2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අද (24) පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා සහභාගී වූ ටෙහානි එගොඩවෙල සහ Aniqah Gaffoor ඉදිරි වට සඳහා සුදුසුකම් ලබා ගැනීමට අසමත් වූ අතර නිලූක කරුණාරත්න සහභාගී වූ පළමු තරගයෙන් ඔහු පරාජය වුවත් තවත් එක් තරගයක් ඔහුට ඉතිරි වී තිබෙන නිසාවෙන් ඔහුගේ ඔලිම්පික් බලාපොරොත්තු තවමත් සුරැකිව පවතිනවා.
>> නිලූකගේ තරගයේ ඡායාරූප ඇල්බමයට මෙතැනින් පිවිසෙන්න <<
අද දිනය ආරම්භ කරමින් මෙවර වේලාවෙන් උදෑසන 5.00 පළමුවෙන් තරග බිමට පිවිසියේ කාන්තා 10m Air Rifle ඉසව්ව නියෝජනය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙලයි. සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තරග වට 5ක් අවසානයේ දී 49 වැනි ස්ථානය දිනා ගන්නට ඇය සමත් වුනේ මුළු ලකුණු 611.5ක් වාර්තා කරමිනි.

කෙසේවෙතත් කාන්තා 10m Air Rifle ඉසව්වේ ජාතික වාර්තාව මෙන්ම කාන්තා 50m rifle ඉසව්වේ ජාතික වාර්තාවට ද හිමිකම් කියන්නේ ටෙහානි එගොඩවෙලයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දෙවැනියා ලෙස තරග බිමට පිවිසියේ මෙවර ශ්‍රී ලංකා ඔලිම්පික් සංචිතයේ සිටින ළාබාලතම ක්‍රීඩිකාව වන Aniqah Gaffoor. කාන්තා මීටර 100 සමනල ආර ඉසව්වේ මූලික වටය සඳහා සහභාගී වූ Aniqah එහි දී දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනේ 01:05:33ක කාලයක් වාර්තා කරමින්.
අනිකා සමඟ තරග කළ අනිත් ක්‍රීඩිකාවන් අතරින් ප්‍රථම ස්ථානය 01:01:37කින් ඉසව්ව නිමා කළ අසර්බයිජාන් ක්‍රීඩිකා Maryam Sheikh Alizadeh විසින් දිනා ගත් අතර තෙවැනි ස්ථානය Refugee Olympic Team නියෝජනය කරන Yusra Mardini විසින් හිමි කරගත්තේ 01:06:78ක කාලයක් වාර්තා කරමින්.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂතම ක්‍රීඩිකාවක් වන Aniqah මේ වන විට මීටර් 50 සහ 100 සමනල ආර ඉසව්වේ ජාතික වාර්තාවල හිමිකාරිය ද වනවා.
- උද්ඝෝෂණ විරෝධතා මැද උත්සවශ්‍රීයෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙල ඇරඹේ
- ඩන්කන් වයිට්ගෙන් ආරම්භ වී නිමාලිගෙන් අවසන් වන ඔලිම්පික් ගිය අපේ ඇත්තෝ
- ඔලිම්පික් ගිය චාමර කෙළින්ම ජූඩෝ ඉසව්වේ 32 වටයට
- ‘ආසාදිතයින් අසාමාන්‍ය ලෙස වැඩි වුනොත් නිවැරදි තීරණ ගන්න පසුබට වෙන්නේ නැහැ’
- ටෙහානි උදේම ඔලිම්පික් ආරම්භ කරද්දී නිලූක සහ Aniqah සවස තරග බිමට
දිනයේ අවසන් ශ්‍රී ලාංකිකයා ලෙස තරග වැදුණේ තෙවැනි වරටත් ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබා ගත් ප්‍රවීණ බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්නයි. ශ්‍රේණිගත කිරීම් හි 114 වැනි ස්ථානයේ පසුවන නිලූක ප්‍රථම කාණ්ඩයේ තරග සඳහා ක්‍රීඩා කළේ ශ්‍රේණිගත කිරීම් හි 10 වැනි ස්ථානයේ පසුවන තායිවාන ක්‍රීඩක T. W. Wang සමඟිනුයි.
මිනිත්තු 20කට ආසන්න කාලයක් පුරා ඇදී ගිය මෙම තරගයේ දී නිලූක විසින් ප්‍රතිවාදියාට හොඳ තරගයක් දෙන්නට සමත් වුවත් තරග වට 2-0ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගත්තේ Wang විසිනුයි.
පළමු තරග වටය ලකුණු 21-12ක් ලෙස ජයග්‍රහණය කළ Wang දෙවැනි තරග වටය ලකුණු 21-15ක් ලෙස ජයග්‍රහණය කරමින් F කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වී තිබෙනවා.
නිලූක තම දෙවැනි කාණ්ඩයේ තරගයේ දී ඉන්දීය ක්‍රීඩක Nhat Nguyen සමඟින් තරග වැදීමට නියමිත අතර එම තරගය පැවැත්වෙන්නේ එළඹෙන ජූලි 26 වැනිදා සඳුදායි.

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. ඔලිම්පික් ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම.
>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<






















