SAG – විදූෂාට ආඩම්බරයක් වෙමින් සාරංගී රන් පදක්කමට

249

නේපාලයේ කත්මණ්ඩු අගනුවර දසරත් ක්‍රීඩාංගණය උණුසුම් කරමින්, 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙවැනි දිනයේ දී රන් පදක්කමක්, රිදි පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කරන්නට සමත් විය.

SAG2019 – නිලානි රන් පදක්කමට දිව යද්දී හිමාෂට නූලෙන් රන් අහිමි වේ

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග …………..

දුර පැනීමේ ශූරියක් වන විදූෂා ලක්ෂානි නිසි සෞඛ්‍ය තත්වයක පසුනොවීම නිසාවෙන් ඇගේ ප්‍රධාන ඉසව්ව වන තුන් පිම්ම ඉසව්ව සඳහා ඇයව විවේක ගන්වා තිබූ අතර ඇය වෙනුවට දුර පැනීම කණ්ඩායමට ආදේශ කළ සාරංගි සිල්වා මීටර් 6.38ක දුරක් තරණය කරමින් රන් පදක්කම දිනා ගත්තේ ඇගේ හොඳම පෞද්ගලික කාලය ද වාර්තා කරමින්. 

ඉසව්වේ ජාතික වාර්තා වන මීටර් 6.43 ආසන්නයටම ගිය ඇය විදූෂාට ද ආඩම්බරයක් වෙමින් ඉසව්ව අවසන් කිරීම සතුටට කරුණක්. 

එමෙන්ම මේ දක්වා ආදේශක ක්‍රීඩිකාවන් (ප්‍රථම දිනයේ දී නිමාලි ලියනාරච්චි වෙනුවට ආදේශ කළ නිලානි රත්නායක) ලෙස තරග කළ ක්‍රීඩිකාවන් දෙදෙනාම රන් පදක්කම් දිනා ගැනීම විශේෂත්වයක්.

දුර පැනීම ඉසව්වේ රිදී පදක්කම ද ශ්‍රී ලංකා ආධිපත්‍යයට නතු වූයේ අංජානි පුල්වංශ මීටර් 6.11ක දුරක් වාර්තා කරමින් ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමත් සමඟයි. එම දක්ෂතාව ඇගේ ද හොඳම පෞද්ගලික දක්ෂතාව විය. 

අංජානි (වම) සහ සාරංගි (දකුණු) ජයග්‍රහණය සරමින්.

හැටන් ප්‍රදේශයෙන් කොළඹට පැමිණ අහම්ඹෙන් මලල ක්‍රීඩාව වැළඳ ගත් කුමාර් ශන්මුගේෂ්වරන් මීටර් 10,000 ඉසව්ව නියෝජනය කරමින් රිදි පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනේ දිනයේ පළමු ශ්‍රී ලංකා පදක්කමට හිමිකම් කියමින්. ශන්මුගේෂ්වරන්ගේ හොඳම පෞද්ගලික කාලය ලෙස දැක්වෙන්නේ මිනිත්තු 30:3038ක කාලයක්.

ඉසව්වේ ප්‍රථම ස්ථානය ඉන්දීය ක්‍රීඩක සුරේෂ් කුමාර් (මිනිත්තු 29:33.61) විසින් ජයග්‍රහණය කරද්දී, නේපාලයේ දීපක් අධිකාරි (මිනිත්තු 30:50.06) විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා. 

SAG2019 – ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ප්‍රබලයෝ තරග වදින කාලසටහන මෙන්න

13 වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය………….

කෙසේ නමුත් මෙම ඉසව්ව සඳහා දිගු දුර ධාවන ශූර PMS පුෂ්පකුමාර සහභාගී වීමට නියමිතව තිබුණු නමුත් ඔහු ඉසව්ව සඳහා සහභාගී  වී සිටියේ නැහැ. එමෙන්ම ඉසව්ව සඳහා සහභාගී වීමට නියමිතව සිටි උපුල් කුමාර රෝහල් ගත කර ඇති නිසාවෙන් ඉසව්ව සඳහා සහභාගී වූයේ නැහැ.

රන් පදක්කම ජයග්‍රහණය කළ ශන්මුගේෂ්වරන්

දිනයේ තෙවැනි රිදි පදක්කම වාර්තා වුනේ මීටර් 200 ඉසව්වෙනි. එම ඉසව්ව සඳහා සහභාගී වුන විනෝජ් සුරංජය තත්පර 21.19ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ දෙවැනියා බවට පත්විය. ඔහුගේ හොඳම පෞද්ගලික කාලය ලෙස දැක්වෙන්නේ තත්පර 20.68කි. කෙසේ නමුත් ඊයේ පැවති මීටර් 100 ඉසව්වේ දී ඔහු එතරම් සාර්ථක ලෙස දක්ෂතා අතරට පිවිසියේ නැත.

>> අද දිනයේ ඡායාරූප ඇල්බමය සඳහා මෙතැනින් පිවිසෙන්න <<

පාකිස්තාන ක්‍රීඩක උසෙයිර් රෙහ්මාන් තත්පර 21.15ක කාලයක් වාර්තා කරමින් මීටර් 200 ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරද්දී, මාලදිවයින් ක්‍රීඩක සයිඩ් හසන් තත්පර 21.22 කාලයකින් තෙවැන්නා බවට පත්විය.

විනෝජ් සුරංජය

එමෙන් මීටර් 200 කාන්තා ඉසව්ව සඳහා සහභාගී වූ ශර්මිලා ජාන් සහ අමාෂා ද සිල්වා පදක්කම් රහිතව ඉසව්ව නිමා කළා. ඔවුන් දෙදෙනා විසින් ජයග්‍රහණය කළේ ඉසව්වේ සිව්වැනි සහ පස්වැනි ස්ථානයයි. 

එහි දී ශර්මිලා විසින් තත්පර 24.37ක කාලයක් ද, අමාෂා විසින් තත්පර 24.54ක කාලයක් ද වාර්තා කළ අතර මේ ඔවුන් දෙදෙනා වාර්තා කළ හොඳම පෞද්ගලික කාලය වීම ඔවුන් දෙදෙනා පෞද්ගලිකව ලද විශාල ජයග්‍රහණයකි.

කෙසේ නමුත්, මෙම ඉසව්වේ රන් පදක්කම් බලාපොරොත්තුවක් වූ නදීෂා රාමනායක උණ රෝගයක් නිසාවෙන් රෝහල්ගත කර ඇති නිසාවෙන් ඉසව්වට සහභාගී නොාවීම කනගාටුවට කරුණක්. 

SAG2019 – ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු කිහිපයක් රෝහල්ගත කෙරේ

මීටර් 200, මීටර් 400 සහ මීටර් 400×4 යන ඉසව් නියෝජනය ……….

දිනයේ මලල ක්‍රීඩාවෙන් වාර්තා වූ එකම ලෝකඩ පදක්කම වාර්තා වූයේ කවපෙත්ත විසිකිරීම ඉසව්වෙනි. මීටර් 41.29ක දුරක් දක්වා කවපෙත්ත විසිකරමින් ඉෂාරා මධුරංගි තෙවැනි ස්ථානය දිනා ගන්නට සමත් විය.

කෙසේ නමුත් පිරිමි දුර පැනීම ඉසව්ව නියෝජනය කළ අමිල ජයසිරි සහ ගයාන් සම්පත් පදක්කම් රහිතව ඉසව්ව අවසන් කරන ලදි. 

ඒ අනුව අද දිනයේ මලල ක්‍රීඩා තරග නිමා වන විට ශ්‍රී ලංකාව රන් පදක්කම් 2ක්, රිදි පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 3ක් සමඟින් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.

තරගාවලියේ මලල ක්‍රීඩා තරග හෙටත් (05) පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලුම පුවත්, තරග වාර්තා, ඡායාරූප, වීඩියෝ සහ තවත් දෑ සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<