මාලින්දගෙන් අමුතු දක්ෂතාවක්

64

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ ඊයේ (13) B කාණ්ඩයේ තරග 3ක් පැවති අතර එහි දී සී. සී. සී. කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර ප්‍රතිවාදී ඉනිමේ දවා ගැනීම් 9කට දායක වීම කැපී පෙණුනි.

එංගලන්තයේ ශ්‍රී ලංකා සංචාරයටත් කොරෝනා හරස් වෙයි

මේ දිනවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝන වයිරසය නිසාවෙන් ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකාවේ…

යුද හමුදාව සහ සී. සී. සී.

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 233ක් ලබා ගත්හ.

ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි සී. සී. සී. ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 60ක් ලබා සිටියහ.

මෙම තරගයේ දී සී. සී. සි. කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර ලකුණු 85කට කඩුලු 8ක් දවා ගත් අතර තවත් දවා ගැනීම් 3කට ද දායක වෙමින් කැපී පෙනෙන මෙහෙවරක නිරත විය. ඒ අනුව ඔහුගේ නම ලකුණු සටහන් පතේ ක්‍රීඩකයන් දැවී ගිය ස්ථාන 9කම ලියැවිණි.

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (69.2) අශාන් රන්දික 27, ලක්ෂාන් එදිරිසිංහ 69, දුශාන් විමුක්ති 33, අසේල ගුණරත්න 37, ගිහාන් කෝරළගේ 29, මාලින්ද පුෂ්පකුමාර 6/85, අශාන් ප්‍රියංජන් 3/43

සී. සී. සී.; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 60 (18) සොනාල් දිනූෂ 23, දුෂාන් විමුක්ති 3/17

තෝමසුවෝ තරගයේ පාලනය අත නොහරී

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 141 වැනි නිල් මහා සටනේ දෙවැනි දිනයට…


මුවර්ස් සහ එස් .එස්. සී.

මුවර්ස් ක්‍රීඩා පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 284ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් මුවර්ස් ක්‍රීඩකයෝ පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 119ක් ලබා සිටියහ.

එස්. එස්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 284 (62.1) සඳුන් වීරක්කොඩි 53, නුවනිඳු ප්‍රනාන්දු 43, චරිත් අසලංක 60, සම්මු අශාන් 24, ආකාශ් සේනාරත්න 37, තරිඳු රත්නායක 24, කවිශ්ක අංජුල 2/56, සචිත්‍ර සේරසිංහ 2/57, අයන සිරිවර්ධන 3/51, ප්‍රවීන් ජයවික්‍රම 3/47

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 119 (27) දිනුක ඩිල්ශාන් 36, පබසර වඩුගේ නොදැවී 64

එංගලන්තයේ ශ්‍රී ලංකා සංචාරයටත් කොරෝනා හරස් වෙයි

මේ දිනවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝන වයිරසය නිසාවෙන් ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකාවේ දී…


කෝල්ට්ස් සහ මීගමුව

කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මීගමු ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 294ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කෝල්ට්ස් ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 4ක් ලබා සිටියහ.

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 294 (82.1) පසිඳු ලක්ෂාන් 22, මාධව වර්ණපුර 73, රොස්කෝ තට්ටිල් 26, ලක්ෂිත මනසිංහ 65, උපුල් ඉන්ද්‍රසිරි 29, නිසල තාරක 3/56, ඩිල්ශාන් මධුශංක 2/30, අකිල ධනංජය 2/87

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 4 (1)

මෙම තරග අද (14) දෙවැනි දිනයට පැවැත්වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<