කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්

වමතින් පිත්ත හසුරුවන මැදපෙළ පිතිකරුවෙකු වන ලහිරු තිරිමාන්න නිමා වූ ටෙස්ට් තරග කිහිපය තුල දී ම අපරීක්ෂාකාරී ලෙස පිතිකරණයේ නිරත වීම නිසා ඔහු වෙනුවට වෙනත් පිතිකරුවෙක් කණ්ඩායමට ඇතුළත් වීමට බොහෝ ඉඩකඩක් ඇත.
සම්පූර්ණ වාර්තාව: තෙවන ටෙස්ට් තරගයෙන් තිරිමාන්න ඉවතට?
නුවනිදු ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

ඉන්දීය බ්ලූ කණ්ඩායම – 203/10 (46.3): ඕම් බෝස්ලේ 49, ශිවාම් මාවී 44, මන්ජොට් කල්රා 33, මනෝජ් භන්දාගේ 30, හේශාන් හෙට්ටිආරච්චි 2/26, හරීන් බුද්ධිල 2/43.
ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම – 204/4 (44.2): නුවනිදු ප්‍රනාන්දු 91, නිපුන් දනංජය 65*, විශ්ව චතුරංග 27, ශිවාම් මාවී 2/40.
මෙම තරගාවලියේ අවසන් මහා තරගය ලබන සෙනසුරාදා (2) ද මේ කණ්ඩායම් දෙක අතර පැවැත්වීමට නියමිතයි.
සම්පූර්ණ වාර්තාව: නුවනිදුගේ පිතිකරණයෙන් ඉන්දියාව බලාපොරොත්තු අත්හරී
වොලිබෝල් තරග කල්යයි

අදාළ තරග දෙසැම්බර් 2 වැනිදා සහ 3 වැනිදා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තීරණය කර තිබුණ ද, විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය දැනුම් දී සිටියේ, අදාළ තරග දෙසැම්බර් 9 වැනිදා දක්වා කල් දමා ඇති බවයි.
වයස අවුරුදු 22න් පහළ හා විවෘත ලෙස කාණ්ඩ දෙකක් ඔස්සේ කාන්තා හා පිරිමි කණ්ඩායම් 100ක් පමණ තරග වදින ඩයලොග් ජනාධිපති කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ තරග ඒ අනුව දෙසැම්බර් මස 9 හා 10 ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩා පිටියේ දී ම පැවැත්වෙනු ඇත.
සම්පූර්ණ වාර්තාව: අයහපත් කාලගුණයෙන් තරග කල් යයි





















