අයහපත් කාලගුණයෙන් තරග කල් යයි

190
Dialog President volleyball

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය නිසාවෙන් ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ තරග කල් දැමීමට ශ්‍රී ලංකා  වොලිබෝල් සංගමය තීරණය කර ඇත.

ජාතික පුහුණුකරුවෙකු රිය අනතුරකින් මිය යයි

ශ්‍රී ලංකා ජාතික වෙරළ වොලිබෝල් සංචිතයේ පුහුණුකරු ලෙස සේවය කළ ඩබ්. ඒ. ප්‍රසන්න..

අදාළ තරග දෙසැම්බර් 2 වැනිදා සහ 3 වැනිදා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තීරණය කර තිබුණ ද, විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය දැනුම් දී සිටියේ, අදාළ තරග දෙසැම්බර් 9 වැනිදා දක්වා කල් දමා ඇති බවයි.

වයස අවුරුදු 22න් පහළ හා විවෘත ලෙස කාණ්ඩ දෙකක් ඔස්සේ කාන්තා හා පිරිමි කණ්ඩායම් 100ක් පමණ තරග වදින ඩයලොග් ජනාධිපති කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ තරග ඒ අනුව දෙසැම්බර් මස 9 හා 10 ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩා පිටියේ දී ම පැවැත්වෙනු ඇත.

මීට පෙරාතුව තරගාවලිය පවත්වන ස්ථානයේ වෙනසක් සිදු කිරීමට වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබුණු අතර එහි දී රත්නපුර නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ අදාළ තරග ඇඹිලිපිටියේ පැවැත්වීමට තීරණය කරන ලදි.

 >> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<