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජ නියෝජනය ක්‍රීඩිකාවන් සඳහා පමණයි.

දෙවැනි අදියර ජූලි 28 සහ 29 දිනවල බැද්දේගාන ජාතික පාපන්දු පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිත අතර මේ සඳහා ක්‍රීඩා සමාජ, ලීග මෙන්ම පාසල් සහ අධ්‍යාපන ආයතන නියෝජනය කරන ක්‍රීඩිකාවන් සඳහා සහභාගී විය හැකි.

පළමු අදියර සඳහා සහභාගී වන ක්‍රීඩිකාවන් ජූලි 25 වැනිදා සවස 4ට පෙර ද, දෙවැනි අදියර සඳහා සහභාගී වන ක්‍රීඩිකාවන් ජූලි 27 වැනිදා සවස 3ට පෙර ද, සම්පූර්ණ කරන ලද අයැදුම් පත්‍රය පහත සඳහන් නිලධාරීන් වෙත ලබා දිය යුතුයි.

තවද පළමු අදියර සඳහා සහභාගී වන ක්‍රීඩිකාවන් ජූලි 26 වැනිදා උදෑසන 7ට ද, දෙවැනි අදියර සඳහා සහභාගී වන ක්‍රීඩිකාවන් ජූලි 28 වැනිදා උදෑසන 7ට ද ලියාපදිංචි කටයුතු සඳහා සහභාගී විය යුතුයි.

පළමු සහ දෙවැනි අදියරෙන් තෝරා ගනු ලබන ක්‍රීඩිකාවන් ජූලි 30 සහ 31 දිනවල දී පැවැත්වීමට නියමිත අවසන් තෝරා ගැනීමේ පරීක්ෂණ සඳහා යොමු කරනු ඇත. ඒ සඳහා තෝරාගනු ලැබූ ක්‍රීඩිකාවන් ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා උදෑසන 7ට බැද්දේගාන පුහුණු මධ්‍යස්ථානය වෙත වාර්තා කළ යුතුයි.

තේරීම් කටයුතු සඳහා සහභාගී වන ක්‍රීඩිකාවන් සඳහා දීමනාවක් හෝ නවාතැන් පහසුකම් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ලබා නොදෙන බව ද සඳහන්.

තේරීම් කටයුතු සඳහා සහභාගී වන ක්‍රීඩිකාවන් අනන්‍යතාවය සනාථ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ ගුවන් ගමන් බලපත්‍රය හෝ තැපැල් හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්යයි.

  • නම – ගාමිණි මධුරාවල
  • විද්‍යුත් තැපැල් ලිපිනය – [email protected] හෝ [email protected]
  • WhatsApp අංකය – 077 789 6925

>> තේරීම් කටයුතු සඳහා සම්පූර්ණ කළ යුතු අයැදුම් පත්‍රය << 

  • නම – මේජර් හිරාන් රත්නායක
  • විද්‍යුත් තැපැල් ලිපිනය – [email protected]
  • WhatsApp අංකය – 077 179 6414

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<