නැවතත් Legends පෙළහැර නරඹන්න පිළිවෙතින් සැරසෙමු!

557
Road Safety World Series Season 2

දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ගේ හදවත් සොරාගනිමින් නිමාව දුටු මංගල Road Safety Legends ලෝක ශූරතාවලියේ උණුසුම මැකී යාමටත් ප්‍රථමයෙන් තරගාවලියේ දෙවන අදියර  ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වැදගත් ඉඟි කිහිපයක් හෙළිදරව් කරගැනීමට Knockout ෆේස්බුක් පිටුව සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා Legends කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ Shyam Impett මහතා සමඟ පැවති සජීවී සාකච්ඡාවක් අතරතුර දී මේ පිළිබඳව කරුණු රැසක් අනාවරණය කරගැනීමට ඔවුන් සමත්ව ඇති අතර දැනට සැලසුම් සකස්කොට ඇති පරිදි තරගාවලියේ දෙවැනි අදියර මෙම වසර නොවැම්බර් මාසයේ දී දියත් කිරීමට තරගාවලි සංවිධායකවරුන් අපේක්ෂාවෙන් පසුවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

තවත් ක්‍රිකට් පුවත්:

මීට අමතරව ශ්‍රී ලංකා Legends කණ්ඩායම සමඟ ගත කළ කාලසීමාව තුල සිදු වූ රසබර, අමතක නොවන සිදුවීම් රැසක් පිළිබඳව සිය මතකය අවදි කිරීමට ද Shyam මහතා අමතක කර තිබුණේ නැත.

Knock ෆේස්බුක් පිටුව සමඟ පැවති සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව පහතින්👇

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<