ප්‍රින්ස්ලාගේ ගෝල ත්‍රිත්වයෙන් ජයග්‍රහණය මාතරට

ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

170

සති දෙකක පමණ විවේකයට පසුව ශූරයින්ගේ පාපන්දු ලීග් තරගාවලියේ 6 වැනි සතිය අද (22) ආරම්භ වූ අතර සතියේ ආරම්භක තරගයේ දී ගෝල 3-1ක් ලෙස, කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී, St. Mary’s SC පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට Matara City Club සමත් වුනා.

වලාකුළින් බර කාලගුණයක් යටතේ ආරම්භ වූ මෙම තරගයේ ප්‍රථමයෙන් ගෝල රැස් කළේ මාතර ක්‍රීඩක Larbi Prince විසිනුයි. ඔහු 37 වැනි මිනිත්තුවේ දී වාර්තා කළ ගෝලයෙන් පසුව ලකුණු පුවරුවට තවත් ගෝල එකතු කරන්නට දෙපිලේම ක්‍රීඩකයින් සමත් වුනේ නැහැ.

ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගනිමින් පළමු අර්ධය නිමා කළ මාතර ක්‍රීඩකයින්ගේ ලකුණු පුවරුව දෙගුණ කරන්නට Larbi සමත් වුනේ 57 වැනි මිනිත්තුවේ දී ද ගෝලයක් සාර්ථකව දැල තුලට යොමු කරමිනුයි.

ඉන් අනතුරුව තවත් ගෝලයක් සමඟින් මාතර ලකුණු පුවරුව 3ක් දක්වා ඉහළ දමන්නට Boadu Prince සමත් වුනා. ඒ 71 වැනි මිනිත්තුවේ දීයි.

මේ සමඟින් ගෝල 3ක පීඩනයක් ප්‍රතිවාදී St. Mary’s ක්‍රීඩකයින්ගේ හිස මත තිබුණු අතර එය තරමකට හෝ අඩු කරන්නට කණ්ඩායම් නායක Mariyathas Nitharsan සමත් වුනේ 80 වැනි මිනිත්තුවේ දීයි.

කෙසේ නමුත් එම ගෝලයෙන් පසුව ලකුණු පුවරුව තරගය අවසන් වන තෙක් නොවෙනස්ව පැවති අතර ඒ අනුව ගෝල 3-1ක් ලෙස ජයග්‍රාහීව 6 වැනි සතිය අවසන් කරන්නට මාතර ක්‍රීඩකයින් සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: St. Mary’s SC 1 – 3 Matara City Club

ගෝල ලාභීන්:

  • Mary’s – Mariyathas Nitharsan (80’),
  • Matara City – Larbi Prince (37’ & 57’), Boadu Prince (71’)

6 වැනි සතියේ අනෙකුත් තරග පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

ශූරයින්ගේ ලීගයේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<