ඉර්ෆාන් පතාන් ඉන්දීය ලෙජන්ඩ්ස් ජයග්‍රහණයට ගෙන යයි

123
Sri Lanka Legends

“Road Safety World Series” පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගී වූ දෙවන තරගය අද (10) දින ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමඟින් පැවැත්විනි. එම තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය. 

ඩිල්ශාන්ගේ වික්‍රමයෙන් ජයග්‍රහණය ශ්‍රී ලංකාවට

Road Safety World Series විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා ඕස්ට්‍රේලියා

තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායක සචින් තෙන්දුල්කාර් සතු වූ අතර ඔහු පළමුව පන්දු ‍යැවීම තෝරා ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට තිලකරත්න ඩිල්ශාන් සහ රොමේෂ් කළුවිතාරණ පිටියට පිවිසියහ. පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 46ක් වූ අතර පළමු කඩුල්ල ලෙස මුනාෆ් පටෙල්ගේ පන්දුවකට මොහොමඩ් කයිෆ් හට උඩ පන්දුවක් ලබා දෙමින් ඩිල්ශාන් දැවී යන විට ඔහු ලකුණු 23ක් වාර්තා කර තිබුනේ හතරේ පහර හතරක් සමඟිනි. 

දෙවන කඩුල්ල සඳහා ස්ථාවර වීමට අවස්ථාව ලබා නොදුන් ඉර්ෆාන් පතාන්, රොමේෂ් කළුවිතාරණ දවා ගත්තේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි. ඔහු ලකුණු 21ක් වාර්තා කිරීමට සමත් විය. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 2ක් දැවී ලකුණු 51ක් ලෙස සටහන් විය. මාවන් අතපත්තු ශ්‍රී ලංකා ඉනිමේ තුන්වන කඩුල්ල ලෙස දැවී ගියේය. 

ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට ප්‍රබල උත්සාහයක් චාමර කපුගෙදර සහ සචිත්‍ර සේනානායක විසින් ගත් අතර ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 23ක් සහ ලකුණු 19ක් වාර්තා කරමින් ඉනිමේ මැදපෙළ ගොඩ නැගීමට සමත් විය. 

කුසල් පෙරේරා ටෙස්ට් සංචිතයට

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරය වන විට කඩුලු 8ක් දැවී ලකුණු 122ක් රැස්කර ගෙන සිටි අතර ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දු තුන තුළ හතරේ පහර 3ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 138ක් දක්වා ඔසවා තැබීමට රංගන හේරත් සමත් විය. 

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 138ක් රැස්කර ගත්හ. 

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මුනාෆ් පටෙල් ලකුණු 19කට කඩුලු 4ක් දවා ගත්තේය. 

ලකුණු 138ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු ‍යවන්නන් සමත් විය. චමින්ද වාස් තම සුපුරුදු ක්‍රීඩා රටාවට අවතීර්ණ වෙමින් පළමු පන්දුවාරයේ දීම සචින් තෙන්දුල්කාර් දවා ගැනීමට සමත් විය. 

ඉන්දීය කණ්ඩායමේ දෙවන සහ තුන්වන කඩුලු ද චමින්ද වාස් සහ උපුල් චන්දන ඉක්මණින් දවා ගත්හ. යුවරාජ් සිං සහ විරේන්ද්‍ර ශෙවාග් ඔවුන්ගේ ගොදුරු බවට පත්විය. 

කෙසේවෙතත් සිව්වන කඩුල්ල සඳහා ලකුණු 43ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සන්ජේ බංගාර් සහ මොහොමඩ් කයීෆ් සමත් විය. සිව්වන කඩුල්ල ලෙස ලකුණු 18ක් රැස්කර ගෙන සිටි සන්ජේ බංගාර් දැවී ගියේ ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 62ක් ලෙස සටහන්ව තිබිය දීය. 

ඉන් අනතුරුව පිටියෙහි එක්වූ ඉර්ෆාන් පතාන් සහ මොහොමඩ් කයිෆ් ක්‍රමක්‍රමයෙන් ඉන්දීය ඉනිම ගොඩ නැගූ අතර පස්වන කඩුල්ල ලෙස මොහොමඩ් කයිෆ් දවා ගැනීමට සචිත්‍ර සේනානායක සමත් විය. දැවී යන විට ඔහු පන්දු 45ක් තුළ ලකුණු 46ක් රැස්කර ගෙන සිටියේය. 

එම කඩුල්ල දැවී යාමෙන් අනතුරුව ඉන්දීය පිතිකරුවන් වෙත ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු ‍යවන්නන් සමත් විය. 

කෙසේවෙතත් අවසන් පන්දුවාර තුන තුළදී ඉන්දීය කණ්ඩායමට හිමි වූ අභියෝගය ලකුණු 39කි. 18 වන පන්දුවාරය තුළ ලකුණු 26ක් වාර්තා කිරීමට ඉර්ෆාන් පතාන් සමත් වූයේ නැවතත් තරගය ඉන්දීය කණ්ඩායම වෙත ගෙන එමිනි. 

19 වන පන්දුවාරයේ මුල් පන්දු 3 තුළ හතරේ පහර තුනක් එල්ල කරමින් තම අර්ධ ශතකය සම්පුර්ණ කළ ඉර්ෆාන් පතාන්, ජයග්‍රාහී ලකුණ ද වාර්තා කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඔහු පන්දු 31ක් තුළ හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 57ක් රැස්කිරීමට සමත් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමින්ද වාස් ලකුණු 5කට කඩුලු දෙකක් දවා ගත් අතර සචිත්‍ර සේනානායක සහ රංගන හේරත් එක් කඩුල්ල බැගින් දවා ගත්තේය. 

ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ කඩුලු 5 කිනි. තරගයේ වීරයා සම්මානය හිමි වූයේ ඉර්ෆාන් පතාන් හටය. 

WADA කුසල්ට වන්දි ගෙවයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා හට ඇමරිකානු ඩොලර්

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් : 138/8 (පන්දුවාර 20) තිලකරත්න ඩිල්ශාන් 23 (23), චාමර කපුගෙදර 23 (17), රොමේෂ් කළුවිතාරණ 21 (25), මුනාෆ් පටෙල් 4/19, මන්ප්‍රීට් ගෝනි 1/19. 

ඉන්දීය ලෙජන්ඩ්ස් : 139/5 (පන්දුවාර 18.4) ඉර්ෆාන් පතාන් 57 (31), මොහොමඩ් කයිෆ් 46 (45), සන්ජේ බංගාර් 18 (19), චමින්ද වාස් 2/5, සචිත්‍ර සේනානායක 1/19.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<