තෙවැනි වටයේ දී සුපිරි හඹා යෑමක නිරත වූ ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම සංචාරක උස්බෙකිස්තානය පරාජය කරමින් ආසියානු වොලිබෝල් ශූරතාවට අසුන් වෙන්කරවා ගන්නට සමත් වුනා.
ඒ අද (14) කොළඹ සුගතදාස පිටියේ දී පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගයේ දී උස්බෙකිස්තානය තරග වට 3-0ක් (25-23, 25-13, 25-22) ලෙස පරාජය කරමිනුයි.

ශ්‍රී ලංකාව අද තරගය සඳහා ඉතාමත් සමබර කණ්ඩායමක් යොදවා තිබුණු අතර යොවුන් ක්‍රීඩකයින් මෙන්ම අත්දැකීම් සහිත වෘත්තීය ක්‍රීඩකයින්ගෙන් ද ශ්‍රී ලංකා සංචිතය සමන්විත වුනා.
ශ්‍රී ලංකා සංචිතය: ලක්මාල් විජේසේකර, ජනිත සුරත් (නායක), තරුෂ චමත්, ශමිල් මාලින්ද, මනෝජ් සුරංග, විදුර ප්‍රභාත්, ඉසුරු මදුෂාන්, අයේෂ් ඩිල්ෂාන්, දනුෂ්ක ඩිල්ෂාන්, ලසිඳු මෙත්මාල්, නිලංක සංජය, හරිත හෂාන්, විනෝද් මධුරංග, මහේල ඉන්දීවර
සවස 3ට ආරම්භ වූ තරගයේ පළමුවෙන්ම ලකුණු පුවරුව ආරම්භ කළේ සංචාරක උස්බෙකිස්තානය විසිනුයි. කෙසේ නමුත් ආරම්භයෙන් සුළු මොහොතකට පසුව ශ්‍රී ලංකාව ද ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ අතර ඒ වන විට ලකුණු පුවරුව 01-02ක් ලෙස දැක්වුනා.
පළමු අර්ධයේ දී ඉතාමත් තියුණු සටන් විලාසයක් කණ්ඩායම් දෙකෙන්ම දක්නට ලැබුණු අතර ලකුණු පරතරය 3ක් ඉක්මවා ගියේ නොමැති තරම්ය. 23-23ක් දක්වා තරග වටය තියුණු මුහුණු වරක් ගත් පසුබිමක මනා ලෙස පන්දුව පාලනය කර ගනිමින් ක්‍රීඩා කළ ශ්‍රි ලංකාව 25-23ක් ලෙස පළමු වටය ජයග්‍රහණය කරන්නට සමත් වුනා.
Photo Album – Sri Lanka v Uzbekistan | Qualifier | 2021 Asian Men’s Volleyball Championship
තරගයේ දෙවැනි වටයේ දී උස්බෙකිස්තාන ක්‍රීඩකයින්ගෙන් තරමක් පසු බැසූ ස්වාභාවයක් පෙනෙන්නට වූ අතර විශාල ලකුණු පරතරයක් ද සමඟින් දෙවැනි අර්ධයේ දී පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.
දෙවැනි අර්ධයේ දී ලකුණු ලබා ගැනීම ආරම්භ කළ ශ්‍රී ලංකාව එම අර්ධය පුරාවටම හොඳ පීඩනයක් ප්‍රතිවාදීන්ට එල්ල කරන්නට සමත් වුනා. 06-02ක්, 11-04ක්, 18-09ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුව වන විට උස්බෙකිස්තානය 11 වැනි ලකුණ වාර්තා කරද්දී ශ්‍රී ලංකාව 20 සීමාව ඉක්මවා ගොස් තිබුණා. අවසානයේ 25-13ක් ලෙස දෙවැනි වටය පහසුවෙන් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාව සමත් වුනා.
- ක්‍රීඩා ඇමතිගෙන් වොලිබෝලයට මිලියන 40ක්
- යුද හමුදාව ප්‍රථම වරට කිරුළ දරද්දී විදුලිබලය ආයෙත් වැඩ පෙන්වයි
- Air Force සහ Army ක්‍රීඩිකාවන් අවසන් මහා තරගයට
- පිරිමි අවසන් පූර්ව වටයට Bitu Link, Air Force, CEB සහ Army කණ්ඩායම්
- මෙරටට වොලිබෝල් වසන්තයක් ගෙනා “කාලික වසන්තප්රිය”
තීරණාත්මක තෙවැනි වටය ආරම්භයේ දී උස්බෙකිස්තානය ලකුණු ලබා ගැනීම ආරම්භ කළා. ශ්‍රී ලංකා ලිබරෝ ක්‍රීඩක ලක්මාල් විජේසේකර විසින් පන්දුව නිසි ලෙස බේරා ගන්නට නොහැකි වීමෙන් ප්‍රතිවාදීන්ට ලකුණු හිමි වුනා.
දෙවැනි අර්ධයට වඩා ඉතාමත් වෙනස් සැලසුමකට අනුව ක්‍රීඩා කළ උස්බෙකිස්තාන ක්‍රීඩකයින් විසින් ශ්‍රී ලංකාවට දිගට හරහට පීඩනය එල්ල කරමින් ලකුණු වාර්තා කරන්නට වුනා.
තෙවැනි වටය ආරම්භයේ දී කණ්ඩායම් දෙක කරට කර ලකුණු රැස් කළත් ශ්‍රී ලංකාවට එරෙහිව 10-16ක් ලෙස විශාල පරතරයක් ගොඩනගා ගන්නට උස්බෙකිස්තානය සමත් වුනා.

ඉන් අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ලිබරෝ ක්‍රීඩක ලක්මාල් ප්‍රතිවාදී පන්දුවක් සාර්ථකව ලබා ගෙන ක්ෂණිකව සිතා බලා ක්‍රීඩකයින් නොමැති තැනකට තල්ලු කළේ 22-20ක් ලෙස ශ්‍රී ලංකාව තවත් ඉදිරියට ගෙන යමින්.
ඉන්පසුව උස්බෙකිස්තානය තවත් ලකුණු දෙකක් වාර්තා කරමින් තෙවැනි අර්ධය නිමා කරද්දී ශ්‍රී ලංකා සාර්ථකව ලකුණු 25 සීමාව ඉක්මවා යමින් ආසියානු ශූරතාවය සඳහා අසුන් වෙන් කරවා ගන්නට සමත් වුනා.
සමස්තයක් ලෙස ගත් කල ශ්‍රී ලංකාව අද තරගයේ දී පන්දු ආවරණය කිරීම්, වැළැක්වීම්, ගොඩගැනීම් ඇතුළුව සෑම අංශයකින්ම ඉදිරියෙන් පසු වීම කැපී පෙනුණා.
ඒ අනුව 21 වැනි වතාවටත් පැවැත්වෙන ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවලිය සඳහා B කාණ්ඩයෙන් දකුණු කොරියාව, තායිපේ සහ කුවේට් යන රටවල් අතරට සුදුසුකම් ලබා ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුනා.

“උස්බෙකිස්තානය හොඳ කණ්ඩායමක්. මහේල ඉන්දීවර, ජනිත සුරත් ඇතුළු හැමෝම දක්ෂ ලෙස ක්‍රීඩා කළා. මම හිතනවා අපිට ආසියානු ශූරතාවලියේ පළමු 8 දෙනා අතරට එන්න පුළුවන් වෙයි” යැයි කණ්ඩායමේ පුහුණුකරු චන්න ජයසේකර මහතා පැවසුවා.
රටවල් 16ක සහභාගීත්වයෙන් මෙවර ජපානයේ චිබා නගරය කේන්ද්‍ර කරගනිමින් 21 වැනි වතාවටත් පැවැත්වෙන ආසියානු වොලිබෝල් ශූරතාවය සැප්තැම්බර් 12 වැනිදා සිට 19 වැනිදා පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සඳහා මේ වන විටත් ජපානය (සත්කාරක රට ලෙස), ඉරානය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, චයිනීස් තායිපේ, චීනය, පාකිස්තානය ඉන්දියාව, කටාර්, කසකස්තානය සහ තායිලන්තය සුදුසුකම් ලබා සිටිනවා.
>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<






















