SAG – ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු කිහිපයක් රෝහල්ගත කෙරේ

159

මීටර් 200, මීටර් 400 සහ මීටර් 400×4 යන ඉසව් නියෝජනය කරමින් මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන නදීෂා රාමනායක ඊයේ (03) නේපාලයේ කත්මණ්ඩු අගනුවර රෝහලක් වෙත ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.

SAG2019 – නිලානි රන් පදක්කමට දිව යද්දී හිමාෂට නූලෙන් රන් අහිමි වේ

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා …….

ඒ තරගාවලිය පුරාම ඇය පෙළුණ උණ රෝගයක් හේතුවෙනි. කණ්ඩායමේ සිටින ප්‍රබල ක්‍රීඩිකාවක් වන ඇය රන් පදක්කම් දිනා ගනිවී යැයි අපේක්ෂාවෙන් පසුවූයේ පසුගිය දා පැවති යෝග්‍යතා සැසියේ දී පවා ඇය දැක්වූ විශිෂ්ට දක්ෂතා නිසාවෙනි. කෙසේ නමුත් නදීෂා වෙනුවට අමාෂා ද සිල්වා මීටර් 200 ඉසව්ව සඳහා සහභාගී වීමට නියමිතයි.

ඇයට අමතරව මීටර් 10,000 ඉසව්ව නියෝජනය කරන උපුල් කුමාර ද රෝහල් ගත කර ඇත. එම ඉසව්ව සඳහා ආර්. එම්. එස්. පුෂ්පකුමාර සහභාගී වනු ඇත.

විදූෂා ලක්ෂානි ද පසුගිය දා රෝගාතුරව සිටි අතර තවමත් ඇය නිසි සෞඛ්‍ය තත්වයක පසුනොවන නිසාවෙන් තුන් පිම්ම ඉසව්ව සඳහා ඇයව විවේක ගන්වමින් ඇය සහභාගී වන දුර පැනීමේ ඉසව්ව සඳහා සුරංගි සිල්වා ආදේශ කිරීමට නිලධාරීන් තීරණය කර ඇත.

SAG2019 – ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ප්‍රබලයෝ තරග වදින කාලසටහන මෙන්න

13 වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය …….

කෙසේ නමුත් ThePapare.com මෙම සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නේ ශ්‍රී ලංකාවට කෙසේ හෝ පදක්කම් ගෙන එන්නට ඔවුන්ට හැකි වේවා යන සුබ පැතුම ද සමඟින්.

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<