තෙවන ටෙස්ට් තරගයෙන් තිරිමාන්න ඉවතට?

781

ඉන්දු – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය පසුගිය දා අවසන් නිමා වූයේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල ලබාගත් දරුණුතම පරාජයක් ශ්‍රී ලංකාවට උරුමකර දෙමිනි. ඒ නිසා මෙම තරගාවලියේ තෙවන හා අවසන් ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් කිහිපයක්ම වෙනු ඇතැයි ඉන්දියාවේ දිල්ලි නුවරින් වාර්තා වෙයි.

ජෙෆ්රි වැන්ඩර්සේට අවස්ථාවක්

දකුණතින් පා දඟපන්දු යවන යොවුන් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ දිල්ලි හිදී ආරම්භ වන ඉන්දු – ශ්‍රී ලංකා තෙවන හා අවසන් ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවනු ඇතැයි ThePapare.com වෙත වාර්තා වේ.

කොන්ද ආශ්‍රිතව ඇතිවූ ආබාධයක් නිසා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ඊයේ (30) නැවතත් ශ්‍රී ලංකාව බලා පැමිණි අතර, ඒ වෙනුවට දඟපන්දු යවන යොවුන් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ දිල්ලි නුවරට පිටත්ව යන බව දැන ගන්නට ලැබේ. තවද වමතින් පිත්ත හසුරුවන මැදපෙළ පිතිකරුවෙකු වන ලහිරු තිරිමාන්න නිමා වූ ටෙස්ට් තරග කිහිපය තුල දී ම අපරීක්ෂාකාරී ලෙස පිතිකරණයේ නිරත වීම  නිසා ඔහු වෙනුවට වෙනත් පිතිකරුවෙක් කණ්ඩායමට ඇතුළත් වීමට බොහෝ ඉඩකඩක් ඇත.

නිමා වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරයේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ උපනායකත්වය දැරූ තිරිමාන්න, පාකිස්තානය සමඟින් අබුඩාබි නුවර පැවැත්වූ පළමු ටෙස්ට් තරගයේ දී ඉනිම ද්විත්වය තුලම ලබාගෙන ඇත්තේ ලකුණු 7ක් පමණි. පසුව ඩුබායි නුවර පැවැත්වූ දෙවන ටෙස්ට් තරගය තිරිමාන්න හට අහිමි වී ගියේ ආබාධයකට ලක්වීම නිසාවෙනි.

Easy to work with Chandika Hathurusingha – Thisara Perera

Newly-appointed Sri Lanka ODI & T20I captain Thisara Perera expressing his willingness to work with Chandika Hathurusingha who is set to take over as the national cricket coach in January 2018.

ඉන්දීය සංචාරය ආරම්භ කරමින් කල්කටා හි පැවැත්වූ පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම තුල කෙසේ හෝ අර්ධ ශතකයක් ලබා ගැනීමට තිරිමාන්න සමත් වුවත්, නාග්පූර් හි පැවැත්වූ දෙවන ටෙස්ට් තරගයේ දැවී ගිය ආකාරය අනුව ඔහුගේ පිතිකරණය යළිත් ගැටලුකාරී තත්වයකට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ.

තරංගගේ ඔටුන්න වෙනත් අයෙක්ට

දෙසැම්බර් මස 10 වනදා ආරම්භ වන ඉන්දු ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට, තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා පත් කර ඇත….

“අංක 3 ස්ථානය කණ්ඩායමක පිතිකරණ ලැයිස්තුවේ තිබෙන වැදගත්ම ස්ථානයක්. සමහර විට තරගයේ පළමු පන්දුවාරය තුල දී ම පිතිකරණය සඳහා පිටියට යාමට සිදු වේවි. එසේ නැතිනම් ක්‍රීඩාගාරය තුල කාලච්ඡේද දෙකක් තුනක් ගත කිරීමට සිදු වන තැනක්. ඒ නිසා මේ වෙනස්කම්වලට ඕනෑම මොහොතක හැඩගැසීමට අවශ්‍ය මානසිකත්වය මෙම ස්ථානයේ ක්‍රීඩා කරනු ලබන පිතිකරුට තියෙන්නට ඕන.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා Cricbuzz වෙබ් අඩවියට පවසා ඇත.

ඒ නිසා නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් අතරට පැමිණි මුල්පෙළ පිතිකරු ධනංජය සිල්වා, තිරිමාන්න වෙනුවට ධනංජය දිල්ලි හිදී පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් ඇත.

  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<