තවත් විදෙස් ක්‍රීඩකයින් තිදෙනෙකුගේ ප්‍රාන්ත ගිවිසුම් අහෝසි!

84

මෙම වසරේ දී ක්‍රියාත්මක වීමට නියමිත එංගලන්ත ප්‍රාන්ත පළමු ක්‍රිකට් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් බොහෝ දෙනෙකුගේ සහභාගීත්වය අවම මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කළ හැක්කේ එම ක්‍රීඩකයින් පවතින වාතාවරණය හමුවේ වෙනත් රටවල සංචාරය කිරීමෙන් වැළකී සිටීමට ගෙන ඇති තීරණයත් සමඟිනි.

හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නාගේ ගමනටත් කෝවිඩ් හරස් වේ

හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක පීටර් සිඩ්ල් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට ……

එම ක්‍රීඩක නාම ලැයිස්තුව තවත් දිගු කරමින් ඊට එක්වන නවතම ක්‍රීඩකයින් තිදෙනා බවට යෝර්ක්ෂයර් කණ්ඩායමේ රවිචන්ද්‍රන් අශ්වින්, නිකලස් පූරන් සහ කේශව් මහරාජ් පත්වූයේ දෙපාර්ශවයේම කළමණාකාරීත්වයන් සමඟ පැවති සාකච්ඡාවන්ගේ ප්‍රතිඵලයක් වශයෙනි.

සිව්දින ශූරතාවලියේ තරග අටක් සඳහා අශ්වින්ගේ සේවය ලබා ගැනීමට යෝර්ක්ෂයර් කණ්ඩායම අපේක්ෂා කළ අතර ප්‍රහාරාත්මක පිතිකරු නිකල්ස් පූරන්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය T20 බ්ලාස්ට් තරගාවලියේ දී උපයෝගී කරගැනීමට ද ඔවුන් සැලසුම් සකස්කොට තිබුණි. මීට අමතරව දකුණු අප්‍රිකානු වමත් පා දඟපන්දු යවන කේශව් මහරාජ්ගේ දායකත්වය සිව්දින තරග ද්විත්වයක් සඳහා යොදා ගැනීමට ද ඔවුන් බලාපොරොත්තු විය.

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් ඊයේ (28) දිනයේ දී පැවති අතර එහි දී යෝර්ක්ෂයර් ක්‍රීඩා සමාජයේ අධ්‍යක්ෂක මාර්ටින් මොක්සන් මහතා සඳහන් කර සිටියේ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව අන් සියල්ලන්ටම වඩා වැදගත් බැවින් මෙම ගත් තීරණය ඉතාමත් කාලෝචිත එකක් යැයි තමන්ට හැඟෙන බවයි.

“පසුගිය දින කිහිපයේම ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ ඒජන්තවරුන් සමඟ මේ සම්බන්ධයෙන් අපි ඉතාමත් සුහදව සාකච්ඡා කළා. ඔවුන් ඇත්තටම මේ සිදුවීමට ඉතාමත් හොඳින් මුහුණ දුන්නා වගේම ඔවුන් මෙම ගැටලුව ආරම්භයේ සිටම  හසුරුවපු ආකාරය අගය කළ යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි තරගවාරයන් වලදී ඔවුන්ගේ සේවය නැවත වතාවක් අපේ කණ්ඩායමට ලබාගන්න.”

ක්‍රිකට් මහගෙදරට තවදුරටත් බාලගිරි දෝ‍ෂය

මෙතෙක් කලක් පැවති අවදානම් සහගත තත්වයෙහි කිසිඳු වෙනසක් දැකගත නොහැකි ….

එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක පීටර් සිඩ්ල් සමඟ අත්සන්කොට ඇති ගිවිසුම තවත් වසරක කාලයක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබූ නමුත් නේතන් ලයන්, B. J. වොට්ලන්, ජේම්ස් ෆෝක්නර්, ග්ලේන් මැක්ස්වෙල් සහ මැට් හෙන්රි යන ක්‍රීඩකයින්ගේ ගිවිසුම් අවලංගු කර දැමීමට ඔවුන් නියෝජනය කළ කණ්ඩායම් කටයුතු කොට තිබුණි.

Covid-19 ගෝලීය වසංගතය නිසාවෙන් මේ වන විට එංගලන්තය ඇතුළු සමස්ත යුරෝපාකරයම දැඩි අර්බුදයකට මුහුණ පා සිටින අතර ක්‍රීඩා ක්ෂේත්‍රයට ද ඉන් ප්‍රබල බලපෑමක් එල්ල වී තිබෙන්නේ බොහෝ ක්‍රීඩාවන්ට අයත් ප්‍රධාන පෙළේ තරගාවලි රැසක්ම තාවකාලිකව නතර කර දැමීමට දැනටමත් කටයුතු කොට ඇති බැවිනි.

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් ගෙන ඇති තීරණයකට අනුව මෙම කාලසීමාව තුල දී එරට දී පැවැත්වීමට නියමිත තිබූ සියලුම වෘත්තීමය මට්ටමේ ක්‍රිකට් තරග එළඹෙන ජූලි මස 01 වැනිදා තෙක් කල් දැමීමට පියවර ගෙන තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<