පුන පුනා බලා සිටි LPL වලට දින තීන්දුයි!

ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

190

ලංකන් ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර මේ වසරේ ජූලි 30 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා ආයතනය තීන්දු කර තිබෙනවා. ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (12) නිල වශයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර සිටියා.

“අපිට මේ අවුරුද්දේ LPL තරගාවලිය පවත්වන්න පුළුවන් හොඳම කාලවකවානුවක් තෝරාගන්න පුළුවන් වුනා. අපි දැන් ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩකටයුතු කරගෙන යන්න ආරම්භ කරලා තියෙන්නේ” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ සභාපති මහාචාර්‍ය අර්ජුන ද සිල්වා මහතා එම මාධ්‍ය නිවේදනය වෙනුවෙන් අදහස් දක්වා තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්: 

කණ්ඩායම් පහක සහභාගීත්වයෙන් පැවති LPL තරගාවලියේ පළමු අදියර පසුගිය වසර අවසානයේ දී සාර්ථකව පවත්වා අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාව ලැබුණු අතර එහි ශූරතාවය දිනා ගත්තේ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් Jaffna Stallions කණ්ඩායමයි. එහි තරග සියල්ලම හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණේ ජෛව ආරක්ෂක වටපිටාවක් (Bio-Bubble environment) තුලයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<