Pietersonගෙන් එංගලන්ත ක්‍රීඩකයින්ට IPL යන්න පුළුවන් ක්‍රමයක්

172

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය අප්‍රේල් මාසයේ දී ආරම්භ වූ අතර එය ජෛව ආරක්‍ෂිත වටපිටාවක් තුල පැවැත්වුනා. කෙසේ වෙතත් තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩකයන් සහ නිලධාරීන් කීපදෙනෙකුටම වයිරසය ආසාදනය වීම නිසා තරගාවලිය අතරමඟ නවතා දැමීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කළා. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අප්‍රේල් සිට මැයි අවසන් වන තුරු පැවැත්වීමට සැලසුම් කර තිබුණා. ඒ අනුව තරගාවලියේ ක්‍රීඩකයන් ගිවිසුම්ගතව සිටියේ එම කාලය සඳහා පමණයි. 

අවලංගු වූ තරගාවලිය නැවත පැවැත්වීම කෙරෙහි ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී තිබෙනවා. 

ඒ පිළිබඳව අදහස් දක්වමින් එංගලන්ත ක්‍රිකට් විධායක නිලධාරි Ashley Giles පහත ප්‍රකාශය සිදුකර තිබුණා. එහි දී ඔහු පවසා සිටියේ එංගලන්ත කණ්ඩායම පාකිස්තාන සහ බංග්ලාදේශ තරගාවලියක් සඳහා සහභාගී වීමට නියමිත බැවින් එංගලන්ත ක්‍රිකට් ආයතනය සමඟින් මධ්‍යම කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර සඳහා සහභාගී නොවන බවයි. 

තවත් ක්‍රිකට් පුවත්: 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු කණ්ඩායම් සඳහා එංගලන්ත ක්‍රීඩකයන් ඇතුළත් වන අතර ඉන් මූලික ස්ථානයක් හිමිවන්නේ Kolkata Knight Riders නායක Eoin Morgan, Rajasthan Royals හි Jofra Archer, Jos Buttler, සහ Ben Stokes මෙන්ම Sunrises Hyderabad හි Jonny Bairstow හටයි.

එංගලන්ත ක්‍රිකට් ආයතනය සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක Kevin Pieterson පවසා සිටියේ එංගලන්ත ක්‍රීඩකයන් එක්ව ඉල්ලීමක් කළහොත් ඔවුන්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමට අවසර ලැබෙනු ඇති බවයි. 

“එංගලන්ත ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ ක්‍රීඩකයන්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වෙන්න අවසර නොදී මේ තත්ත්වය පාලනය කරන හැටි පිළිබඳව මම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා” Twitter ගිණුමේ සටහනක් තබමින් Kevin Pieterson පවසා සිටියා.

Kevin Pieterson ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භක සාමාජිකයෙකු වන අතර ඔහු එම තරගාවලියේ ක්‍රීඩා කරන කාලය තුල එංගලන්තය නියෝජනය කළ එකම ක්‍රීඩකයා ද වුනා. සිය අත්දැකීම් පිළිබඳව අදහස් දක්වමින් Kevin Pieterson පවසා සිටියේ තම කාලය තුල පැවති තත්ත්වය මීට වඩා වෙනස් බවයි. ඔහු තවදුරටත් පවසා සිටියේ වත්මන් තත්ත්වය තුළ ක්‍රීඩකයන් ඉන්දීය ප්‍රිමියර් ලීග් වැනි තරගාවලි තුළ ක්‍රීඩා කිරීමේ වටිනාකම තේරුම්ගෙන සිටින බවයි. 

“මම එංගලන්තය නියෝජනය කරලා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කළේ තනියම. ඒත් මේ වෙද්දී තත්ත්වය වෙනස්. ලෝකේ හොඳම සන්නාම ක්‍රීඩකයන් තමයි මේ වගේ තරගාවලිවල ක්‍රීඩා කරන්නේ. ක්‍රීඩකයන් ඒකේ වටිනාකම තේරුම් අරන් ඉන්නේ. මම හිතන්නේ එංගලන්ත ක්‍රීඩකයන් එකට එක්වෙලා කටයුතු කළොත් ඔවුන්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන්න අවසර හිමි වේවි” Kevin Pieterson පවසා සිටියා.

අවලංගු වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර හෝ පසු පැවැත්වීමට මේ වන විට සැලසුම් කරමින් සිටිනවා.

ඉදිරි මාස කීපයක කාලය එංගලන්ත කණ්ඩායමට කාර්‍යබහුල කාලයක් වන අතර ඔවුන් ඉන්දියාව සමඟින් ටෙස්ට් තරග 5ක් සඳහා ද සහභාගී වීමට නියමිතයි. ඊට අමතරව නවසීලන්තය ටෙස්ට් තරගාවලියක් සහ බංග්ලාදේශ පාකිස්තාන සංචාරයක් ද ඔවුන්ගේ ඉදිරි තරග කාලසටහනට ඇතුළත් වනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නැවත ආරම්භ වන දිනයක් පිළිබඳව අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැහැ. 

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<