කොරෝනාවෙන් ශ්‍රී ලංකා ඔලිම්පික් සිහිනයට බාධා

144

මෙරට තුළ පවතින කොරෝනා වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය නිසාවෙන් පළාත් අතර සංචරණ සීමා සහ විවිධ නීති රේගුලාසීන් රජය විසින් පැනවීම නිසාවෙන්, මෙම මාසයේ පැවැත්වීමට නියමිතව ඇති ජාතික මලල ක්‍රීඩා ශූරතාවය සැලසුම් පරිදි පැවැත්වීම පිළිබඳව ගැටලුවක් ඇතිව තිබෙනවා.

වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් මෙවර තරගාවලියේ දිනක ඉසව් ගණන සීමිත කරමින් අදියර 4ක් යටතේ තරගාවලිය පැවැත්වීමට ද මලල ක්‍රීඩා සංගමය පසුගිය දා සැලසුම් කළා. 

නමුත් දිනෙන් දින මෙරට තුළ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම නිසාවෙන් පළාත් අතර සංචරණය තහනම් කිරීමට රජය කටයුතු කිරීම නිසාවෙන් තරගාවලිය පැවැත්වීම පිළිබඳව ගැටලුවක් මතුව ඇති නමුත් තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වීමට හැකි සියලු උත්සාහය ගන්නා බව මලල ක්‍රීඩා සංගමයේ නිලධාරියෙකු ThePapare.com වෙත ප්‍රකාශ කර සිටියා.

එම නිසා මෙම තරගාවලිය කල්දැමීමක් පිළිබඳව තීරණයක් මෙතෙක් ගෙන නොමැති නමුත් රටෙහි ඉදිරි තත්වය සහ බලධාරීන්ගේ තීරණ මත තරගාවලිය සැලසුම් පරිදි පැවැත්වීමට හැකි වේ දැයි තීරණය වේ.

තවත් මලල ක්‍රීඩා පුවත්: 

මෙම තරගාවලිය මෙරට මලල ක්‍රීඩකයන්ට ඉතා වැදගත් තරගාවලියක් වන්නේ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි වන අවසන් අවස්ථාව මෙය වන නිසායි.

එම නිසා මෙම තරගාවලිය කල්දැමීමකින් තොරව පැවැත්වීම ඉතා වැදගත් වන අතර යම් හෙයකින් තරගාවලිය කල්දැමීමට සිදුවුවහොත් ජුනි 29 දිනට පෙර ඔවුන්ට ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලබා දීමට කටයුතු කළ යුතු වේ.

ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා මෙතෙක් මෙරට නියෝජනය කරමින් තේරී පත්ව ඇත්තේ අශ්වාරෝහක ඉසව්ව නියෝජනය කරන මැතිල්ඩා කාර්ල්සන් පමණක් වන අතර ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව ජුනි 29 වැනිදා අවසන් වේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<