13 වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය (SAG) අද (01) නේපාලයේ කත්මන්ඩු හිදී ආරම්භ වීමට නියමිතයි. දකුණු ආසියානු රටවල් වන ඉන්දියාව, නේපාලය, පාකිස්තානය, මාලදිවයින, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව හා භූතානය යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩ්කාවන් 10,000කට අධික පිරිසක් මෙම තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිතය. 

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තරග කාලසටහන නිකුත් වෙයි

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල එළඹෙන දෙසැම්බර් මස 1 සිට නේපාලයේ කත්මන්ඩු හිදී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ තරග ඉසව් 30ක් පැවැත්වෙන අතර එහි වැඩිම පිරිසක් සහභාගි වන හා වැඩිම අවධානයක් දිනා ඇති තරග ඉසව්ව ලෙස මලල ක්‍රීඩා තරග හැදින්විය හැක. කාන්තා හා පිරිමි යන කාණ්ඩ යටතේ තරග ඉසව් 18ක් මෙම මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ඇතුළත්ව ඇත. දෙසැම්බර් මස 03 වැනිදා සිට දෙසැම්බර් මස 07 වැනිදා දක්වා දින 4ක් මෙම තරගාවලිය කත්මන්ඩු හි දසරත් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. 

මලල ක්‍රීඩා තරගාවලියේ එක් එක් තරග ඉසව් පැවැත්වෙන දිනයන්, වේලාවන් හා එක් එක් තරග ඉසව් සඳහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහත පරිදි වේ.

දිනය වේලාව තරග ඉසව්ව අංශය තරග ස්වාභාවය සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්
දෙසැම්බර් 3 පෙරවරු 8:45 මීටර් 100 පිරිමි මූලික තරග W .K. හිමාශ ඒශාන්
M. විනෝජ් සුරංජය ද සිල්වා
පෙරවරු 9:05 මීටර් 100 කාන්තා මූලික තරග W.V.L. සුගන්ධි
D.T. අමාශා ද සිල්වා
පෙරවරු 9:15 මීටර් 400 පිරිමි මූලික තරග S. අරුණ දර්ශන
A.M.L.P. ගුණරත්න
පෙරවරු 9:30 මීටර් 400 කාන්තා මූලික තරග නදීශා රාමනායක
E.K. මධුශානි
පෙරවරු 9:45 මීටර් 1500 පිරිමි අවසන් තරග M.M කුපුන් ක්‍රිශාන්ත
R.A. සජීව ලක්මාල්
පෙරවරු 10:00 මීටර් 1500 කාන්තා අවසන් තරග G.T.A. අබේරත්න
පෙරවරු 10:15 යගුලිය පිරිමි අවසන් තරග W. සමිත් ප්‍රනාන්දු
R සමිත ජයවර්ධන
පෙරවරු 11:15 යගුලිය කාන්තා අවසන් තරග W.T.K. ප්‍රනාන්දු
N.M.D. මුතුනායක
පෙරවරු 10:30 මීටර් 110 කඩුලු පිරිමි මූලික තරග රොහාන් රණතුංග
K.P.H. නිර්මාල්
පෙරවරු 10:45 මීටර් 100 කඩුලු කාන්තා මූලික තරග W.V.L. සුගන්ධි
R.A.I.S. ‍රාජසිංහ
දෙසැම්බර් 4 පෙරවරු 08:45 මීටර් 5000 පිරිමි අවසන් තරග R.M.S. පුශ්පකුමාර
W.V.M.U. කුමාර
පෙරවරු 9:05 මීටර් 5000 කාන්තා අවසන් තරග U.K.N. රත්නායක
H.M.N. නන්දසේන
පෙරවරු 9:30 මීටර් 100 පිරිමි අවසන් තරග
පෙරවරු 9:45 මීටර් 100 කාන්තා අවසන් තරග
පෙරවරු 9:45 උස පැනීම පිරිමි අවසන් තරග උශාන් තිවංක පෙරේරා
P.S. තාරුක
පෙරවරු 10:45 උස පැනීම කාන්තා අවසන් තරග D.K. රණසිංහ
S.M.M. මධුශානි
පෙරවරු 10:45 මීටර් 400 පිරිමි අවසන් තරග
පෙරවරු 10:55 මීටර් 400 කාන්තා අවසන් තරග
පෙරවරු 11:15 මීටර් 110 කඩුලු පිරිමි අවසන් තරග
පෙරවරු 11:30 මීටර් 100 කඩුලු කාන්තා අවසන් තරග
දෙසැම්බර් 5 පෙරවරු 8:45 මීටර් 800 පිරිමි මූලික තරග H.E.M.I.G. ඉඳුනිල් හේරත්
G.R. චතුරංග
පෙරවරු 9:00 මීටර් 800 කාන්තා මූලික තරග K.G.D.M.S. කුමාරසිංහ
පෙරවරු 9:15 මීටර් 200 පිරිමි මූලික තරග විනෝජ් සුරංජය ද සිල්වා
A.S.M. සෆාන්
පෙරවරු 9:30 මීටර් 200 කාන්තා මූලික තරග ශර්මිලා ජෑන්
නදීශා රාමනායක
පෙරවරු 9:30 කවපෙත්ත පිරිමි අවසන් තරග S.P.J. බන්දුල
පෙරවරු 10:30 කවපෙත්ත කාන්තා අවසන් තරග A.H.V.V. ලක්මාලි
A.I.M.P. පෙරේරා
පෙරවරු 10:30 දුර පැනීම පිරිමි අවසන් තරග අමිල ජයසිරි
J.H.G. සම්පත්
පෙරවරු 11:30 දුර පැනීම කාන්තා අවසන් තරග H.D. විදූශා ලක්ශානි
අන්ජනී පුල්වංශ
පෙරවරු 11:30 මීටර් 400 කඩුලු පිරිමි මූලික තරග අසංක රත්නසේන
පෙරවරු 11.45 මීටර් 400 කඩුලු කාන්තා මූලික තරග E.K. මධුශානි
N.G.D.N. ලක්මාලි
දෙසැම්බර් 6 පෙරවරු 8:45 මීටර් 10000 පිරිමි අවසන් තරග W.V.M.U. කුමාර
K. ශාන්මුගේශ්වරම්
පෙරවරු 9:30 මීටර් 10000 කාන්තා අවසන් තරග හිරුණි විජයරත්න
A.N.L. ආරියදාස
පෙරවරු 10:15 මීටර් 800 පිරිමි අවසන් තරග
පෙරවරු 10:20 මීටර් 800 කාන්තා අවසන් තරග
පෙරවරු 10:45 මීටර් 400 කඩුලු පිරිමි අවසන් තරග
පෙරවරු 11:00 මීටර් 400 කඩුලු කාන්තා අවසන් තරග
පෙරවරු 11:15 මීටර් 4*100 සහය දිවීම පිරිමි අවසන් තරග හිමාශ ඒශාන්
විනෝජ් සුරංජය ද සිල්වා
යුපුන් අබේකෝන්
B.D.C.S. ධර්මකීර්ති
Y.C.M. යෝධසිංහ
පෙරවරු 11:25 මීටර් 4*100 සහය දිවීම කාන්තා අවසන් තරග W.V.L. සුගන්ධි
අමාශා ද සිල්වා
ශර්මිලා ජෑන්
සාරංගි සිල්වා
සදීපා හෙන්ඩර්සන්
දෙසැම්බර් 7 පෙරවරු 7.15 මැරතන් පිරිමි/කාන්තා අවසන් තරග W.M.S. කුමාර
ධම්මික අරුණසිරි
හිරුණි විජයරත්න
මධුමාලි පෙරේරා
පෙරවරු 8:45 මීටර් 200 පිරිමි අවසන් තරග
පෙරවරු 9:00 මීටර් 200 කාන්තා අවසන් තරග
පෙරවරු 9:00 තුන් පිම්ම පිරිමි අවසන් තරග සෆ්‍රීන් අහමඩ්
ශ්‍රේශාන් ධනංජය
පෙරවරු 9:00 හෙල්ල විසි කිරීම පිරිමි අවසන් තරග R.M.S.J. රණසිංහ
R.P.W.L. දයාරත්න
පෙරවරු 10:00 තුන් පිම්ම කාන්තා අවසන් තරග විදූශා ලක්ශානි
B.M.P.H. බාලසූරිය
පෙරවරු 10:00 හෙල්ල විසි කිරීම කාන්තා අවසන් තරග නදිකා ලක්මාලි
H.L.N.D. ලේකම්ගේ
පෙරවරු 11:15 මීටර් 4*400 සහය දිවීම පිරිමි අවසන් තරග අරුණ දර්ශන
A.M.L.P. ගුණරත්න
R.M.R.N. රාජකරුණා
H.M. දිලීප් රුවන්
Y.M.W.S.A. ගුණරත්න
පෙරවරු 11:25 මීටර් 4*400 සහය දිවීම කාන්තා අවසන් තරග නදීශා රාමනායක
E.K. මධුශානි
K.G.D.M.S. කුමාරසිංහ
N.G.D.N. ලක්මාලි
M.O. උදයංගනී

* සියලුම වේලාවන් ශ්‍රී ලංකා වේලාවෙන් සඳහන් කර ඇත.

SAG යන්න කලින් යෝග්‍යතාව පිරික්සයි

නේපාලයේ කත්මන්ඩු අගනුවර දී පැවැත්වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (SAG) සඳහා තවත් ඉතිරිව……………

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<