කොරෝනා තවත් ධාවන තරගයකට දොරගුළු දමයි

64

පැතිර යන කොරෝනා වයිරස තත්වය නිසාවෙන් මෙම වසරේ ජර්මනියේ දී පැවැත්වීමට නියමිතව තිබූ සුප්‍රකට “Berlin Marathon” තරගය කල් දැමීමට සංවිධායකයින් තීරණය කර ඇත.

ඇමරිකානු ඔලිම්පික් සුදුස්සන් තේරීම කල්යයි

ලොව පුරා පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් ලබන…..

මේ වසරේ සැප්තැම්බර් මස 26 සහ 27 යන දෙදින තුළ දී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය දින නියමයකින් තොරව කල් යනු ඇත.

“බර්ලින් සෙනෙට් සභාව නිකුත් කළ නිවේදනයට අනුව ඔක්තෝබර් මස 24 වැනිදා තෙක් පුද්ගලයන් 5000කට වැඩි පිරිසක් සහභාගි වන සියලුම ඉසව් තහනම් කර තිබුණා. එම නිසා අපි තේරුම් ගත්තා අපිට අදාළ දිනයන් තුළ දී තරගය පැවැත්වීමට නොහැකි බව”

 “අපි මේ වන විට අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් පවතිනවා. ඒවායෙන් අනතුරුව හැකි ඉක්මනින් ඉදිරි පියවර ගැන දැනුම් දීමට බලාපොරොත්තු වනවා” යැයි තරග සංවිධායකයින් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.

ඒ අනුව මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ තවත් ප්‍රමුඛ පෙළේ මැරතන් ධාවන තරගයක් නිල වශයෙන් කල් යනු ඇති අතර මීට පෙර ලන්ඩන් මැරතන් තරගය, බොස්ටන් මැරතන් ධාවන තරගය ඇතුළු ලොව පුරා බොහොමයක් තරගාවලීන් කල් දැමීමට ඒවායේ සංවිධායකයින් කටයුතු කරන ලදි.

ලොව පුරා දිනෙන් දින වර්ධනය වෙමින් පැතිර යන මෙම වයිරසය නිසාවෙන් මේ වන විට පුද්ගලයින් 184,000කට අධික සංඛ්‍යාවක් මියගොස් තවත් පුද්ගලයින් 2,645,000කට අධික පිරිසක් රෝගී තත්වයට පත්ව ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<