Bamboo පිති නිෂ්පාදනය නීති විරෝධීයි – MCC

166

Willow වෙනුවට උණ බම්බු භාවිතා කරමින් ක්‍රිකට් පිති සෑදීම වත්මන් නීති යටතේ නීති විරෝධී බව MCC විසින් ප්‍රකාශ කරන ලදි. ක්‍රිකට් පිති සම්පූර්ණ වශයෙන් අනුමත දැවවලින් සෑදිය යුතු බවත්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ පිත්තේ තලය lamination කිරීම තහනම් බව ද ප්‍රකාශ කර සිටියා.

Willow භාවිතා කර පිති සෑදීම වෙනුවට උණ බම්බුවලින් පිති සෑදීම පිළිබඳව අධ්‍යනයක් කළ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි Darshil Shah ප්‍රකාශ කර සිටියෙහි මෙම උණ බම්බු භාවිතා කර සාදන පිති සාම්ප්‍රදායික ලෙස Willow භාවිතා කර සාදන ඒවාට වඩා තිරසාර බවක් ලබා දෙන බවයි.

“උණ බම්බුවලින් සාදන පිති අනෙක් ඒවාට වඩා අස්ථාවර වුනත් ඒවා ඉතා තද සහ ශක්තිමත් බවක් ගන්නවා. එය සාමාන්‍ය දැවවලින් සාදන පිත්තකට වඩා බරයි. නමුත් අපි එය ප්‍රශස්ත මට්ටමකට ගේන්න බලාපොරොත්තු වෙනවා” යැයි ඔහු ප්‍රකාශ කර සිටියා.

නමුත් ක්‍රිකට් පිති සඳහා බලපාන නීතියේ 5.3.2 වගන්තියට අනුව පිත්තේ තලය සම්පූර්ණ වශයෙන් ලීයෙන් නිර්මාණය වී තිබිය යුතු නිසාවෙන් උණ බම්බු යොදා පිති නිර්මාණය කිරීමට එම නීතිය වෙනස් කිරීමට සිදු වේ.

තවත් ක්‍රිකට් පුවත්: 

මෙම පිති නිෂ්පාදනය පිළිබඳව අදහස් දක්වමින් MCC බලධාරීන් ප්‍රකාශ කර සිටියේ,

“පිති සඳහා අදාළ නීතියෙහි වෙනසක් සිදු කිරීමට පෙර මෙය ඉතා ප්‍රවේශමෙන් යුතුව සලකා බැලිය යුතුයි. විශේෂයෙන්ම මෙම උණ බම්බුවලින් නිපදවන පිති තුළින් අමතර ශක්තියක් නිපදවන විට. ක්‍රිකට් පිත්ත එතරම් බලවත් නොවන බව තහවුරු කිරීමට අප සමාජය 2008 සහ 2017 දී එහි ද්‍රව්‍ය සහ සීමා කිරීමට පියවර ගත්තා.

නමුත් මෙම නව ක්‍රම MCC සහ ක්‍රිකට් ක්‍රීඩාවට ද අදාළ වැදගත් මාතෘකාවක් වෙන නිසා මෙම පිති සෑදීමේ අමතර ක්‍රම පිළිබඳව ද සලකා බැලිය යුතුයි. 

මෙය සඳහා වඩාත් සුදුසු උණ බම්බු චීනය පුරාවට ඉතා බහුලව වර්ධනය වන බවත් වියදම ඉතා අඩු නිෂ්පාදනයක් වන එය Willow සඳහා ඉතා හොඳ බහුල විකල්පයක් වන බවත් පර්යේෂකයන් ප්‍රකාශ කර සිටියා.

මෙය ඉදිරි පර්යේෂණ සඳහා වෙනත් කෝණයක් ලබා දෙන අතර ලෝකයේ විවිධ ප්‍රදේශයන්හී පිති නිපදවීමේ පිරිවැය අඩු කිරීමේ හැකියාව ද මෙය තුළින් ලැබෙනු ඇත.”   

ඒ අනුව මෙය පිළිබඳව MCC මීළඟ අනුකමිටු රැස්වීමේ දී සාකච්ඡා කිරීමට නියමිත බව ද MCC මගින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<